Loading...
Wu10Man සමඟින් Windows 10 Updates කරදරය සදහටම නවත්තමු

Microsoft සමාගම Windows 10 May 2020 update එක රිලීස් කිරීමත් සමඟම සහ එම update එක කිරීමෙන් පසු බොහෝ පරිඝණක වල දෝෂ මතු වූ බව අපි සැවොම දන්නා කරුණකි. උදාහරණයක් ලෙස ගත හොත් Intel Optane Memory එකට ආපු compatibility issue එක.

ඉහ්ටිං මේකත් එක්ක ගොඩක් අය හොයන්න ගත්තා කොහොමද මේ අප්ඩේට් එක නවත්ත ගන්නේ කියලා. මේකට ස්ථීර විසඳුමක් ලෙස ඔන්න අපි අරගෙන ආවා විසඳුම. ඒ සඳහා අපිට භාවිතා කරන්නේ Wu10Man කියන opensource tool එක.

සැ.යු.: Windows updates නවත්වන එක අපි අනුමත කරන්නේ නෑ කියලා හොඳින් වටහා ගන්න සහ මතක තබාගන්න.

කොහොමද අපි Wu10Man එකෙන් Windows Updates block කරන්නේ?

Wu10Man 2018 තමයි එන්නේ. මේ වෙනකොට ඩිවලොපර් මේ ටූල් එක ගොඩාක් දුරට ඩිවලොප් කරල තියෙන්නේ. අපි බලමු කොහොමද මේකෙන් Windows Updates block කරන්නේ කියල.

Windows update services නැවැත්තීම

සාමාන්‍යෙන් අපි කරන දෙයක් තමයි Windows 10 වල updates වලට අදාලව තියෙන services disable කරන එක. ඒත් මේක හරියට කරගන්න තේරෙන්නැති අය කරාට ආයෙම ඒ services enable වෙනවා. ඉහත රූපයෙන් පේන්නේ Wu10Man එකෙන් Windows 10 වල updates වලට අදාලව තියෙන services ආයෙමත් auto enable නොවෙන විදිහට හදල දෙන විදිහ. ඔය තියෙන විදිහට toggle buttons ටික හැදුවම ආයෙම කවදාවත්ම Windows services auto enable  වෙන්නේ නෑ.

Hosts file එක හරහා Update channels block කිරීම

ගොඩක් අය Windows update services disable කරාට host file එක හරහා Windows update channels block කරන විදිහ දන්නේ නෑ. ඕක කරාම ආයේ ඉතිං කතා කරන්න දෙයක් නෑ. මං මගේ PC එකේ Lap එකේ එහෙම HOST file එකට Ad channels එහෙම දාල fully ads block කරලා තියෙන්නේ. ඉතිං අන්න ඒ වගේ Wu10Man එකේ Hosts file tab එකට ගිහිං toggles ටික on කරලා Block all hosts දුන්නම එයාම ගිහිං host file එක edit කරලා save කරලත් දෙනවා.

තාවකාලිකව පමණක් updates නැවැත්වීම

ඔයාට Windows updates සදහටම නවත්තන්න ඕනේ නෑ, ඒත් මාසේ ඩේටා ප්‍රමාණය අවසානයට ඇවිත් වගේ නම්, එහෙමත් නැත්තම් පස්සේ වෙලාවක update එක කරන්න ඕනේ නම්, නැත්තම් update වෙන එක තාවකාලිකව නවත්ත ඕනේ නම් මීට කලින් කිව්ව step දෙකම නොකර මෙන්න මේ step එක කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔතන්ට දවසක් දාල save කරන්න විතරයි.

අවධානයට

මේ tool එකෙන් ඔයාගේ Windows Registry එක edit කරන නිසා, services නවත්වන නිසා ඔයාගේ virus guard එකෙන් මේක flag වෙන්න පුළුවන් malware එකක් විදිහට. නමුත් මේක Opensource නිසා GitHub එකට දාල තියෙන්නේ ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට code එක බලන්න පුළුවන් වෙන්න. ඒ වගේම මේ tool එකට internet connection එකක් ඕන වෙන්නේ නෑ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නෑ.

Wu10Man එක ඔයාට ඒකේ GitHub repo එකෙන් download කරගන්න පුලුවන් ඔය ලින්ක් එකට ගිහිං.

WereDev/Wu10Man
Enable/Disable Windows 10 Automatic Updates. Contribute to WereDev/Wu10Man development by creating an account on GitHub.

ආයෙමත් සැ. යු.

අපි Android වැඩකාරයෝ විසින් කිසිසේත්ම Windows Updates නැවැත්වීම අනුමත නොකරන අතර, මේ අවස්ථාවේදී ඔයාල කරපු ඉල්ලීමකට අනුව මේක අරං එන්නේ. Updates නවත්තලා පසු කාලීනව Windows defender එක updates නොවීම මත ඇති වන හානි වලට හෝ වෙනත් හානි වලට අපි වග නොකියන බව කරුණාවෙන් සලකන්න.

යම් හෙයකින් දිගටම Windows updates නවත්තලා තියෙනව නම් තෙවන පාර්ශවීය Virus guard එකක් පාවිච්චි කරන්න අඩුම ආරක්ෂාවටවත්.