Loading...
WhatsApp backups සඳහා end to end encryption පහසුකම ලබා දීමට කටයුතු කර​යි

මීට දිනකට පෙර WhatsApp විසින් Android සඳහා වූ තම 2.21.21.5 සංස්කරණය Google Play Store, Apple App Store වෙත නිකුත් කරලා තියෙනවා. මේ පිළිබඳව Facebook සමාගමේ හිමිකරු නිල වශයෙන් නිකුත් කළ පණිවිඩය පහත සඳහන් වනවා.

ඔබ දැනටමත් දන්නවා ඇති WhatsApp Chats සඳහා End to End Encrypt පහසුකම තිබෙන බව. ඒ වගේම දැන් ඔබේ Chat backups සඳහාත් End to end Encrypt පහසුකම භාවිතා කළ හැකි වෙනවා.

මෙම පහසුකම Enable කරගැනීම WhatsApp හි Settings > Chats > Chat Backup > End to end encrypt මඟින් සිදු කර ගත හැකිය.

මෙහිදී ආරක්ෂාව සඳහා ඔබ පමණක් දන්නා මුරපදයක් හෝ Pin එකක් භාවිතා කළ යුතු වනවා. මෙම පහසුකම සක්‍රීය කළ පසු Facebook සමාගමට, Google  සමාගමට හෝ Apple සමාගමට ඔබගේ Backups විවෘත කිරීමට නොහැකි වනවා.

Source - PCMag