Loading...
Samsung සමාගම විසින් පසුගිය වසර 15 තුල නිකුත් කල ජනප්‍රියතම Special Edition ජංගම දුරකතන 06 ගැන දැනගමු

විවිධ ක්ෂෙත්‍රවල සමාගම් එකතු වි සිදුකරන පුදුමාකාර නිෂ්පාදන අපිට දැක ගැනිමට හැකියාව ලැබෙනවා. Smartphone නිෂ්පාදනය තුල පමණක් නොවේ බොහෝ ක්ෂේත්‍රවල නිෂ්පාදන කටයුතුවලදි මෙලෙස හවුල්කාරිත්වයක් ගොඩනගා ගෙන නිෂ්පාදන කටයුතු කිරිම සිදු කරනවා. ඉතින් අපි අද බලමු මේ විදිහට Samsung සමාගම විසින් වෙනත් සමාගම් සමග එකතු වි නිෂ්පාදනය කරපු Smartphone මොනවද කියල.

01.The VERSUS Phone‌‌

2006 වසරේදි Samsung ආයතනය හා  Versace ආයතනය එකතු වි VERSUS Phone එක එළිදැක්වීමට කටයුතු කලා. මෙය Luxurious VERSUS Phone එකක් විදිහට හදුන්වන්න පුළුවන්. මේ Device එක Foldable Flip-out Design එකකින් යුතු වුණු අතර මෙය Rich Leather Materials වලින් නිර්මාණය කරනු ලැබුවා.

02.The Armani Phone‌‌

Luxury Fashion Brand එකක් වෙන Giorgio Armani සමාගම හා එක්ව 2007 සිට 2009 දක්වා Armani Phone යනුවෙන් Smartphone Model 03ක් එළිදැක්වීමට Samsung ආයතනය කටයුතු කරනු ලැබුවා. මේ අනුව 2007 දි Giorgio Armani Phone එකත් 2008 දි Night Effect Giorgio Armani Phone එකත් 2009 දි ඔවුන්ගේ අතිශය ජනප්‍රියත්වය පත්වු Model එකක් නිකුත් කිරිම සිදු කරා.

2009 දි නිකුත් කල Armani Phoneවල 03වන Model එක Elegant Black-Golden Color Scheme එකකින් යුතු Design එකකින් සමන්විත වුණා. ඒ වගේම මෙය Slide-Out Physical Keyboard එකකින් ද සමන්විත වුවා. මෙහි Display එක වුයේ Touch-enabled Display එකක්.

03.The Galaxy S6 Iron Man Edition‌‌

2015 දි Marvel ආයතනයත් සමග එකතු ව Iron Man රසිකයින් සදහා Galaxy S6 Iron Man Edition එක නිකුත් කිරිම සිදු කරා. ඒ වගේම මෙය Limited Edition එකක් ද වුණා. එනම් මෙයින් දුරකථන 1000ක් පමණයි නිෂ්පාදනය වුයේ.

04.The Galaxy S7 Edge Injustice Edition‌‌

DC ආයතනය හා එකතුව 2016 දි Galaxy S7 Edge Injustice Edition එක හදුන්වා දිමට Samsung ආයතනය කටයුතු කරා. මෙය Batman රසිකයින් සදහා නිර්මාණය වු අතර මෙයත් Units 1000කින් යුතු Limited Edition එකක් වුවා.

05.The Galaxy A80 Blackpink Edition‌‌

2019 දි  ජනප්‍රිය Kpop කණ්ඩායමක් වෙන Blackpink සමග එකතු වි Galaxy A80 Blackpink Edition එක එළිදැක්වීමට කටයුතු කරා. ඒ වගේම Samsung සමාගමේ Rotating Slider Camera එකක් සහිත පළමු Device එක වුයේද මෙයයි. Galaxy A80 Special Edition එකත් සමග Galaxy Buds හා Galaxy Watch Active, සහිත Limited Edition Package එකක් ලබා දිමට Samsung ආයතනය කටයුතු කරනු ලැබුවා.

06.The Galaxy S20+ BTS Edition‌‌

ජනප්‍රිය සංගිත කණ්ඩායමක් වෙන BTS කණ්ඩායම සමග එකතු වි 2020 දි Galaxy S20+ BTS Edition එක නිකුත් කිරිමට Samsung ආයතනය කටයුතු කලා. මේ Special Edition එකත් සමග Haze Purple වර්ණයෙන් යුතු Galaxy Buds+ ලබා දිමත් සිදු වුවා.

Samsung ආයතනය හා වෙනත් ආයතන එක්ව නිර්මාණය කරන ලද ප්‍රධාන නිෂ්පාදන 06 ලෙස මේ නිෂ්පාදන දැක්විය හැකියි.