Loading...
Exynos මගින් බලගැන්වෙන Samsung Galaxy උපාංග රැසක් hack වීමේ අවදානම​ක

Samsung සමාගම විසින් ඔවුන්ගේ Exynos Chipset ඔස්සේ බලගැන්වෙන Galaxy Smartphones සහ Smartwatches සඳහා ඉතා ඉහළ අවධානමක් ඇති ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම Exynos Chipsets සහිත Smartphones සහ Smartwatches මේ ඔස්සේ බලපෑමට ලක්විය හැකි අතර Devicesවල පාලනය ලබා ගැනීමට වෙනත් පාර්ශවයන්ට ඉඩ සැලසීමේ හැකියාව පවතිනවා. මේ වන විටත් ඔවුන් විසින් නවතම Security Patch එම Devices වෙත නිකුත් කර ඇති අතර මෙම නවතම Security Patch සඳහා Galaxy Smartphones හෝ Smartwatches යාවත්කාලීන කර ගන්නා ලෙසත් Samsung සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා අවදානම් ඇති Exynos Chipset වන්නේ Exynos 9820, Exynos 9825, Exynos 980, Exynos 990, Exynos 850 සහ Exynos W920 යි. ඒ අනුව මේ Chipsetsවලින් Samsung සමාගමේ ජනප්‍රියතම Smartphones Model රැසක් සහ Smartwatches රැසක් බලගැන්වෙනු ලබනවා.

ඒ Galaxy S20, Galaxy Note 20, Galaxy S10, Galaxy Note 10 series, Galaxy A21, Galaxy A51, සහ Galaxy A71 Smartphone නුයි. එමෙන්ම මීට අමතරව Galaxy Watch 4, Galaxy Watch 5 සහ Galaxy Watch FE ආදි Smartwatches කිහිපයක් ද මේ අවධානමට මුහුණ දී තිබෙනවා.

මේ අවධානම නිසා Hackersලාට Device එකේ System Level Access එක ලබා ගත හැකි වන අතර ඒ ඔස්සේ ඔවුන්ට පරිශිලකයාගේ පෞද්ගලික දත්ත ආදිය ඉතා පහසුවෙන් ලබා ගත හැකි වනවා. මෙම පෞද්ගලික දත්ත අතර බැංකු තොරතුරු, පෞද්ගලික පණිවිඩ සහ ඡායාරුප ආදි සංවේදී පෞද්ගලික දත්ත පහසුවෙන් ලබා ගත හැකි වන බවයි දැක්වෙන්නේ.

Samsung සමාගම විසින් මේ වන විටත් Security Patch මෙම Devices සියල්ල වෙතම නිකුත් කර තිබෙන අතර ඔබත් මේ Galaxy Smartphone එකක් හෝ Smartwatch එකක් භාවිත කරනවා නම් හැකි ඉක්මනින් ඔබගේ Device එක සඳහා මෙම නවතම Security Patch එක ලබා ගන්නා ලෙසත් ඔවුන් සඳහන් කර තිබුණා. එමෙන්ම මෙම Security Patch එක Install කර ගන්නා තුරු 3rd Party Apps Install කර ගැනීමෙන් වැලකෙන ලෙසත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Source: semiconductor.samsung.com www.gizmochina.com www.tomsguide.com