Loading...
M1 mac පරිගණක වල  Microsoft Windows ධාවනය කිරීමේ ක්‍රමයක් සොයා ගැනීමට AWS Engineer කෙනෙකු සමත් වේ

පසුගිය මාසයේ Apple සමාගම විසින් තම ARM-based Apple M1 chipset යොදා නිපදවන MacBook එලිදැක්වීමට කටයුතු කරා. අලුත්ම Apple M1 chip එකෙන් බලගැන්වෙන Apple සමාගමේ අලුත් ම laptops line-up එකට reviewers ලගෙන් ලැබෙන්නේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්. x86 ඉඳන් ARM වලට shift වීම ලොකු platform transition එකක් වුනා. ඒ තුලින් performance පැත්ත ගොඩක් improve වුනා. ඒකට විශාල දායකත්වයක් M1 chip එක සහ Rosetta 2 විසින් ලබා දුන්නා.

කොහොම උනත් මීට පෙර නිකුත් කරන ලද Mac උපාංග වල Bootcamp හරහා Microsoft Windows සංස්කරණ ධාවනය කල හැකි වුවත් M1 chipset එක ARM-based වන බැවින් bootcamp හරහා නව Mac උපාංග වල Microsoft Windows ධාවනය කිරීමේ හැකියාව වැලකී ගියේ Microsoft සමාගම විසින් තම ARM Windows සංස්කරණය ධාවනය කිරීමේ හැකියාව Microsoft Surface පරිගණක වලට පමණක් සීමා කර තිබීම හේතුවෙනි.

නමුත් Microsoft සමාගමේ සහය ලැබෙන්නේ නම් ARM Windows සංස්කරණයන් Apple M1 සහිත උපාංග වල ධාවනය කිරීමේ හැකියාව පවතින බව Apple සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන CRAIG FEDERIGHI මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

“We have the core technologies for them to do that, to run their ARM version of Windows, which in turn of course supports x86 user mode applications. But that’s a decision Microsoft has to make, to bring to license that technology for users to run on these Macs. But the Macs are certainly very capable of it.”

පරිගණක ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයකගේ ප්‍රයත්නයන් අතුරින් AWS engineerවරෙයෙකු විසින් තම Apple M1 උපාංගයේ Microsoft ARM Windows ධාවනය කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා.

Alexander Graf නම් වන මෙම AWS ඉංජිනේරුවා විසින් ඒ පිලිබඳව Twitter පණිවිඩයකින් දන්වා තිබෙන අතර ඔහුගේ එම පණිවුඩයට අනුව QEMU virtualization tool for Windows on ARM නම් tool එක භාවිතා කර මෙය සිදු කර තිබෙනවා. මෙම Opensource මෘදුකාංගය හරහා CPU සහ GPU සහ අනෙකුත් දෘඩාංග හැසිරිවීමේ පහසුකම Kernel එක වෙත ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව දැන් M1 based Mac උපාංග වල Windows ධාවනය කිරීම සිදු කල හැකි වනවා.  

මෙම ක්‍රමය ඔස්සේ M1 උපාංග වලට Windows 10 ස්ථාපනය කල Sunshine Biscuit at scale නම් twitter පරිශීලකයෙකු විසින් Windows 10 ස්ථාපනය කරන ලද Apple M1 උපාංගයක සහ Surface Pro X උපාංගයක සිදු කරන ලද Geekbench scores එලිදක්වා තිබෙනවා.

ඒ අනුව Apple සමාගමේ උපාංගය විසින් එහිදී 1288ක single-core score එකක් සහ 5685ක multi-core score එකක්ද වාර්තා කර තිබෙන අතර, Microsoft සමාගමේ Surface Pro X උපාංගය මෙහිදී පිලිවෙලින් 800ක සහ 3000ක single-core සහ multi-core scores වාර්තා කර තිබෙනවා.

ඒ අනුව Microsoft Windows, Microsoft සමාගමේ Surface උපාංග වලට වඩා හොඳින් Apple M1 උපාංග වල ක්‍රියාත්මක වන බව අපට නිගානය කල හැක.

Source: ZDnet