Loading...
Windows 11හි නවතම 2H22 Update එක සමඟින් ඔබ​ට ලැබෙන නවතම විශේෂාංග

2021 ඔක්තෝබර් මස 5 වෙනිදා නිකුත් වූ windows 11 මෙහෙයුම් පද්ධතිය සදහා වූ පළමු ප්‍රධාන යාවත්කාලීන සංස්කරණය ලෙස Windows 11 (22H2 Update) එක මේ මස 20 වෙනිදා එනම් 2022 සැප්තැම්බර් 20 වෙනිදා නිකුත් වනු ඇති බව නවතම තොරතුරු වාර්තා කරනවා. මෙය දැනට Windows 11 පවතින සියලුම පරිගණක සදහා කිසිදු මුදල් අය කිරීමකින් තොරව ලබා දෙන්නක් අතර ඒ සමග දැනට පරිශීලකයන් ඉල්ලා ඇති බොහෝ නව විශේෂාංග හා Microsoft සමාගම විසින්ම එකතු කරන ලද නව විශේෂාංග බොහෝ ගණනක් ඇතුලත් වනවා.

එමෙන්ම මෙම යාවත්කාලීන කිරීම සැප්තැම්බර් මස 20 වෙනිදා නිකුත් වුවත් එය පරිගණක වල ඇති hardware වල සුදුසුකම්, ඒවායෙහි වයස වැනි සාදක මත කාලයත් සමග කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වීමක් වනවා. සරලවම කිවහොත් මෙය Microsoft සමාගම පවසන අන්දමට “Smooth upgrade experience” එකක් වනවා. කෙසේ වෙතත් මෙය 2023 මුල බාගය වන විට සම්පුර්ණයෙන් ලැබී අවසන් විය හැකි බවටද වාර්තා වනවා. මෙම ලිපිය මගින් Windows 11 (22H2 Update) එක සමග ලැබෙන නවතම පහසුකම් කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා.

New boot Animation

පරිගණකය පන ගන්වන විට අපට සුපුරුදු පරිදි දකින්න ලැබෙන “තිත් ටිකක් රවුමට කැරකෙන” animation එක වෙනුවට නවතම progressive ring animation හෙවත් Windows 10X Sun-Valley boot animation එක මෙම update එක සමග ලැබෙනු ඇති. එමෙන්ම මෙම නව boot animation එක Windowsමෙහෙයුම් පද්ධතිය තුල default loading animation එක ලෙස භාවිතා කිරීමට ද Microsoft සමාගම සැලසුම් කරනවා. (තරමක් advanced user කෙනෙකුට මෙම නව boot animation එක registry එක edit කිරීමක් මගින් ද Windows10, 11 මෙහෙයුම් පද්ධති සදහා ලබා ගැනීමට හැකියාවක් පවතිනවා, එනමුත් එය මෙහෙයුම් පද්ධතියෙහි අනෙකුත් loading amination වලට බල නොපානු ඇත)

නව boot animation එක

Start menu improvements

Windows 11 මෙහෙයුම් පද්ධතිය සමග වැඩි පරිශීලක ආකර්ශනයක් දිනා ගත් Windows Start menu එක සදහා ද නව විශේෂාංග රැසක් ලබා දීම ද මෙම update එක තුලින් සිදුවනවා.

Start menu එක සදහාම නව customization settings කිහිපයක් හදුනවාදීමට ද Microsoft ආයතනය කටයුතු කර තිබෙනවා. මෙය “more pins”, “default”, “more recommendations” යනුවෙන් කොටස් 3ක් වනවා.

Start Menu settings

More pins මගින් එක් recommendation පේලි එකක් පමණක් පෙන්වන අතර එයින් pin items වැඩියෙන් දර්ශනය වන අතර recommended මගින් දැනට default windows 11 start menu layout එක පවත්වා ගෙන යනු ලබනවා. එමෙන්ම more recommendations මගින් pin items පේලි 2ක් සහ වැඩි recommended items ප්‍රමාණයක් දර්ශනය කර ගැනීමට හැකි වනවා.

start menu layouts

එමෙන්ම තවත් වැදගත් feature එකක් ලෙස windows start menu folders අලුතින් එකතු වනවා. මෙය එක app එකක icon එකක් තවත් app එකක icon එකක් මතට ගෙන යාමෙන් ඉතා පහසුවෙන් සාදා ගත හැකි වනවා. එමන්ම සදා ගත් folder එක ඉතා පහසුවෙන් rename කර ගැනීමටද පහසුකම් පවතිනවා.

Start menu folders

Taskbar

වැඩිම පරිශීලක ඉල්ලුමක් හිමි වූ පෙර windows සංස්කරණ වල පැවති එනමුත් windows 11 සමග නොපැමිණි Taskbar Drag & Drop function එක මෙම update එක හරහා ලබා දීමට ද Microsoft සමාගම අවසාන මොහොතේ හෝ කටයුතු කරනු ලැබීම සතුටට කාරණාවක් වනවා.

එමෙන්ම යම් දෙයක් පරිගණකය මගින් cast/ stream කිරීම සිදු කරන විට taskbar එක “cast” icon එක මගින් ඒ බව ඔබව දැනුවත් කරනු ඇති අතර එම icon එක මත click කිරීමෙන් එය පහසුවෙන් නැවත්විමටද හැකියාව පවතී.

Cast icon

තවද battery charging indicator එක පෙර පැවති “charging cable” එක වෙනුවට නව “bolt” සලකුණක් මගින් සංකේතවත් කරයි.

Battery charging indicator

තවද Quick Settings Flyout එක මගින් ම පහසුවෙන් Bluetooth devices connect/ disconnect කර ගැනීමට, ඒවායෙහි battery percentage එක දැන ගැනීම වැනි පහසුකම් කිහිපයක් ලබා දී තිබෙනවා. මින් පෙර මෙය සිදු කිරීමට settings app එක තුලට යාමට සිදුවුවා.

Bluetooth flyout menu එක

එමෙන්ම වර්ෂ ගණනාවකට පසුව windows hardware indicators වලට අදාළ flyouts වල design එක වෙනස් වීමක් සිදු වනවා මෙය නව මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් වෙනස් කර ඇත. මෙය ද light හා dark modes වලට ගැලපෙන අයුරින් වෙන වෙනම සකස් කර තිබෙනවා.

Windows volume hardware indicator

Snap Menu Layouts

Applications snap කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දීමට Microsoft ආයතනය කටයුතු කර තිබෙනවා. මේ අනුව අවශ්‍ය එක් application window එක screen එකෙහි මුදුනට ගෙන ගිය විට snap layouts menu එක දිස්වන අතර ඉන් පසුව window එක අදාළ snap zone එකට ගෙන ගිය විට ඊට අදාළ පරිදි open කර ඇති application සියල්ල පහසුවෙන් snap වේ.

Snap layouts

“windows key + z” මගින් snap layout එක open කර ගත හැකි වන අතර එවිට එක් එක් snap layout එකට අදාළ අංක සහිතව පහසුවෙන් හදුනාගත හැකි පරිදි දර්ශනය වේ.

Snap layouts with numbers

File Explorer

File explorer එකෙහි “Quick Access” page එක “Home” නමින් rename කර ඒ සදහා නව icon එකක් දීමට හා “Pinned file” section එක “Favorites” ලෙස rename කිරීමටත් Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

File explorer එකෙහි “Home” page එක

Windows 11 නව file explorer එක සමග පරිශීලකයන් වැඩි ගණනක් බලාපොරොත්තු වූ විශේෂාංගයක් වන file explorer tabs මෙම update එක සමගින් ලැබෙනු ඇත. මේ සමග folder කිහිපයක් එක් වර open කිරීම සදහා file explorer එක කිහිප වතාවක් එක් වර open කිරීම වෙනුවට එම foldersසියල්ල වෙන වෙනම “Tabs” ආකාරයෙන් explorer window එකක් පමණක් භාවිතා කර open කිරීම සිදු කර ගත හැක.

File explorer tabs

තවද explorer navigation panel එකට ද සුළු වෙනසක් කිරීමක් සිදු කිරීමෙන් එය භාවිතය පහසු කිරීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

New navigation panel

එමෙන්ම “This PC” යටතේ මින් පෙර දර්ශනය වූ Documents, Downloads, Pictures, Music වැනි folders ඉවත් වී  drives පමණක් දර්ශනය වනු ඇත.

This PC

තවද recycle bin එකෙහි right-click context menu එකෙහි design එක ද windows 11 හා ගැලපෙන අයුරින් සකස් කර තිබෙනවා.

Recycle bin right-click context menu

File explorer එක මගින් one-drive folders access කරන විට sync status සහ one-drive storage usage එක file explorer එක හරහා ම දැන ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

File explorer one-drive integration

තවත් බොහෝ පරිශීලකයන් ඉල්ලා තිබුණු පහසුකමක් වන folder තුල ඇති දෑ preview කිරීමට ද මෙම update එක හරහා හැකියාව ලැබෙනවා.

Folder previews

Open-with dialog box එක ද නව මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් වෙනස් කර තිබෙනවා.

New open-with dialog box

Updated Task Manager

Microsoft සමාගම dark theme එකක් ඇතුළුව නව මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් task-manager එක redesign ඇති අතර ඒ සදහා navigation bar එකක් ද එකතු කර තිබෙනවා. එමෙන්ම නව task manager එක accent colors සදහා ද සහාය දක්වනු ඇත.

New task manager – dark mode
New task manager with accent colors

මේ සමගම task manager එක සදහා keyboard shortcuts කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.

  • Alt + E – ends the selected process.
  • Alt + N – opens the dialog to run a new task.
  • Alt + V – turns “Efficiency Mode” on or off.
  • Ctrl + Tab – Cycles through the tabs in the navigation area.
  • Ctrl + Shift + Tab – Cycles through the tabs in the navigation area in reverse.

Live Captions

නව accessibility feature එකක් වශයෙන් ඕනෑම audio සහිත file එකකට අදාලව හා microphone එකට input කරන audio වලට අදාලව live-captions auto generate වීමක් සිදු වනවා. මෙය accessibility settings මගින් පහසුවෙන් enable කරගත හැක. දැනට මෙම විශේෂාංගය English (U.S) content වලට පමණක් සහාය දක්වන අතර ඉදිරියේදී තව තවත් භාෂා මෙයට එකතු වනු ඇත. මෙය windows key + ctrl + L මගින් Accessibility flyout එක භාවිතා කර ද enable කර ගත හැක.

Auto-generated captions when playing audio

ඉහත දක්වන ලද ප්‍රධාන විශේෂාංගයන්ට අමතරව තවත් බොහෝ දෑ මෙම windows 11 22H2 update එක මගින් ලැබෙනු ඇත. තවද update එකෙන් පසුව ස්වයංක්‍රියව Get Started app එක මගින් update එක සමග ලැබී ඇති new features highlight කිරීමක් ද සිදු වනු ඇත.