Loading...
Windows XP ඇතුලු තවත් පැරණි Windows මෙහෙයුම් පද්ධති කිහිපයක source code එක leak වේ

මේ වනවිට වාර්තා රැසකින්ම හෙළිදරව් වෙලා තියෙන විදිහට Windows XP වල source code එක 4chan කියන website එකට leak වෙලා තියෙනවා. ඒ source code එක ඊළඟට torrent විදිහටත්, Mega File Sharing සේවයටත් නැවත upload වෙලා තියෙනවා.

42.9GB leak එකක් වන මෙහි Windows XP, Windows Server 2003 හා Windows 2000 යන OS රැසකම source code එකටම ඇති බවයි සඳහන් වෙන්නේ. නමුත් තවමත් මේ leak වී තිබෙන්නේ full source code එකද, නැතිනම් එයින් එක කොටසක් පමණක් ද යන්න හෙළි වී නෑ.

හානිය කාටද?

Release කොට දැනට අවුරුදු 19ක් වන Windows XP සඳහා සහය දීම Microsoft සමාගම 2014 දී නවතා දැමුවා. ඒ වුණත් තවමත් 1% ක් පරිගණක වල run වෙන්නේ XP බව ඇතැම් වාර්තා පෙන්වා දෙනවා.

මේ source codes, hackers ලා අතට ගියත් 1%ක් භාවිතා කරන OS එකකට virus හදන්න තරම් ඔවුන් මහන්සි වෙන්නේ නැති වේවි. නමුත් windows කියන්නේ කාලයත් සමඟ දියුණු වී ආ OS එකක් නිසා Windows 10 වල වුනත් XP වල භාවිතා කළ codes තවම තියෙන්න පුළුවන්.

ඒ නිසා වඩාත් ඵලදායි attack එකක් කරන්න මේ leak එක hackers ලාට උදව්වක් වෙන්න බැරි කමක් නෑ.

වාසි

Windows XP කියන්නේ Microsoft සමගම නිකුත් කළ සාර්ථකම OS එකක්. මේ leak වී තියෙන්නේ එහි full source code එක නම්, ඒ සඳහා හැකියාව තිබෙන අයට අලුත් hardware සඳහා support කරන අද කාලයට ගැලපෙන OS එකක් ලෙස XP ප්‍රතිනිර්මාණය කරන්නත්  මේ leak එක නිසා හැකියාව ලැබෙනවා.

බොහෝ විට Open Source ප්‍රජාවට මේක හොඳ ආරංචියක් වේවි.

මේ පිළිබඳ Microsoft සමාගම, "We are investigating the matter" යනුවෙන් පමණක් අදාල වෙබ් අඩවි වලට ප්‍රකාශ කර තිබුණා.

Source - TomsHardware