Loading...
Freelancing වැඩ කරලා ඩොලර් උපයන්න පුළුවන් වෙබ් අඩවි 6ක් මෙන්න

Freelancing කියන්නෙ Online සල්ලි හොයන්න තියෙන්නෙ ප්‍රසිද්ධ​ම ක්‍රමයක්. මේ Freelancer ගැන අපි ගෙනාපු සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ මේ Freelancing කරන්න පුළුවන් හොඳම Web Sites 6ක් ගැනයි.


Upwork.com

Upwork Logo via Upwork.com

Upwork කියන්නේ ඔයා කුමන ආකාරයේ Freelancer කෙනෙකු වුනත් රැකියාවක් සොයා ගැනීම සඳහා හොඳම වෙබ් අඩවියක් ලෙස දක්වන්න පුලුවන්.
Web Developing, Graphic Designing, වැනි ක්ෂේත්‍ර වල යෙදී සිටින අයට Upwork වෙතින් රැකියාවක් මෙන්ම ඔබට ඉතා ප්‍රයෝජනවත් ආකාරයේ වාසිද ලබා ගන්න පුළුවන්.

Designhill.com

Designhill Logo via Designhill.com

Designhill වෙතින් Freelancing Graphic Designersලා සඳහා සේවා යෝජකයින්ව සම්බන්ධ කර දීම සිදු කරන අතර සේවා යෝජකයන්ට හොදම සහ ඔවුන්ට ගැලපෙන Graphic Designersලා සොයා ගැනීමට ක්‍රම කිහිපයක් ලබා දෙනවා.

මෙහිදී Freelancing Graphic Designersලා සදහා ව්‍යාපෘති තරඟ ඉදිරිපත් කොට ඒ තුළින් සේවා යෝජකයින්ට අවශ්‍ය Graphic Designerව තෝරාගත හැකි වනවා.

Toptal.com

Toptal Logo via Toptal.com

Toptal කියන්නේ Freelancersලා අතුරින් හොඳම දක්ෂතා ඇති 3% සොයා ගැනීමට හැකි Platform එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඔවුන්ගේ පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය කෙතරම් දැඩි ද කිව්වොත් සෑම මසකම ලබා ගන්නා දහස් ගණන් ඉදිරිපත් කිරීම් අතරින්, ඔවුන් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට භාර ගන්නේ ඉන් කිහිපයක් විතරයි. තවද එහිදී පාරිභෝගික සහාය වැනි තවත් බොහෝ කරුණුද ඔවුන් විසින් සලකා බලනවා.

Fiverr.com

Fiverr Logo via Fiverr.com

Fiverr ගැන නම් නොදන්න කෙනෙකු මේ Article එක කියවනවා ඇති කියලා නම් මම හිතන්නේ නැහැ.

Fiverr එකට මේ නම ලැබුණේ එය මුලින් ඇමෙරිකානු ඩොලර් පහකට Gigs සඳහා මිල යොදා තිබූ නිසායි. ඒත් වර්තමානය වෙද්දි එතැන් සිට බොහෝ දුරක් මේ Platform එක වර්ධනය වෙලා තියෙන නිසා දැන්, ඔයාට ඔයාගෙම ආරම්භක මිල ගණන්, පැකේජ සහ Addons ලබා දීලා Gigs පළ කරන්න පුළුවන්.

PeoplePerHour.com

PeoplePerHour Logo via PeoplePerHour.com

PeoplePerHour කියන්නේ Freelancers ලා සඳහා වන අනෙකුත් වෙබ් අඩවි හා සසඳන විට ඔවුන් සමඟ ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීමේ වඩා හොඳ කාර්යයක් සිදු කරන වෙබ් අඩවියක්.

මේකේ මූලික අරමුණ වෙන්නේ Freelancers ලාව සහ ගනුදෙනුකරුවන්ව විධිමත් නිවැරදි ආකාරයට එකට ගෙන ඒමයි.

Freelancer.com

Freelancer Logo via Freelancer.com

Freelancer.com කියන්නේ ඔයා කුමන ආකාරයේ Freelancer කෙනෙකු වුනත් රැකියාවක් සොයා ගැනීම සඳහා හොඳම වෙබ් අඩවියක්.
Web Developing, Graphic Designing, වැනි ක්ෂේත්‍ර වල යෙදී සිටින අයට Freelancer.com වෙත පිවිසීමෙන් රැකියාවක් මෙන්ම ඔබට ඉතා ප්‍රයෝජනවත් ආකාරයේ වාසිද ලබා ගන්න පුළුවන්.


මේ sites වල account එක හදපු ගමන් orders එයි කියලා බලාපොරොත්තු තියං ඉන්නෙපා ටික කාලයක් ඉවසලා බලන්න. තමන්ගේ Profile එක වගේ දේවල් හරියටම සෙට් කරගත්තොත් ප්‍රශ්නයක් නැතුව orders එයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතනදි අපිට සල්ලි හම්බ වෙන්නෙ අපි task එක complete කලහම සහ client approve කරහම විතරයි.