Loading...
iPhone එකක් ගද්දි ඔයත් මේ කරුණු 06 ගැ​න සැලකිලිමත් වෙනවද?

1. Budget:

මුලින්ම ඔයා බලන්න ඕනෙ ඔයාට වියදම් කරන්න පුළුවන් මුදල. ආසාව තිබ්බට වියදම් කරන්න පුලුවන් මුදල පොඩීනම් ණය වෙලා ගන්න යන්න එපා. විවිධ පරාසවල iPhone තියෙන නිසා ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන බලලා අතේ තියෙන මුදලට ගැලපෙන ඒ වගේම හොඳම වටිනාකම තියෙන එක බලලා ගන්න.

2. Storage:

විවිධ storage යටතේ iPhone කිහිපයක් රිලීස් වෙනවා. ඒ නිසා ඔයා ඔයාගෙ වැඩ වලට ගැලපෙන විදියේ storage එකක් තියෙන iPhone එකක් මිලදී ගන්න සැලකිලිමත් වෙන්න. මොකද storage එක අනුවත් මිල ගනන් වෙනස් වෙන නිසා ඔබට ලොකු storage එකක් තියෙන phone එකක් අවශ්‍ය නැත්තං වැඩි මිලක් වියදම් කරන එක අපරාදෙ.

3. Features:

iPhone series එකක model කිහිපයක් රිලීස් වෙන නිසා ඔයා බලන්න ඔයාට ඕනෙ features මොනවද කියලා. ලොකු display එකක්, කැමරා සෙටප් එක, battery capacity එක සහ pro model සහ base model වල software side එකේ තියෙන Features ගැනත් බලන්න.

4. Battery Life:

මෙන්න මේක ගැනත් ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. ඔයාලා කරන වැඩත් එක්ක ඔයාලට අවශ්‍ය ප්‍රමානයේ battery capacity එකක් තියෙන phone එකක් ගන්න ඔයාලා ට්‍රයි කරන්න. ඒ වගේම ඔයාලා second hand වගේ ඩිවයිස් එකක් ගන්නවනම් ඒකෙ battery health එක ගැන සැලකිලිමත් වෙන්න. බැටරි එක චේන්ජ් කරලනම් චේන්ජ් කරලා තියෙන්නෙ original battery එකක්ද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න. Battery health එක විතරක් බලලා නවතින්න එපා. ගද්දි අතට අරන් ටිකක් පාවිච්චි කරලා බලන්න battery drain එක කොහොමද කියලත්.

5. Compatibility:

iPhone එකක් ගද්දි මෙන්න මේක ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයා දැනට use කරන්නෙ iPhone එකක් නෙමේනම් ඔයා අලුතෙන් iPhone එකක් ගත්තම ඔයාට වෙන phone එකක accessories use කරන්න බෑ. Ex: charger, headset (දැං නම් එහෙම use කරන්න පුලුවන් ඒවත් තියෙනවා Bluetooth headset, සමහර brand වල chargers එහෙම). ඒ නිසා iPhone එකක් ගද්දි ඔයාට ඒ අවශ්‍ය accessories ටිකත් ගන්න හැකියාවක් තියෙනවද කියලා බලන්න.

6. Operating system/ UI:

මං හිතනවා ඔයාලා ටිකක් මේ ගැනත් සැලකිලිමත් උනානම් හොඳයි කියලා. සමහරු කියනවා මට iPhone එක use කරන්න තේරෙන්නෙ නෑ කියලා. සමහරු ගොඩක් හුරුවෙලා තියෙන්නෙ android OS එකට. සමහරුන්ට iOS එකට හුරු වෙන්න අමාරුයි. Android වල කරන්න පුළුවන් දේවල් බලාපොරොත්තුවෙන් iOS වලට මාරු වෙන්න එපා. ඒ වගේම අලුතෙන් මාරු වෙන කෙනෙක්ට මාරු උන ගමන් මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෑ කියලා හිතාගෙන phone එක මාරු කරන්නත් එපා. ටික දවසක් ගියාම හැමදේම හුරු වෙනවා. මොකද අපි Button phone පාවිච්චි කරලා android වලට මාරු උනේ ඒක ගැන දැනගෙන නෙමේනෙ. 😉