Windows 11 හි, Windows Terminal 2022 දී නව default command-line application එක බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව Microsoft සමාගම පවසයි. නව Terminal app එක දැනටමත් Windows 11 සමඟ ලබා දුන්නද තවම Windows Console Host සදහා දිගටම Command Prompt සහ PowerShell commands භාවිතා කිරීම සිදු වේ.
Microsoft සමාගමේ Windows Terminal හි program manager, Kayla Cinnamon පවසන පරිදි 2022 දී සමාගම Windows Terminal Windows 11 පරිශීලකයින් සඳහා default experience එක බවට පත් කිරීමට සැලසුම් කරයි. එය ප්රථමයෙන් Insider program එකට සමඟ එකතු වී සිටන අයට ලබා දීමට නියමිත අතර අවසානයේ සෑම කෙනෙකුටම ලබා දෙනු ඇත.
Windows Terminal 1.0 සංස්කරණය ප්රථම වරට එලිදැක්වීම සිදු කරන ලද්දේ 2020 මැයි මාසයේදී වන අතර එය Command Prompt, PowerShell සහ Linux terminal එක ධාවනය කිරීමට හැකි ආකාරයට command line experience ලෙසින් නිර්මාණය කර ඇති යෙදුමකි. Windows Console Host පමණක් නොව, Terminal ටැබ් සහ පැනල් වැනි බොහෝ නව විශේෂාංග වලින් සමන් විත වන අතර විවිධාකර customizations සමඟ විවිධ profiles නිර්මාණය කළ හැකිය.
එසේම, මෙහිදී custom themes භාවිතා කිරීමේ හැකියාව ඇතුළුව customizations settings රාශියක් සපයයි. ඒ හරහා ඔබට විවිධ වර්ණයන් සහ custom fonts සහිත acrylic backgrounds සහ background images භාවිතා කළ හැකි අතර custom key bindings සඳහාද සහය ලැබෙනු ඇත.
තවද, නව new command-line experience එක තුල emojisද භාවිතා කිරීමේ හැකියාවද ඇත.
Source: Pureinfotech