Loading...
පරිගණකයක් මත Android Apps Run කිරීම සඳහා වඩාත් හොද Windows 11ද Chrome OSද?

Windows 11 හි ඇති වඩාත් වැදගත් අංගයක් වන්නේ එහි Android App Run කිරීමට හැකි වීමයි. කෙසේ වෙතත් මෙම හැකියාව ඇති පළමු පරිගණක මෙහෙයුම් පද්ධතිය මෙය නොවෙයි.  Chrome OS එකද වසර ගණනාවක සිට එයට Google Play Store ඇතුළත් කර තිබෙනවා. අද අපි Windows 11 සහ Chrome OS සැසඳීමෙන් බලමු Android Apps Run කිරීම සඳහා හොඳම OS එක මොකද්ද කියලා.

තාක්ෂණික වශයෙන් ගත් කළ,  Windows 11 හි Android Subsystem එක Android Apps Run කළ හැකි පළමු Windows App එක නොවේ. මීට පෙර Bluestacks වැනි Emulators ද හඳුන්වා තිබෙනවා. කෙසේ නමුත් එය 3rd Party Software එකක් නිසා බොහෝ දෙනා මේ Inbuilt පහසුකම සඳහා වැඩි කැමැත්තක් දක්වනවා.

Windows 11 සහ Chrome OS විසින් මෙසේ Android සඳහා නිර්මිත Apps Run කරන්නේ කොහොමද?

Windows 11 OS එක මෙය සිදුකිරීම සඳහා යොදා ගන්නේ Intel Bridge තාක්ෂණයයි. සරලව කිවහොත් මෙම තාක්ෂණයෙන් සිදුවන්නේ අදාළ Android App එකහි කේතය Android හි භාවිතා වන ආකාරය CPU එකට ලබා දී පසුව එය Language Translators මඟින් පරිවර්තනය කර Process කිරීමයි.

Chrome OS වල මෙය සිදු වන ආකාරය විමසුවහොත් එය තරමක් සරල ක්‍රියාවලියක්. Chrome OS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙකම Linux කර්නලය මත පදනම්ව නිර්මිත ඒවා වනවා. Android හි Runtime එක Chrome OS හා ඉතා ගැඹුරින් එකාබද්ධ වනවා. එම නිසා මේ Android Apps වල කේත කියවා Run කිරීමට බොහෝ පහසු වනවා.

Windows 11 හි භාවිත වන Android App ලබා ගැනීම සඳහා ඇති Amazon App Store යනු, Google Play හැරුණු විට හොඳම App Store එකක්. මෙය Amazon Fire Tablets  සඳහා එන Pre-Installed App Store එකක්. කෙසේ වෙතත් මෙය Chrome Books වල ඇති Google Play Store සමඟ සසඳන විටදී තරමක් පිටුපසින් සිටිනවා.

ඔබ පරිගණකයක් මිල දී ගන්නේ එය පහසුවෙන් Android Apps Run කළ හැකි OS එක මත පදනම්ව නම්, Chrome OS එයට හොඳම OS එකක් වනවා. එසේ පැවසුවහොත්, Android Apps Run කිරීම Windows 11 හෝ Chrome OS හි මූලික භාවිතය නොවිය යුතුය. මන්ද, ඒවා පමණක් භාවිතා කිරීම OS එකක මූලික වශයෙන් අවශ්‍ය පහසුකමක් නොවේ.

Source: How-To Geek