Loading...
මුල් වරට ලොවට iPhone එක හඳුන්වාදීමේදී iPhone එක සතුව "නොතිබූ​" පහසුකම් සහ විශේෂාං​ග 15​ක්

Android වැඩකාරයෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා මේ වෙන විටත් දන්නවා ප්‍රථම Apple iPhone එක වෙන iPhone 2G එක හදුන්වා දෙනු ලැබුවේ මීට වසර 15කට පෙර අද වැනි දිනක බව.

මීට වසර 15කට පෙර නිකුත් කරන ලද Apple iPhone එක විවිධ වෙනස්කම්වලට හා වැඩි දියුණු කිරිම්වලට ලක් වි වර්තමානය වෙන විට Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone Series එක වෙන iPhone 13 Series එක පසුගිය වසරේ නිකුත් කරන ලද්දේ Apple iPhone එකකටම විශේෂ වෙන Feature රැසක් සමගිනුයි.

මීට වසර 15කට පෙර හදුන්වා දෙන ලද ප්‍රථම Apple iPhone එක හා මේ වෙන විට Apple සමාගම විසින් නිකුත් කර පවතින iPhones අතර පවතින, ප්‍රථම Apple iPhone එක සතුව නොතිබුණ Features 15 ගැන අපි අද කතා කරමු.

01. App Store :

Apple සමාගමේ පළමු iPhone එක සදහා App Store සහය ලබා දි නොතිබු අතර එය සදහා Phone, Weather, Notes, Calendar, Photos හා Calculator ආදි Apps Preinstall ලෙස ලබා දි තිබුණා. 2008 වසරේ Apple සමාගම විසින් App Store එක හදුන්වා දෙන තුරැ Apple iPhone සදහා 3rd Party Apps Install කිරිමේ හැකියාව පැවතුනේ නැ.

02. Copy and Paste :

Apple සමාගමේ පළමු iPhone එකට Copy හා Paste කිරිමේ හැකියාවන් නොතිබුණ අතර මේ පහසුකම 2009 දි iPhone සදහා හදුන්වා දෙනු ලැබුවා.

03. Front Camera:

Apple සමාගම විසින් iPhone සදහා Front Camera එකක් හදුන්වා දෙනු ලැබුවේ 2010 දි නිකුත් කරන ලද iPhone 4 එකත් සමගයි.

04. Video Recording :

පළමු iPhone එකට ඡායාරූපය ගැනිමේ හැකියාව පමණක් හිමි වි තිබු අතර Video Recoding පහසුකම iPhone සදහා හිමි වුයේ 2009 වසරේ නිකුත් කරන ලද iPhone 3GS එකත් සමගයි.

05. Flashlight :

Apple සමාගමේ පළමු iPhone එක සදහා LED Flash එකක් ලබා දි තිබුණේ නැත.

06. Photo Messaging (MMS) :

පළමු iPhone එක Text SMS සදහා පමණක් සහය දැක්වු අතර SMS මගින් ඡායාරූපය හුවමාරු කර ගැනිමේ හැකියාව 2009 දී iPhone OS 3.0 සමග iPhone වෙත ලබා දෙනු ලැබුවා.

07. GPS :

Apple සමාගම විසින් 2008 වසරේදි iPhone 3G එකත් සමල GPS පහසුකම හදුන්වා දුන් අතර පළමු iPhone එක සදහා GPS සහය හිමි වුයේ නැත.

08. Home Screen Wallpapers :

පළමු iPhone එකේ Home Screen එකේ Wallpaper එක සදහා Custom Wallpaper එකක් යොදා ගැනිමේ අවස්ථාව ලබා නොදි තිබු අතර මේ හැකියාව 2010 දි නිකුත් කරන ලද iOS 4 සමග iPhone සදහා ලබා දෙනු ලැබුවා.

09. Siri :

Apple සමාගමේ Voice Assistant වෙන Apple siri 2011 දි iPhone 4S සමග හදුන්වා දෙනු ලැබුවා.

10. Touch ID :

පළමු iPhone එක අංක හතරක Passcode එකක් සමග පැමිණි අතර Touch ID පහසුකම iPhone සදහා 2013 දි නිකුත් කරන ලද iPhone 5s සමග ලබා දුන්නා.

11. Face ID :

Face ID පහසුකම ලබා දිම සිදු වෙන්නේ 2017 දී නිකුත් කරන ලද iPhone X එකත් සමගයි.

12. Lightning Connector :

Apple සමාගමේ පළමු iPhone එක 30-pin dock connector එකක් සමගින් පැමිණුන අතර වර්තමානයේ iPhones සදහා යොදා ගැනෙන Lightning Connector එක 2012 වසරේ නිකුත් කරන ලද iPhone 5 එකත් සමග හදුන්වා දෙනු ලැබුවා.

13. Retina Display :

2010 වස⁣රේ දී හදුන්වා දුන් iPhone 4 එකත් සමග Retina Display iPhone සදහා හදුන්වා දෙනු ලැබුවා. පළමුව නිකුත් වු iPhone 2G එකට වඩා හතර ගුණයකින් වැඩි Pixels ප්‍රමාණයක් මේ Retina Display එකේ අඩංගු වෙන අතර ඒ කාලයේ Smart Phone එකක තිබු වැඩිම Resolution එක සහිත Display එකත් මේ Retina Display එකයි.

14. Wireless Charging :

Wireless Charging පහසුකම හිමි වු පළමු iPhones වෙන්නේ 2017 වස⁣රේ නිකුත් කරන ලද iPhone 8, iPhone 8 Plus හා iPhone X ආදියයි.

15. Water Resistance :

පළමු iPhone එක වෙන iPhone 2G සදහා Water Resistance පහසුකම නොතිබු අතර මේ වෙන විට Apple සමාගම නිකුත් කරන සියලු iPhone සදහා IP68 Water Resistance හැකියාව ලබා දෙනු ලබනවා.

Source: MacRumors