Loading...
Xbox Series X සහ S gaming consoles සඳහා Dolby Vision-Atmos ලබා දීමට Dolby සමාගම සූදානම් වේ

Dolby සමාගම විසින් ඔවුන්ගේ Dolby Vision-Atmos තාක්ෂණය Microsoft සමාගමේ Next-gen Gaming Consoles වෙත ලබා දිමට සුදානම් බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Xbox Series X හා Series S දෙක Dolby Vision-Atmos තාක්ෂණය සහිත මුල්ම Gaming consoles බවට පත්වෙනවා. මේ Dolby Vision-Atmos තාක්ෂණය, ඒ කියන්නේ Dolby Audio & Visual තාක්ෂණය මගින් මිලග පරම්පරාවේ Gamersලාට සුපිරි අත්දැකිමක් ලබා ගැනිමට හැකියාව ලැබෙන බව නිසකැයි.

මේ පිළිබඳව ඔවුන්ගේ නිල Blog අඩවියේ දක්වා ඇති අතර ඔවුන් දක්වා ඇති ආකාරයට Xbox හා Dolby එකතු විම මීලග පරම්පරාවේ Gaming Redefine කිරිමට සමත් වෙන බවයි. දැනට Dolby Atmos Feature එක Xbox One X හා One S Model හි සමහර Game සදහා සහය දක්වන බවත් ඔවුන් දක්වලා තිබෙනවා.

ඒ Assassin’s Creed: Origins, Forza Horizon 4, Borderlands 3 හා Rise of the Tomb Raider කියන Games.

ඒ වගේම ඉදිරියේදි නිකුත් විමට නියමිත Cyberpunk 2077 සදහා Dolby Vision-Atmos Feature එක ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Dolby Vision HDR මගින් පෙර පැවති HDR Gamesවලින් ඔබ්බට ගිය Brightness, Contrast, Color & Depth එකක් අත්විඳීමට හැකියාව ලැබෙන බව ඔවුන් දක්වලා තියෙනවා. මේ අනුව Dolby Vision HDR මගින් 40 ගුණයක Brighter highlights හා 10 ගුණයක Deeper blacks ලබා දිය හැකි වෙනවා. ඒ වගේම 12-bit Color depth එක මගින් Gaming Experience එක වැඩි කිරිමට සමත් ආකාරයේ Richer Visuals ලබා දිමට හැකි වෙනවා.

Sources : Beebom , Dolby