Loading...
Dark Mode එකකින් යුතු නව Notepad එකක් Windows 11 වෙත ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරයි

මෙම නව Notepad app එක දැන් Windows Insider Program එකේ Dev Channel එකට ඇතුළත් කර ඇති Windows 11 පරිගණක සඳහා Microsoft Store හරහා ලබා ගන්න පුළුවන්.

නව App එකක් වුවත් පෙර පෙනුමම මෙයටත් ලබාදී අති අතර Windows 11 සදහා අනන්‍ය වෙන Rounded Corners සමග Desktop Colors හරහා දිදුලන නව Dynamic Mica Material එකක් මෙන්ම තවත් බොහෝ දේ මේ නව Note Pad App එකට ලබා දි තිබෙනවා.

මෙහි පළමු Preview එකට අනුව, මේ Notepad එකෙත් පෙර App එකේ මෙන්ම Options සමග Menus ලබා දි තිබෙනවා. දකුණු පසින් Settings page එකට ප්‍රවේශ වීම සදහා Settings Icon එකක්ද මේ සදහා එකතු කර තිබෙනවා. ඒ වගේම ඔබට Font සහ මේ නව App එකේ වඩාත්ම වැදගත් Feature එකක් වන Theme Colors ද වෙනස් කිරිමේ හැකියාවත් ලබා දි තිබෙනවා.  

මේ නව Notepad App එක සදහාත් Dark Mode Option එක ලබා දි තිබෙනවා. සාමාන්‍යෙන් App එකට ඔබේ පරිගණකයේ Theme Color එක ලැබෙන අතර ඔබට අවශ්‍ය නම් Settings Page එක මගින් Light සහ Dark Mode වෙත මාරු විය හැකි වෙනවා. මීට අමතරව, Notepad app එකේ නව Find & Replace Interface (Ctrl + F) එකක් ද ලබා දි ඇති අතර මෙය Multi-level Undo කිරීම් සඳහාත් සහය දක්වනු ලබනවා.

Notepad හි නව අනුවාදය ලබා ගත හැක්කේ Testersලා සඳහා පමණක් වෙන අතර ඔබගේ උපාංග Dev Channel එකට ඇතුළත් කර තිබේ නම්, ඔබටත් Microsoft Store එක තුළ Update පරීක්ෂා කිරීමෙන් මේ නව Notepad එක ලබා ගත හැකි වෙනවා.

Source - Pureinfotech