Loading...
Under display cameraවක් සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය ZTE Axon 20 5G සැප්තැම්බර් පළවෙනිදා එලිදැක්වේ

නැවුම් තාක්ෂණික අත්දැකීමක් තම පාරිභෝගිකයාට ලබා දිමට නිරතුරුව සුදානමින් සිටින සමාගමක් විදිහට ZTE සමාගම දක්වන්න පුළුවන්. මැත කාලය තුලදි Smart Phone Industry එක තුල ඔවුන් විශාල පෙරලියක් ඇති කරන්න සමත්වු බව නොරහසක්. මෙලෙස නව පෙරලියක් ඇති කිරිමට හේතු වු මොවුන් නිපදවු නිෂ්පාදන විදිහට World's first Pressure-Sensitive Display, World's first Naked-eye 3D Display Smartphone හා World's first Foldable Dual-screen Smartphone යන Product දක්වන්න පුළුවන්.

මේ වන විට ලොව සියලු ප්‍රධාන දුරකථන නිෂ්පාදන සමාගම් තමන්ගේම Under Display Camera Smartphone එකක් නිපදවිමේ සිහිනය යථාර්ථයක් කර ගැනිමට උත්සාහ කරමින් සිටිනවා. මෙයත් සමග Notch Display, Water-drop Notch Display, Pop-up Selfie Camera Smartphone හා Hole punch Display වැනි නිෂ්පාදන මේ වන විට බොහෝ දුරකථන සමගම් තම Smartphones සදහා භාවිතා කරනවා.

තවමත් ප්‍රධාන පෙලේ දුරකථන නිෂ්පාදන සමාගම්වලට සිහිනයක් වු Under Display Cameraවක් සහිත දුරකථනයක් නිපදවිමට ZTE සමාගමට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේ Smartphone එක එළඹෙන සැප්තැම්බර් පළමුවෙනිදා නිල වශයෙන් එළිදැක්වීමට සුදානම්.

ඉතින් මේ ZTE Axon 20 5G කියන්නේ ලොව පළමු Under Display Camera phone එක. මේ දුරකථනය සැප්තැම්බර් 1 වැනිදා චීනයේදි නිකුත් කිරිමට සුදානම් බව ZTE සමාගමේ නිල Twitter ගිණුම හරහා ප්‍රකාශ කරල තියෙනවා.

මේ Device එක සාමාන්‍ය Notch එකකින් හෝ Punch Hole එකකින් යුතු වන්නේ නැ. ඒ වගේම Pop-up Cameraවකින් හෝ සමන්විත වෙන්නේ නැ. ඉතින් මේ Device එකේ Front Camera එක Under Display Cameraවක් ලෙස සකස් කර ඇති බවටයි වාර්තා පල වෙන්නේ.

මේ Smartphone එකේ specifications මොනව ද ?

Display

‌‌මේකට අගල් 6.92 In-Display Fingerprint Scanner එකක් සහිත OLED Display එකක් භාවිතා කරල තියෙනවා. ඒ වගේම මේ Display එක Full HD+ Resolution Display එකක් බවත් සදහන් වෙනවා.

මේ Device එක අපිට මිලදි ගන්න නම් පුළුවන් වෙන්නේ Colors දෙකකින් පමණක් බවයි දැක්වෙන්නේ. ඒ White හා Blue Colors.

Camera

Concept Front Camera Placing

ඉදිරිපස Cameraව Under Display Cameraවක් විදිහට බලාගන්න පුලුවන් අතරම මේ සදහා 32MP Cameraවක් භාවිතා කරල තියෙනවා.

ඒ වගේම පසුපස Quad-Camera Setup එකක් බලාගන්න පුළුවන්. මේ සදහා 64MP Primary Camera lens එකකුත් 8MPක Ultrawide Sensor එකක් හා 2MPකින් යුතු Lens දෙකකන් සමන්විත Quad-Camera Setup එකක් අඩංගු කර තිබෙනවා.⁣ මේ 2MP Lens දෙක බොහෝ විට Macro හා Depth Measuring Cameras බවයි සදහන් වෙන්නේ.

Platform, Memory & Battery

Android 10 මත ක්‍රියාත්මක වන Operation System එකකින් සමන්විත වේ. මෙය 2.4GHzක Octa-core Processorයක් මගින් බලගැන්වන අතර මෙය බොහෝ විට Snapdragon 765G Processorය විය හැකියි.

ඒ වගේම මෙය 6 / 8 / 12 GB RAM Versionsවලින් මිලදි ගැනිමට හැකි බවයි පැවසෙන්නේ. Internal Storage Options විදිහට 64 / 128 / 256GB Versions වලින් මෙය සමන්විත වනු ඇත.

මේ සදහා 4120mAh Batteryයක් යොදා ගෙන ඇති අතර Fast Charging Feature එක සහිතයි.

Concept ZTE Axon 20

මේ Specificationsවල විදිහට බොහෝ විට මේක Mid-range Device එකක් විය හැකියි. නමුත් Under Display Cameraව නිසා මෙය තරමක් Mid-range දුරකථනවලට වඩා මිලෙන් වැඩි විය හැකියි.

Sources: Forbes, The Verge