Loading...
YouTube සඳහා Prime Time Channels යනුවෙන් නව විශේෂාංගයක් නුදුරේදී​ම

YouTube වෙත නුදුරේදීම Prime Time Channels ලෙසින් නව විශේෂාංගයක් හදුන්වා දීමට සූදානම් වනවා. මෙය පෙර තිබූ Google Movies & TV app එකෙහිම දිගුවක් වන අතර මෙම Prime Time Channels තුළට TV shows, movies, සහ Sports channels ලෙසින් Categories වලින් Streaming Services ඇතුළත් වන අතර Showtime, Starz, Paramount+, සහ AMC+ වැනි ප්‍රධාන පෙළේ Streaming Services 20ක් පමණ මේ සඳහා දැනටමත් එක්කර තිබෙනවා.

මෙම Prime Time Channels Homepage එකෙහි TV shows සහ Movies වලට අමතරව ඒවායේ Trailers, Cast interviews සහ Behind-the-scenes footages ආදිය අඩංගු වනවා. පරිශීලකයන්ට Search Box එක තුලින් අවශ්‍ය Films සහ Shows search කර ලබාගත හැක. ඒ ආකාරයට Search කල Movie එක හෝ  TV show එක සහිත Streaming Service එකට ගෙවීමක් කර ලබාගෙන ඇත්නම් Watch Now ලෙස කුඩා Icon එකක් දැකගන්න පුලුවන් වන අතර එසේ ගෙවා නැතිනම් එහි Pay to Watch ලෙසින් දිස්වනවා.

YouTube Recommendations Algorithm එක මෙම Prime Time Channels තුල ක්‍රියාත්මක වන අතර පරිශීලකයෙක් යම් කිසි Series එකක හෝ Movie එකක Trailer එකක් නැරඹුවහොත් එම Trailer එකට අදාල Series එක හෝ Movie එක Prime Time Channels තුල ඇත්නම් පරිශීලකයාට එය නැරඹීම සදහා Pop up එකක් ලෙසින් Series එක හෝ Movie එක පෙන්විම සිදු වනවා.

කෙසේ වෙතත් මීට පෙර ලබාගත් Paramount+, Showtime හෝ වෙනත් Streaming service එකක Subscription එකක් ඇත්නම් එය මේ තුල භාවිතා කල නොහැක. ඒ සදහා එම පෙරපැවති Subscription එක ඉවත් කර YouTube හරහා ඔබේ Subscription එක ලබාගත යුතුය.

Google සමාගම මේ මගින් උත්සහ කරනුයේ Netflix, Hulu සහ HBO Max වැනි Streaming Service සමග තරග කල හැකි පරිශීලකයන්ගේ සියලුම Streaming අවශ්‍යතා සඳහා එක් කේන්ද්‍රස්තානයක් සැකසීමටයි.

දැනට මෙය ඇමරිකාවේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී තවත් නව විශේෂාංග එක්කර ලොව පුරා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

මෙහි ඇතුළත් නොවන විශේෂාංගයක් ලෙස දැක්විය හැක්කේ Live TV පහසුකමයි. ඒ සදහා තවමත් YouTube TV සේවාව භාවිතා කිරීමට සිදුවෙනවා. මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැති වුවත් ඉදිරියේදී මෙම live TV පහසුකමත් එක්වේවි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.

Source: Tech City