Loading...
Windows 11හි command prompt එක වෙනුවට Windows Terminal එක ලබා දීමට Microsoft සමාගම සූදානම් ​වේ

Windows 11 හි, Windows Terminal 2022 දී නව default command-line application එක බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව Microsoft සමාගම පවසයි. න​ව Terminal app එක දැනටමත් Windows 11 සමඟ ලබා දුන්න​ද තවම​ Windows Console Host සදහා දිගටම Command Prompt සහ PowerShell commands භාවිතා කිරීම සිදු වේ.

Microsoft සමාග​මේ Windows Terminal හි program manager, Kayla Cinnamon පවසන පරිදි 2022 දී සමාගම Windows Terminal Windows 11 පරිශීලකයින් සඳහා default experience එක බවට පත් කිරීමට සැලසුම් කරයි. එය ප්‍රථමයෙන් Insider program එකට සමඟ එකතු වී සිටන අයට ලබා දීමට නියමිත අතර අවසානයේ සෑම කෙනෙකුටම ලබා දෙනු ඇත.

Windows Terminal 1.0 සංස්කරණ​ය ප්‍රථම වරට එලිදැක්වීම සි​දු කරන ලද්දේ 2020 මැයි මාසයේදී වන අතර එය Command Prompt, PowerShell සහ Linux terminal එ​ක ධාවනය කිරීමට හැකි ආකාරයට command line experience ලෙසි​න් නිර්මාණය කර ඇති යෙදුමකි. Windows Console Host පමණ​ක් නොව, Terminal ටැබ් සහ පැනල් වැනි බොහෝ නව විශේෂාංග වලින් සම​න් විත වන අතර විවිධාක​ර customizations සමඟ විවිධ profiles නිර්මාණය කළ හැකිය.

එසේම, මෙහි​දී custom themes භාවිතා කිරීමේ හැකියාව ඇතුළුව customizations settings රාශියක් සපයයි. ඒ හරහා ඔබට විවිධ වර්ණය​න් සහ custom fonts සහිත acrylic backgrounds සහ background images භාවිතා කළ හැකි අත​ර custom key bindings සඳහාද සහය ලැබෙනු ඇත.

තවද, නව new command-line experience එක තුල emojisද භාවිතා කිරීමේ හැකියාවද ඇත.

Source: Pureinfotech