Loading...
වසර 10කට අධික කාලයක් සේවය කර, සමුගන්නා Windows 10

අවුරුදු 10ක් මුලුල්ලේ සේවය සැපයූ Windows 10 තමන්ගේ ගමන 2025 October 14 දිනෙන් අවසන් කරන බව Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර ඇත. Windows 10 වලට අවසාන වශයෙන් 14 වන දින Security update එකක් ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටියි.

14න් පස්සේ Windows 10 භාවිත කරන්න බැරි වෙයිද?

ඔක්තොම්බර් 14න් පසුව එකවරම Windows 10 භාවිත කිරීමේ ගැටලුවක් ඇති නොවන අතර, නමුත් නැවත Security updates, Technical support හා Updates නොලැබෙන නිසා අලුතින් එන වෛරස හා අනිෂ්ට මෘදුකාංග පරිගණකයට පැමිණීමේ අවධානමක් පැන නගී. තවද Microsoft Office 365 සහය දැක්වීමද අවසන් වන අතර නමුත් භාවිත කිරීමේදී දැනට ගැටලු ඇති නොවන අතර Microsoft දැඩිව පවසන්නේ Windows 11 වෙතට මාරු වන ලෙසයි.

කොහොමද Windows 11 වලට මාරු වෙන්නෙ?

Windows 10 පරිගණකයේ Setting වෙත ගොස් Update & Security වලට ගොස් ඔබේ පරිගණකය Windows 11 වලට ඇති සුදුසුකම් සපුරා ඇති නම් පහසුවෙන් Windows 11 වෙතට මාරු විය හැකිය. එසේ නැති උවහොත් ඔබට Windows 11 වෙත මාරු විය හැකි විකල්පයන් හා ගතයුතු පියවරයන් ගැන notification එකක් මගින් දැනුම් දීම සිදු කරයි.

ඉක්මනින් මාරු විය නොහැකි නම්?

ඔබේ පරිගණකය පැරණි හෝ වෙනයම් හේතුවක් නිසා Windows 11 වෙත මාරු කිරීමට නොහැකි නම්. Microsoft වෙතින් විකල්පයන් දෙකක් ලබා දී ඇත‍.

Extended Security Updates (ESU)

ඔබට යම්කිසි මුදලක් ගෙවා Security updates ලබාගැනීම මෙයින් හදුන්වා දෙනවා. යම්කිසි සමාගමකට හෝ පුද්ගල කණ්ඩායමකට තවත් කාලයක් තමන්ගේ තීරණයන් සැළසුුුම් කිරීමට අවශය නම් එම කාලය තුළ තමන්ගේ පරිගණක හා පද්ධති ආරක්ෂා කරගනිමින් සැළසුම් කිරීමට මෙය වැදගත් වේ. නමුත් මෙයට Windows හි නවමු විශේෂාංග හා සේවා නොලැබෙන අතර Security fixes පමණක් ලබා දීමට කටයුතු කරයි.

Windows 365 Cloud PC

මෙය ඉහත ක්‍රමවේදය හා බැලූ කල්හි හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් ය. Windows සෘජුව Install කිරීමකින් තොරව Cloud based subscription එකක් හරහා Windows 11 ඔනෑම Device එකකින් භාවිත කිරීමට හැකි බව ප්‍රකාශ කරයි. මෙයට Stable internet connection එකක් අත්‍යවශ්‍ය වේ.

පාරිසරික ගැටලු

පාරිසරික ගැටලු වලට Windows 10 අවසන් කිරීම සෘජුව හා වක්‍රාකාරව හේතුවක් වන බව පාරිසරික උපදේශකයන් පෙන්වා දෙමින් ඔවුන් ඇස්තමේන්තු කරන්නේ Windows 10 අවසානයේ Windows 11 වෙත Update කළ නොහැකි පරිගණක වලින් පවුම් බිලියන 1.6 ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය විය හැකි බවයි.

දශකයක Windows 10 ගමන

2015 ජූලි 29 වන දින Microsoft හි "Windows හි අවසාන අනුවාදය" ලෙස Windows 10 දියත් කරන ලද අතර එය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙහෙයුම් පද්ධති වලින් එකක් බවට පත් වූ අතර උපාංග බිලියන 1.4 කට වඩා භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් විය. එය Microsoft Edge Cortana වැනි විශේෂාංග හඳුන්වා දුන් අතර, Windows Hello, dark mode සහ Linux සඳහා Windows Subsystem වැනි විශේෂාංග එකතු කරමින් යාවත්කාලීන කිරීම් හරහා පරිණාමය විය. Windows 10 තාක්ෂණයේ වඩාත්ම පරිවර්තනීය දශකවලින් එකක් හරහා බිලියන ගණනක් පරිශීලකයින්ට සේවය කළ අනුවර්තනය වීමේ සහ නවෝත්පාදනයේ සාක්ෂියකි.

Source: support.microsoft.com