Loading...
WhatsApp chat history එක iOS සහ Android අතර සංක්‍රමණය කිරීමේ හැකියාව ලබා දීමට Facebook ආයතනය සූදානම් වේ

අද අපි මේ කතා කරන්නේ කාලයක් තිස්සේ ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් ගැන. මීට පෙර ඉදන්ම අපි ඔබ වෙත විටින් විට තොරතුරු ගෙන ආවා උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව ලබා දිමට කටයුතු කරමින් සිටින බව. ඒ අනුව ඔවුන් මිට පෙර උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව අත්හදා බැලිමට කටයුතු කරනු ලැබුවා.

ඉදිරියේ දි ලබා දිමට නියමිත මේ උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව ලබා දිමට අවශ්‍ය මුලික කටයුතු මේ වෙන විට Facebook ආයතනය විසින් සිදු කරමින් සිටිනවා. මේ අනුව පසුගිය දිනක WhatsApp desktop app එක සඳහා audio සහ video ඇමතුම් ලබා ගැනීමේ පහසුකම නිල වශයෙන් ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

මෙලෙස උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව ලැබුණු පසු වෙනස්ම WhatsApp අත්දැකිමක් ලබා ගැනිමට හැකි වෙනු බව නිසකයි. මේ මගින් WhatsApp Web හෝ Desktop App ඔබගේ Device එක අන්තජාලයට සම්බන්ධව නොමැති අවස්ථාවක වුවද භාවිත කිරිමට ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔබගේ WhatsApp ගිණුම Devices කිහිපයකින් භාවිත කිරිමේ හැකියාවත් මේ සමග ලැබෙනවා.

ඒ අනුව ඉදිරි WhatsApp Beta Version එකක් සදහා Facebook ආයතනය විසින් iOS හා Android Devices අතර Chat History එක Migrate කිරිමේ හැකියාව ලබා දෙනු ඇත. කෙසේ වෙතත් මේ පහසුකම ලබා ගැනිමට නම් ඔබ නිල WhatsApp App එක භාවිත කළ යුතු වෙන අතර එසේ නොමැතිව තව දුරටත් WhatsApp Plus හා GB WhatsApp වැනි Mod WhatsApp Apps භාවිත කරන්නේ නම් ඔබගේ WhatsApp ගිණුම ඉදිරියේ දි “Temporarily banned” වෙනු ඇත. ඒ වගේම ඔබ මෙවැනි Unofficial App එකක් දැනට භාවිත කරනවා නම් නිල WhatsApp App එක වෙත මාරැ වෙන ආකාරයත් WhatsApp Beta Info වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

මේ Feature Update එක ලබා දිමට නම් ඔබේ WhatsApp ගිණුම iOS හා Android Devices Link කිරිමේ හැකියාව ලබා දිය යුතු වෙනවා. මෙහි මුලික පියවරක් විදිහට iOS හා Android Devices අතර Chat History එක Migrate කිරිමේ හැකියාව ලබා දිමට මේ වෙන විට සුදානමින් සිටිනවා.

ඒ අනුව මේ Beta Version Update එක ලැබුන පසු iOS Device එකක සිට Android Device එකක් වෙත මෙන්ම Android Device එකක සිට iOS Device එකක් වෙත ද ඔබේ WhatsApp Chat History එක Migrate කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් මේ Chat History Migration පහසුකම සහිත Beta Version Update එකක් හෝ Stable Version Update එකක් ලබා දෙන කාලයක් පිළිබඳව නම් නිවේදනය කර නොමැති වෙනවා.

Source: WABetaInfo