Loading...
WhatsApp භාවිතා කිරීමේදී එය end-to-end encryption භාවිතා කරන බවට පරිශීලකයන්ට දැනුම් දීමේ නව පහසුකමක් නුදුරේදී​ම

WhatsApp සදහා 2016 දි End-to-end Encryption Feature එක හදුන්වා දුන් අතර එය Whatsapp හි පවතින ප්‍රධාන විශේෂාංගයක් වශයෙන් හදුන්වා දෙන්න පුළුවන්. ආරම්භයේදි Whatsapp Chats සදහා පමණක් End-to-end Encryption Feature එක ලබා දි තිබු අතර මේ වසරේදි Whatsapp Chat Backups සදහාත් මේ End-to-end Encryption Feature එක ලබා දෙන්න Meta සමාගම (එකල Facebook සමාගම) විසින් කටයුතු කරනු ලැබුවා.

WhatsApp හි නිල Blog අඩවිය විසින් වාර්තා කරන ආකාරයට WhatsApp සදහා නව Indicator එකක් හදුන්වා දිමට සුදානමින් Meta සමාගම විසින් සුදානමින් සිටිනවා. ඒ අනුව මේ නව Indicator එක මගින් Status, Calls හා Chats Sections ආදියේ Your status is end-to-end encrypted, Your personal calls are end-to-end encrypted ලෙසින් සදහන් වෙනු ඇත.

තවමත් Beta Version සදහාද නිකුත් කර නොමැති වුවත් ඉදිරියේ WhatsApp Beta iOS හා Android Version වෙත මෙම End-to-end Encryption Indicator එක ලබා දෙනු ඇත.

Source : Android Police, Wa Beta Info