දුම්රිය මාර්ගවලදී වන අලි දුම්රියේ ගැටිම දිගු කලක සිට පවතින ගැටලුවක්. පසුගිය පෙබරවාරි මාසයේදී ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමකින් අලි හය දෙනෙක් පමණ මිය ගියා. මේ සිදුවීමෙන් පසුවත් පසුගිය දිනක නැවත අලියෙකු දුම්රියේ ගැටී තිබෙනවා.
මේ ඛේදවාචකයෙන් පස්සේ පරිසර අමාත්‍යාංශය නව පියවරක් ගන්න තීරණය කරලා තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවපු කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයෙන් යුත් උපකරණයක් දුම්රිය සඳහා ලබා දෙමින් මේ ගැටලුව සඳහා පිළියමක් යෙදීමටයි.

මේ උපකරණයෙන් මීටර් 500ක පමණ දුරකදී දුම්රිය මාර්ගයේ ඉන්න අලියෙකු හඳුනාගෙන එන්ජින් රියදුරුට අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලබනවා. ඒ අනුව, මේ උපකරණයට දුම්රිය ධාවනය වෙනකොට දුම්රිය මාර්ගයේ අලි ඉන්නවද කියලා ස්වයංක්‍රීයව හඳුනාගන්න පුළුවන්. ඒකට infrared sensors, machine learning algorithms වගේ තාක්ෂණය යොදාගෙන තියෙනවා. මේ සඳහා මේ වන විට වනජීවී හා දුම්රිය දෙපාර්තමේන්තුවල අනුමැතියත් මේකට ලැබිලා තියෙනවා.
මේ මස මුල් සති දෙක තුළදී එම මාර්ගයේ ධාවනය වන දුම්රිය එන්ජින් සඳහා මේ AI උපකරණය මුලින්ම ස්ථාපිත කර මෙහි ක්‍රියාකාරීත්වය අත්හදා බැලීමට නියමිත වනවා.
මේ නව AI උපකරණයෙන් මේ ගැටලුවට තිරසර විසඳුමක් ලැබෙයි කියලා අපේක්ෂාව තියෙනවා. මේකෙ real-time detection තාක්ෂණයෙන් රියදුරන්ට අලි ගැන කල්තියා දැනුම් දෙන්න පුළුවන්. ඒකෙන් දුම්රිය නවත්තන්න හෝ වේගය අඩු කරන්න ඉඩ ලැබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා දක්වන්නේ, "මේකෙන් අලි ජීවිත බේරෙනවා වගේම, දුම්රිය මාර්ගවල ආරක්ෂාවත් වැඩි වෙනවා" කියලා.
මේ pilot project එක සාර්ථක වුණොත්, දුම්රිය මාර්ගයන් හරහා අලි මාරුවන අනෙක් දුම්රිය මාර්ගයන්ට මේ තාක්ෂණය ව්‍යාප්ත කරන්න පුළුවන්.
ඉන්දියාවේ Assam, West Bengal වගේ ප්‍රදේශවලත් මෙවැනි Elephant detection systems අත්හදා බලලා තිබෙන අතර එයින් අලි මරණ 30%කින් අඩු වුණ බව වාර්තා ඔස්සේ පෙන්වා දෙනවා.
Source: newswire.lk Cover Image: currentaffairs.adda247.com