Loading...
Elon Muskගේ කීමට Signal වලට මාරු වෙන්න කලින් WhatsApp, Telegram සහ Signal වල security features පැහැදිලිව සසඳමු

අපි අපේ කලින් ලිපියෙන් WhatsApp, Telegram හා Signal කියන Messaging Service වල හිමිකාරිත්වය ගැන තොරතුරු ගෙන ආවා.

අපි මේ ලිපියෙන් බලමු මේ Messaging Services තුනේ ආරක්ෂාව පිළිබඳව.

WhatsApp

‌‌Whatsappහි සදහන් කල යුතුම දෙයක් තමා එහි සැමට විමට ක්‍රියාත්මක වෙන end-to-end encryption Feature එක. එනම් මේ තුලින් අප සිදු කරන Messages, Video Calls, Voice Calls හා Photos ආදි සැම දෙයක්ම End-to-end encryption කර තිබෙනවා. එනම් මේ Feature එක නිසා ඔබ යවන ඕනැම පණිවිඩයක් කියවිය හැකි පුද්ගලයා වෙන්නේ ඔබ හා එම පණිවිඩය ලබන්නා පමණක් වෙනවා.

මේ End-to-end Encryption නිසා WhatsApp හට වුවද Messages, Calls, Photos හා Video ආදිය Decrypt කල නොහැකි වෙනවා. ඒ මගින් ඔබේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සහතික කල හැකි වෙනවා. කෙ⁣සේ වෙතත් WhatsApp හි සිදු කරන Backup (Cloud හෝ Local) කිසි විටෙක Encrypt විමක් සිදු වෙන්නේ නැ. WhatsAppහි පෞද්ගලිකත්වය සුරකිම සදහා ලබා දුන් තවත් Feature එකක් විදිහට Disappearing Messages Feature එක දක්වන්න පුළුවන්.

මිට අමතරව WhatsApp Messaging App එක මගින් App Lock Feature එකක් Android හා iOS Versions සදහා ලබා දි තිබෙනවා. මෙහිදි WhatsApp App එක Biometric Lock පහසුකමත් ලබා දි තිබෙනවා. එමෙන්ම අවශ්‍ය නම් Two Factor Authentication පහසුකමත් ලබා ගත හැකියි.

Telegram‌‌

WhatsApp සමග සැසදිමේදි නම් Telegram මගින් ලබා දෙන Security Features ගැන නම් ටිකක දුරට සැහිමකට පත් වෙන්න අමාරැයි. හැබැයි 2021 WhatsApp Privacy Policy එක නිසා නම් අපිට Telegram පැත්තට අවධානය යොමු කරන්න වෙනවා.

WhatsApp වල වගේම Telegram Messaging Service එකෙත් End-to-end Encryption Feature එක පවතින අතර හැබැයි මෙය සැම විටම ක්‍රියාත්මක වෙන්නේ නැ. අපිට මේ End-to-end Encryption Feature එකත් සමගින් පණිවඩ හුවමාරැ කර ගැනිමට අවශ්‍ය නම් Telegramහි පවතින Secret Chat Feature එක භාවිත කල යුතුම වෙනවා.

Telegramහි Secret Chat End-to-end Encryption කර තිබුණත් සාමාන්‍ය Chats කිසිවක් End-to-end Encryption වෙන්නේ නැත. ඒ වගේම Telegram Group සදහාත් End-to-end Encryption ක්‍රියාත්මක වෙන්නේ නැ. Telegram App එකටත් WhatsApp එකට වගේම සාමාන්‍ය App Lock එකක් පවතිනවා.

Signal‌‌

Signal කියන්නේ WhatsApp Messaging Service එක වගේම සියලුම Messaging සදහා End-to-end Encryption Feature එක භාවිත කරන Messaging Service එකක් කිවොත් නිවරදයි. ඒ වගේම මෙහි End-to-end Encryption සදහා භාවිත වෙන්නේ Open-source Signal Protocol එකක්.

WhatsApp සමග සැසදිමේදි Message Encrypt කිරිම අතින් Signal එක් පියවරක් ඉදිරියෙන් සිටිනවා. එනම් Signal Messaging Service එක මගින් එහි Metadataත් Encrypt කිරිම සිදු කරනවා. ඒ වගේම පෞද්ගලිකත්වය සුරකිම සදහා Signal Messaging Service එක Sender හා Recipient අතර සන්නිවේදන කිරිම සදහා නව ක්‍රමයක් හදුන්වා දි තිබෙනවා. එය Sealed Sender නමින් හදුන්වනවා. මේ මගින් පණිවිඩ යවන්නේ, පණිවඩ ලබන්නේ කවුරැද කියා Signal හට වුවද දැන ගැනිමට හැකි වෙන්නේ නැත.

මේ සදහාත් Passcode හෝ Biometrics App Lock Feature එකක් ලබා දි තිබෙනවා. එමෙන්ම Two Factor Authentication පහසුකම වගේම අවශ්‍ය නම් Block Screenshots පහසුකමත් භාවිත කරන්න පුළුවන්. මැතකදි Signal විසින් Image වල මුහුණු බොද කර යැවිමේ Feature එකක්ද හදුන්වා දි තිබෙනවා.


WhatsApp, Telegram හා Signal Messaging Service වල Security Features සැසදිම මගින් මේ වන විට අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි භාවිතයට සුදුසුම Messaging App එක මොකක්ද කියල අදහසක් ගැනිමට හැකි වෙන බව නිසකයි.

මේ Messaging Service තුනේ Features මොනවද කියන අපේ ඊලඟ ලිපියත් එක්ක අපි මුණ ගැහෙමු.