Loading...
නූතන පරිගණකයේ පියා, කෘත්‍රීම බුද්ධියේ පියා සහ ප්‍රථම චෙස් ඇල්ගොරිදමය නිර්මාණය කල Alan Turing (ඇලන් ටියුරින්)

මේ කතාව පටන් ගන්නේ දෙවනි ලෝක යුද්ධ සමයෙන්. හිට්ලර්ගේ නාසි ජර්මනිය ප්‍රමුඛ රටවල් කිහිපය හා එංගලන්තය ප්‍රමුඛ මිත්‍රපාර්ශවික රටවල් අතර යුද්ධය හිට්ලර්ගේ පාර්ශවය දිනමින් හිටපු කාලය මේ. නාසි ටයිගර් ටැංකි, U-Boat කියන සබ්මැරීන් නිසා යුද්ධය මිත්‍රපාර්ශවික රටවල් පරදිමින් හිටියේ.

මේ කාලේ හැමෝම පණිවිඩ හුවමාරු කලේ FM/AM තරංග වලින්. මේවා ඉතින් රේඩියෝවක් තියන ඕන කෙනෙක්ට අහන්න පුළුවන් නිසා මේ පණිවිඩ ඛේතනය කරලා යවන්නේ. හැබැයි මේවාට පාවිච්චි කල ක්‍රම ටිකක් වෙලාවක් අරගෙන කඩන්න පුළුවන් ක්‍රම. ඒ නිසා නිතරම මිත්‍රපාර්ශවික රටවල් වල පණිවිඩ නාසීන් විසින් කියෙව්වා.

හැබැයි ඒක එහෙම උනාට නාසීන්ගේ පණිවිඩ කිසිම ක්‍රමේකට කඩන්න මිත්‍රපාර්ශවිකයන්ට බැරිවුණා. මොන විඛේතන ක්‍රමේ පාවිච්චි කලත් මේ පණිවිඩ විඛේතන කරන්න බැරි උනා. මේ ගැන හොයපු එංගලන්ත රහස් ඔත්තු සේවයට දැනගන්න ලැබෙනවා මෙයාලා මේ පණිවිඩ ඛේතනය කරන්නේ එක්තරා යන්ත්‍රයක් පාවිච්චි කරලා කියලා.

මේ යන්ත්‍රය තමා Enigma (එනිග්මා)

ඉතින් බ්‍රිතාන්‍ය කලේ පෝලන්තයෙන් මේ මැශිමක් උස්සපු එක. එයාල හිතුවා මේ මැශිමක් තිබ්බොත් අර පණිවිඩ Decode කරන්න පුළුවන් වේවි කියල. හැබැයි මෙයාලා ඉක්මනින් තේරුම්ගත්තා ඒක හරියන්නේ නෑ කියලා. මැශින් එක විතරක් තිබිලා මදි මැශින් එකේ "සෙට්ටින්ග්ස්" දැනන් ඉන්නත් ඕන.

Enigma Machine එකේ ඡායාරූපයක්

එනිග්මා එක හැදුවේ ජර්මානු ඉන්ජිනේරු ආතර් ශ්චේබියස් විසින්. මේ යන්ත්‍ර ක්‍රියා කලේ සංකරණ හා සංයෝජන කියන ගණිත සංකල්ප මත. මේ යන්ත්‍රයේ ඉදිරිපස තිබ්බා ‍රොටර් කීපයක්, කීබෝඩ් එකක් හා අකුරු සහිත බල්බ 26ක් හා ප්ලග් බෝඩ් එකක්. මේකේ රොටර් කරකවනකොට යන්ත්‍රයේ ඇතුලේ සර්කිට් වල සැකැස්ම වෙනස් වෙනවා. ඒකෙන් වෙන්නේ විඛේතන කරන ක්‍රමය වෙනස් වෙන එක. හැබැයි ඉතින් මේකේ රොටර් එකක ඩයල් 26ක් තියෙනවා. රොටර් 8ක් දක්වා පුළුවන්. ඒ කියන්නේ මේකේ සෙට්ටින්ග්ස් 158,962,555,217,826,360,000 තියෙනවා. (ආසන්නව 159 quintillion)!

මැශින් එකේ පණිවිඩ ඩිකෝඩ් කරන්න අනිත් මැශින් එකේ රොටර් හා ප්ලග් බෝඩ් එක පණිවිඩය යවපු මැශින් එකේ විදිහටම හදන්න ඕන. වැඩේ කියන්නේ ජර්මන් කාරයෝ හැමදාම උදේ 6ටයි රෑ 12ටයි උන්ගේ මැශින් එකේ සෙට්ටින්ග්ස් මාරු කරනවා!

කෝමද ඒක? සංසාරේට පණිවිඩ ඩිකෝඩ් කරන්න බෑ ඉතින්

බ්‍රිතාන්‍ය MI7 අංශය විසින් මේක බිදින්න හදනවා කණ්ඩායමක්. මේකට ඇතුලත් වෙනවා අමුතු තරුණයෙක්. අනිත් අය ගණිතමය සංකල්ප ඔලුවෙන් විසදලා එනිග්මා කඩන්න හදනකොට ඔහුගේ අදහස උනේ යන්ත්‍රයක් පරද්දන්න පුළුවන් යන්ත්‍රයකට විතරයි කියලා. මේ තරුණයා තමයි "ඇලන් ටියුරින්".

Alan Turingගේ ඡායාරූපයක්

බොහොම අමාරුවෙන් සල්ලිත් පාස් කරන් මේ කණඩායම හදනවා යන්ත්‍රයක් "ක්‍රිස්ටෝපර්" කියලා. මේක අතිවිශාල යන්ත්‍රයක්. දැවැන්ත විදුලියක් අවශ්‍ය උනා. හැබැයි මේක අවසානයේ එනිග්මා බිදිනවා. මේ යන්ත්‍රය මූලික කරගෙන ඇමරිකානුවන් හදනවා "බොම්බේ" යන්ත්‍රය. ඒකෙන් පුළුවන් උනා රොටර් වැඩි ගනන් වල එනිග්මා බිදින්න.

මේ නිසා සියලු ජර්මන් පණිවිඩ මිත්‍රපාර්ශවිකයන්ට අහු උනා. ඒකෙන් උනේ යුද්ධය වසර 3කින් කෙටිවීම විතරක් නෙවේ යුද්ධයේ මග වෙනස්වීම. ජයග්‍රහණය කරමින් හිටපු ජර්මානුවන් පරදින්න ගත්තා. හැබැයි උනුත් නිකන් හිටියේ නෑ එනිග්මා එකේ අලුත් මොඩල් හැදුවා. ඒත් ටියුරින්ගේ යන්ත්‍ර නිස ඒවත් කැඩුවා. අවසානයේ යුද්ධය නිමාවෙනවා ජර්මනිය පරාජය වෙමින්.
මේ විදිහට යුද්ධය අවසන් වෙච්ච නිසා මිලියන 14ක් මරණයෙන් ගැලවෙනවා.

එතකොට ටියුරින්ට මොකෝ උනේ?

මේකාලේ එංගලන්තයේ සමලිංගික සේවනය තහනම්. ඇලන් ටියුරින් කියන්නේ සමලිංගිකයෙක්. මේක රජයෙන් දැනගත්තම ඔහුට හෝමෝන ප්‍රතිකාර නියම කරනවා. මේකෙ ඔහුට වෙච්ච පීඩාව නිසාම 1912 ජූනී 23 උපත ලැබූ ඇලන් තමංගේ 42වනි උපන්දිනයට දින කීපයකට කලින් 1954 ජූනි 7 සයනයිඩ් සහිත ඇපල් ගෙඩියක් කාලා සියදිවි නසා ගන්නවා.

ඇලන් ටියුරින් කෘත්‍රීම බුද්ධියේ පියා ලෙසත් සලකනවා. ප්‍රථම චෙස් ඇල්ගොරිදමයත් මෙයාගේ. බ්‍රිතාන්‍ය විසින් මොහුගේ එනිග්මා සම්බන්ධයෙන් කටයුතු රහසක් ලෙස තියාගෙන ඉදලා 90 දශකයේ දී තමා හෙලිකරන්නේ. 2013දි එලිසබත් රැජින ඔහුට රාජකීය සමාව ලබාදෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය විසින් ඇලන් ටියුරින් නීතිය ගෙනල්ල සියලු සමලිංගිකයන්ට සමාව ලබාදෙනවා.

ඇලන් ටියුරින්ගේ යන්ත්‍රය හදුන්වන්නේ ටියුරින් යන්ත්‍ර ලෙස. මේ යන්ත්‍ර පරම්පරා ගණනක විද්‍යාඥයන්ගේ අතින් දියුණු වෙනවා. අද අපි ඒ ටියුරින් මැශින් වලට කියනවා පරිඝණක කියලා.

(මෙතුමා ගැන හොද චිත්‍රපටයක් තියෙනවා The Imitation Game කියලා. බෙනඩික්ට් රගපාන්නේ ඒකත් බලන්න)