මිට දින කිහිපයකට පෙර Nokia සමාගමේ අතිශය ජනප්‍රියත්වයට පත්වු Feature phones දෙකක් නව තාක්ෂණය සමග වෙළදපොලට නිකුත් කිරිමට සුදානම් වන බවට ලිපියක් ගෙන ආවා. ඒ වගේම Nokia සමාගමේ අතිශය ජනප්‍රියත්වයට පත්වු N95 Phone එකේ Modern Version එකේ Engineering Prototype එක පිළිබඳව තොරතුරු මේ වන විට නිකුත් වි තිබෙනවා.

Youtuber කෙනෙක් වෙන Michael Fisher (MrMobile)ගේ නවතම Video එකට අනුව Nokia සමාගම විසින් මේ N95 Model එකේ Modern Version එකක් නිකුත් කිරිමට අදහස් කරමින් සිටින බවට අපට කිව හැකියි.
The Nokia N95 was the last great phone to launch before the iPhone – and it was such a blockbuster that HMD Global almost brought it back!
— Michael Fisher (@theMrMobile) November 6, 2020
Join me to revisit the legendary N95, and get an exclusive look at its canceled reboot, on "When Phones Were Fun!" https://t.co/GXK7F0JVoI pic.twitter.com/NReKGm0L6D
මේ Prototype එකට අනුව Horizontal sliding Mechanism එකක් සහිත Side Slider එකකින් මේ Smartphone එක සමන්විත වෙනවා. එනම් මේ Smartphone එකේ Front Camera හා Speaker Setup එක මේ Side Slider එකට ඇතුලත් කර තිබෙනවා. මේ Design එක නිසා අපිට මේ Smartphone එකේ Full View Display එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම Rear Camera Setup එක වටා ඇති Ring එක මගින් දුරකථන රදවා තැබිමේ හැකියාව ද ලබා දි තිබෙනවා. මේ Camera Setup එක ZEISS Branded Camera Setup එකක් වෙනවා.


තවමත් Prototype එකක් වුවත් LG සමාගමේ Wing Smartphone එක වගේම Nokia සමාගම වුවත් ඉදිරියේදි මේ Device එක එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි වුවද බලාපොරොත්තු වෙන්න පුළුවන්.