Loading...
Charge කරන ගමන් battery එකට හානියක් නැතුව games play කරන්න, Sony එකෙන් phone එකට දුන්න අළුත්ම feature එක

Smartphone use කරන කාගෙත් තියන බයක් තමා මේ battery එක. ගොඩක් දෙනෙක් brand new phone එකක් අරන් අවුරුදු කීපයක් use කරනවා, එහෙමට්බ් නැත්තන් ගොඩක් අය අවුරුද්දක් දෙකක් use කරපු second hand device එකක් ගන්නවා. ඉතිං මේ මොන විදියට උනත් ඔයා phone එකක් දෙනකොට වගේම ගන්නකොට battery life එක ගැන හැමෝම අහනවා බලනවා. විශේෂයෙන් Apple iPhone Users ලට මෙක ලොකු කරදරයක් මොකද iOS 11 ඉදන් 5s වලින් උඩ device වල battery health percentage එකක් පෙන්නන එක. ඉතිං මෙක අඩු උනාම second hand දෙන්න අමාරුයි කියන බයකින් තමා ගොඩක් කට්ටිය තමන්ගේ devices use කරන්නේ.

මේක Apple Device වල හොදින් දකින්න පුලුවන් උනාට සෑම smartphone එකකටම පොදු දෙයක්. ඉතිං මේ වගේ battery degraded වෙන්න ලොකු බලපෑමක් high intensive games , applications වෙනවා මෙකට හෙතුව ඉතා ඉක්මනින් battery එක use වෙන එක වගේම high CPU usage එක නිසා heat එකක් generate වෙන එකයි.

ඉතිං මේ battery degrade වෙන එක නවත්වන්න විවිද software ක්‍රම විවිද manufactures ලා වගේම google සමාගම විසින් android වලටත් apple සමාගම iOS වලටත් එකතු කර තිබෙනවා. Sony සමාගමත් ගිය වසරේ Sony Xperia One සමග adaptive battery management system එකක් introduce කරා මීට සමාන features මේ වෙන විට ගොඩක් android phones වලට යොදාගෙන තියෙනවා. ඒත් Sony සමාගම මුලින්ම මෙය හදුන්වා දුන්නේ.

නමුත් මෑතකදී release උන Sony Xperia One Mark ll සමග තවත් නවතම feature එකක් හදුන්වා දී තිබෙනවා එය තවත් battery optimization method එකකට වඩා වෙනස් වෙනවා. මේක HS Power Management කියලා හදුන්වනවා. ඉතිං මෙකෙදි වෙන්නේ ඔයා charger එකට phone එක connect කරාම battery charge වෙන්නේ නැති එක? ඒ මොකද්ද ඒ ? ඇයි එහෙම වෙන්නේ කියලා හිතුනද?

මේකයි මෙතන කරන්න හදන්නේ, හිතන්න ඔයා PUBG වගේ game එකක් play කරනවා කියලා ඉතින් මේතනදි battery එකෙන් වේගයෙන් power use වෙනවා. එතකොට average usage එකකට වඩා battery use වෙනවා. ඉතින් මේක ටික කාලයක් යද්දි ඔයා සාමාන්‍යයෙන් use කරනවට වඩා battery cycle ගානක් use වෙලා එන්න එන්න battery එක degrade වෙනවා. ඒ වගේම ඉක්මනින් battery එක drain වෙන්න වෙන්න battery එක ලොකු heat එකක් generate කරනවා.

ඉතිං heat එක කියන්නේ Li-ion battery වලට ලොකු හානියක්. මේ HS Power Management Feature එකෙන් අපිට device එකට direct power supply එකක් දෙන්න පුලුවන් battery එක හරහා නොගිහින්. ඒ කියන්නේ battery එක charge වෙන්නේ වත් discharge වෙන්නේ වත් නෑ. ඉතිං මෙක high intensive games ගොඩක් වෙලා play කරනවා නම් ඔයාට ගොඩක් වටිනවා. ඒ විතරක් නෙවේ ලොකු 4K clip එකක් export වෙන්න දෙනවා වගේ intensive work වලදිත් මේක හොද වැඩක්. මොකද battery එකට බලපෑමක් ඇති වෙන්නේ නෑ.

ඒත් තාම Sony ලා Sony Xperia One Mark ll වල මෙක use කරන්නේ gaming features එකක් විදියට. ඉතිං මේ feature එකත් ඉස්සරහට තව තව brand වල දැකගන්න ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම Automatic HS power management feature එකක් ඉස්සරහට Sony Xperia One Mark ll එකට එනවවා. ඒ කියන්නේ charger එකට connect කරලා battery එක charge කරද්දි ලොකු heat එකක් generate වෙනවා නම් auto battery එක disconnect වෙලා cool down වෙන්න දෙනවා. ඒ වගේම ඔයා plug in එකේ CPU intensive වැඩ කරනකොටත් මෙක auto on වෙලා battery එකට තියන pressure එක අඩු කරනවා.

ඉතිං බොරුවට generally use නොවෙන gimmick features වලින් smartphone පුරවනවට වඩා මේ වගේ අලුත් වැදගත් දෙවල් add කරන එක කාටත් වටිනවා. ඉතිං Sony copy කරලා හරි කමක් නෑ හැමෝම මේ වගේ දෙයක් කරොත් consumers ලා විදියට අපිට ගොඩක් වැඩදායී වෙයි.