Loading...
Windows 12 කවදා නිකුත් වෙයිද සහ අනෙකුත් විස්ත​ර

Windows 11 නිකුත් වී වසරක් ගත වෙත්ම Windows 12 පිළිබද විවිධ කටකතා මේ වන විටත් පැතිරෙමින් පවතිනවා. Microsoft සමාගම විසින් Windows සඳහා නව Update මාලාවක් වෙත මාරු වීමට සැලසුම් කරන අතර ඉදිරි මාසවලදී  Windows 11 23H2 හෝ 24H2 යන Updates නිකුත් නොවනු ඇත. ඇත්ත වශයෙන්ම Windows 11 23H2 "Sun Valley 3" Build එක සදහා Updates ලබා දීම සමාගම විසින් නතර කර තිබෙනවා. කෙසේ වෙතත් Windows 12 හි ගොඩනැගීම් දැනටමත් ආරම්භ කර ඇති බව නවතම වාර්තා සදහන් කරනවා.

Windows 12 නිකුත් වන දිනය

Microsoft හි නව Windows Update Roadmap එක තුලින් මේ පිලිබදව වැඩි යමක් දැනගැනීමට හැකි වනවා. එම Roadmap එක මත පදනම්ව Windows වසර 3ක නිකුතු චක්‍රයක් වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වනවා. Windows 11 2021 නිකුත් වූ අතර එයින් අදහස් කරන්නේ Windows 12 2024 දී නිකුත් වීමට ඉඩ ඇති බවයි.

Windows 12හි නිකුත් වීමට නියමිත නව විශේෂාංග

Microsoft විසින් Windows 12 හිද වාර්ෂික යාවත්කාලීන ක්‍රියාවලිය ඉවත් කරන බවට වාර්තා වනවා. සමාගම "Moments" නමින් නව විශේෂාංගයක්  වර්ධනය කර ඇති අතර එය වසර පුරා නව විශේෂාංග ගෙන එනු ඇත. Windows 12 හි වසරක් තුළ අවම වශයෙන් එවැනි විශේෂාංග හතරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Windows 12: Hardware Requirements

පරිගණකයක OS එක සදහා windows 12 තෝරා ගන්නේ නම් ඒ සදහා TPM අවශ්‍යතාවය නිසැකවම පැවතිය යුතු යැයි Microsoft විසින් පවසනවා. කෙසේ වෙතත් යම් භාවිත කරන්නෙකු විසින් දැනටමත් Windows 11, OS එක ලෙස භාවිත කරන්නෙම් ඔහු හට Windows 12 ද හොඳින් ක්‍රියාත්මක කළ හැකි බව විශ්වාස කල හැක.

Windows 12 හී අපේක්ෂිත Hardware requirements පහත පරිදි වේ.

  • Processor: 1GHz or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)
  • Memory: at least 4 GB RAM
  • Storage: 64 GB or larger storage device
  • System firmware: UEFI, Secure Boot capable
  • TPM: TPM Trusted Platform Module (TPM) version 2.0
  • Graphics card: Compatible with DirectX 12 or later with WDDM 2.0 driver
  • Display: High definition (720p) display, greater than 9-inch diagonally and 8 bits per color channel support
  • Internet connection and Microsoft accounts: requires internet connectivity and a Microsoft account to complete device setup on first use.

Windows 11 වගේ නොමිලේ ලැබෙයිද?

Microsoft සමාගම පවසන ආකාරයට  Windows 10 සිට 11 දක්වා update වීමේදී එය නොමිලේ වූවක් සේ Windows 11 සිට Windows 12 වෙත update වීමේදී එය ද නොමිලේ සිදු වනු ඇත. තවද, තවමත් Windows 10 ධාවනය වන PC සදහා ද කිසිදු අයකිරීමකින් තොරව Windows 12 ස්ථාපනය කිරීමට විකල්පයක් ලබාදෙන බව සමාගම පවසනවා. කෙසේ වෙතත් මෙම Free Version එක Custom-built PC සදහා බලනොපානු ඇත. එනම් එවැනි පරිගණක භාවිත කරන්නන් හට Windows 12 OS එක ලෙස ධාවනය කිරීමට අවශ්‍යනම් ඔවුන් හට ඉදිරියේදී පැමිණෙන මෙම OS එක මිලදී ගැනීමට සිදුවනු ඇත.

Windows 12 පිළිබද මෙම සියලු විස්තර Microsoft සමාගම විසින් නිල වශයෙන් සදහන් නොකෙරුවද, Windows හි මීළඟ version එක ලෙස Windows 12 නිකුත් වන බව බලාපොරොත්තු විය හැක.

Source: Beebom