Loading...
Windows 10හි Xbox සඳහා Cloud Gaming එකතු කිරීමට Microsoft සමාගම කටයුතු කරයි

මීට වසර කිහිපයකට කලින් ඔයාලට මතක ඇති Google සමාගම විසින් Google Chrome Cast Device එක හරහා Cloud Gaming හදුන්වා දුන්නා. ඔන්න ඒ විදියටම Microsoft ආයතනයත් Xbox හරහා Windows 10වලට Cloud Gaming හදුන්වා දෙන්න කටයුතු කර තිබෙනවා. අපි අද කතා කරමු මේ Windows 10වලට ලබා දුන්න Cloud Gaming ගැන.

මෙම වසර මුලදී ගැලපෙන Web Browser වල xCloud පරීක්‍ෂා කිරීමෙන් පසු, Microsoft ආයතනය විසින් මීට දින කිහිපයකට පෙට Windows 10 පරිගණක වල ​​Xbox App එකට Cloud Xbox Gaming එකතු කරන ලදී. මේ නිසා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පරිගණකයේ භෞතිකව ස්ථාපනය නොකර Windows 10 පරිගණකයෙන් Xbox හරහා High-end Games 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ඉඩ සලසා ඇත.

Image Source - Windows Central

Microsoft ආයතනය නිල Blog සටහනක් හරහා Xbox App එකට X Cloudඑකතු කරන බව නිවේදනය කළේය. Xbox Experience හි හවුල්කාර අධ්‍යක්ෂ ජේසන් බෝමොන්ට් එම ලිපියේ ලියා ඇත්තේ XBOX Cloud Gaming සේවාව මඟින් ගැලපෙන XBOX Controller එකක් Bluetooth හෝ USB හරහා සම්බන්ධ කිරීමෙන් පරිශීලකයින්ට ඉතා අඩු පිරිවැයක් සහිත Gaming පරිගණකයක් නිර්මාණය කිරීමට ඉඩ සලසන බවයි. තව ද Smart Phone සඳහා ගැලපෙන games වලටද මෙම සේවාව microsoft ආයතනය ලබා දීමට කටයුතු කරනු ඇත.

Image Source - Microsoft

තවද, XBOX App හි Gaming සමඟ ක්‍රීඩකයින්ට “Cloud Gaming” අංශයෙන් තම පරිගණක වල ​​Games Play කිරීමට හැකි වේ. එපමණක් නොව, XBOX Game Pass Library එකෙන් නවතම Games ලබා ගැනීමට හැකි වනු ඇත, ඔවුන් එම Game එක Play කිරීමට පෙර එය පෙර අත්හදා බැලීමද සිදුකළ හැකිය.

දැනට මෙය Xbox Insider Programme එකේ කොටසක් වන අතර Xbox Game Pass ULTIMATE සාමාජිකයින් සඳහා දැනට Beta ලෙස ලබා ගත හැකිය.

දැනට මෙම Cloud Gaming සේවාව රටවල් 22ට පමණ නිකුත් කර ඇත.

Source: Windows Central