Loading...
අවම පිරිවිතර නොමැති බැවින් Windows 11 install නොකල පරිශීලකයන් ප්‍රමාණය 42%ක් ඉක්මව​යි

පසුගිය වසරේ එනම් 2021 ඔක්තෝබර් 5 වන දින නිකුත් වූ Windows 11 Version සඳහා ඒ වන විට මහත් උනන්දුවක් දැක්වීම Windows පරිශීලකයන්ගේ පොදු කරුණක් බවට පත් විය. කෙසේ වෙතත් Windows 11 නිකුත් වී වසරක් ඉක්මවා ගොස් ඇතත් එම Update පහසුකම තවමත් සිදුනොකළ Windows පරිශීලකයන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 42% ක් පමණ වන බව Lansweeper විසින් සිදුකළ සමීක්ෂණයක් ඔස්සේ සඳහන් කර ඇත.

මෙයට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ එම පරිශීලකයන් සතුව Windows 11 Update ලබාගැනීම සඳහා ඇති අවම Features සහිත පරිඝණකයක් නොමැති වීමයි. කෙසේ වෙතත් විශාල පරිශීලකයන් ප්‍රමාණයක් Windows 10 වලින් Windows 11 සඳහා මාරු වීමට යම් අකමැත්තක් දරන පසුබිමක මෙවැනි සමීක්ෂණයක් ඔස්සේ නිකුත් කර ඇති දත්ත පිළිබඳව යම් මතභේද පවතී.

සිදුකල සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව පරිශීලකයන්ගෙන් 42.76% ක පිරිසක් සඳහා Windows 11 ක්‍රියාකරවීම සඳහා ප්‍රමාණවත් වන Processor එකක් නොමැති වීම ද 14.66% ප්‍රමාණයක් සඳහා TPM Chip නොමැති වීම නිසා ද 71.5% ප්‍රමාණයක් සඳහා අවශ්‍ය RAM පහසුකම නොමැති බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Android වැඩකාරයෝ සමග සම්බන්ධ වී සිටින ඔබ වෙත මින් පෙර Windows 11 Update එක මගින් ලබා දෙන Features පිළිබඳව ලිපි පෙළක් ලබාදී ඇත. මෙම සබැඳිය ඔස්සේ එය නැරඹිය හැක.

කෙසේ වෙතත් තවමත් Windows 11 වෙත ප්‍රවිශ්ට නොවූ Windows පරිශීලකයෙක් නම් ඒ සඳහා ඔබගේ පරිගණකයේ ඇති අවශ්‍යතා ඒ සඳහා සපුරාලන්නේ ද යන්න හඳුනා ගැනීම සඳහා ඔබට PC Health Check යෙදුම භාවිතා කර එය පරීක්ෂා කිරීම සිදුකළ හැකි වේ. එම යෙදුම මගින් ඔබගේ පරිගණකයේ ඇති උපාංග අතරින් Windows 11 සඳහා අවම අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් Requirements හඳුනාගැනීම සිදු කරයි. එමගින් ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට එය බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

Sources: support.microsoft.com www.gizchina.com