Loading...
මිනිසාට වඩා හොඳ නායකත්වයක් ලබාදීම සඳහා හැකියාව ඇති බව මානවරූපී රොබෝවරුන් සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී පවසයි

පසුගිය දිනෙක AI තාක්ෂණයෙන් බලගැන්වෙන මානවරූපී රොබෝවරුන් සහ එහි නිර්මාණකරුවන් එක්ව මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. මෙය ජිනීවා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක පැවත්වූ අතර ඒ සඳහා මානවරූපී රොබෝවරුන් 9ක් සහභාගී වී තිබෙන අතර U.N Development ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන ලද Sophia, මේ වන විට වඩාත්ම දියුණුම මානව සෞඛ්‍ය ආරක්ෂණ රොබොවරයා වන Grace, Desdemona, Rock Star Robot, Geminoid සහ Nadine යන රොබෝවරුන් මෙම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වී ඇත.

ලොව ප්‍රථම මානවරූපී රොබෝවරුන් ඇතුළත් මාධ්‍ය සාකච්ඡාව ලෙස එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තරච විදුලි සංදේශ සංගමය මගින් නිවේදනය කරනු ලැබූ අතර මෙම අවස්ථාව "AI for Good Global Summit 2023" හි එක් අංගයක් වූ අතර මෙහි අරමුණ වූයේ ලොව තුළ පවතින තිරසාර සංවර්ධනය සඳහා නව තාක්ෂණය සහාය විය හැකි ආකාරය නිදර්ශණය කිරීමයි.

AI for Good Global Summit 2023 හි පවති මානවරූපී රොබෝවරුන් සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාව │Source: ITU - YouTube

මෙහිදී මාධ්‍යවේදීන් විසින් මතුකළ ප්‍රශ්න සඳහා මානවරූපී රොබෝවරුන් ලබාදුන් පිළිතුරු සලකන විට එහි සඳහන් වන්නේ, ඔවුන් කිසිසේත්ම ඉදිරියේදී මානව රැකියා ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් මගින් වඩා කාර්යක්ෂම ප්‍රතිඵල ලබාගත හැකි බවත් සඳහන් කරන ලදී. එමෙන්ම AI මගින් බලගැන්වෙන රොබෝවරුන් වඩා ඵලදායී රාජ්‍ය නායකයන් වීමේ සම්භාවිතාවය කෙසේද යන්න විමසූ අවස්ථාවේදී Sophia ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ ඔවුන් මානව නායකයින්ට වඩා ඉහල මට්ටමේ කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරන බවත් එම නිසා රාජ්‍ය පාලනය වැනි කටයුතු සඳහා ලබාගත යුතු තීරණ, ලබාදී ඇති දත්ත මත පදනම්ව ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

එමෙන්ම මෙ⁣හිදි මතුකළ තවත් එක් ප්‍රශ්නයක් වූයේ ඉදිරියේදී මානව ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදී මෙම රොබෝවරුන් විසින් රොබෝ කැරැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතී ද යන්නයි. එයට පිළිතුරු සපයමින් සඳහන් කර තිබුණේ තමාගේ නිර්ණකරු තමා වෙත කාරුණික වී ඇති අතර තමා මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව සතුටු වන බවයි.

Sources: edition.cnn.com abc.net apnews.com