Loading...
2020 Galaxy Unpack Event එකෙන් Devices 05 ක්

Samsung සමාගම විසින් තහවුරැ කරා ඔවුන්ගේ මිලග Galaxy Unpack Event එකේදි නව Devices 05 ක් නිකුත් කිරිමට ඔවුන් සුදානම් බව. ඒ වගේම මේ Event එක පවත්වන්න දැනට Schedule කරල තියෙන්නේ අගොස්තු 05 වෙනිදට.

ඒ වගේම මේක Online Event එකක් කියලත් ඔවුන් සදහන් කරල තියෙනවා.

Samsungලාගේ මේ Devices 05 මොනව වෙයිද? මොන වගේ වෙයිද?

ඉතින් දැනට තියෙන Leaks & Rumorsවලට අනුව අපිට කියන්න පුලුවන් මේ Devices 05 වෙන්නේ,

01. Galaxy Note 20 & 20 Ultra

Note 20

Note 20 Ultra 

02. Galaxy Z Fold 2

Galaxy Fold 2 කියන්නේ Foldable Smart Phone එකක්. දැනට තියෙන තොරතුරැවලට අනුව මේකේ තිරය අගල් 7.59 ක් හා තිරය Flexible Dynamic AMOLED Panel එකකින් සමන්විත වෙයි කියල කියන්න පුලුවන්. ඒ වගේම 120Hz Refresh Rate එකක් සහිත තිරයකින්ද මෙම දුරකථනය සමන්විත වෙනවා.

තවත් වැදගත් දෙයක් තමයි මේ Fold 2 සදහා S Pen Feature එක ද එකතු කරයි කියන එක.

03. Galaxy Z Flip 5G

අපිට මේකේ ලොකු වෙනසක් කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ 5G Hardware එකතු වුන එක විතරයි.ඒ කියන්නේ මේක 5G Networks Support කරන එක. ගොඩක් දුරට මේකේ Specs දැනට තියෙන Galaxy Z Flip එකටම සමාන වෙයි.

එහෙම වුනොත් බොහෝ විට Snapdragon 855 Plus processor එකක් එක්ක 8GB RAM එකක් හා 256GB storage එකක්, ඒ වගේම පිටුපස 12MP Dual Camera Setup එකක් හා ඉදිරිපස 10MP Single Cameraවක් සමගින් අපිට මේ Device එක බලාගන්න පුලුවන් වෙයි.

04.Galaxy Tab S7/S7+

අගල් 11 තිරයක් සමගින් Tab S7 එකත් අගල් 12.4 විශාල තිරයක් සමගින් Tab S7+ එකත් අපිට මේ Event එකෙන් බලා ගන්න පුලුවන් වෙයි. ඒ වගේම 120Hz Refresh Rate එකක් සහිත AMOLED Display එකකින් මේ Device එක සමන්විත වෙයි.

6/8GB of RAM & 128/256GB of storage එකක් සමගින් MicroSD Card Slot එකක්ද සහිතව මේ Model දෙක බලා ගන්න පුලුවන්. 10090 mAh බැටරියකින් හා 45W fast Charging පහසුකමත් සහිතව මෙය නිකුත් වනු ඇත.

05. Galaxy Watch 3

Galaxy Watch 3 එකේදි අපිට 5ATM Water Resistance , Gorilla Glass DX Protection හා Built in GPS තාක්ෂණය බලා ගන්න පුලුවන්. ඒ වගේම අපිට මේ Watch එක Black, Bronze, and Silver කියන Colors වලින් බලා ගන්න පුලුවන් වෙයි.

ඒ වගේම මෙහි මුහුණත කැරකවිය හැකි එකක් වෙයි කියලත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මිට අමතරව ඔවුන්ගේ Galaxy Buds ⁣ද මේ Event එකෙන් Release කරන්න ලැස්ති වෙලා ඉන්නව.

ඒ වගේම කියන්න ඔනේ මේ දවස්වල තියෙන සෞඛ්‍ය ගැටලු මත මේ Event එකේ Schedule Date එක අගොස්තු 05 වුනත් මේක සතියක්, දෙකක් විතර ආපස්සට වුනත් යන්න ඉඩකඩ බොහෝ දුරට තියෙයි කියල.