Loading...
මොනාලීසා චිත්‍රයේ ඉතිහාස කතාව සහ සිනහවේ ප්‍රෙහේලිකාව ඇතුළු ඔබ දැන ගතු දෑ සියල්​ල

ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ඉතිහාසය තුල අද්භූත බව ආකර්ෂණය හා කුතුහලය දනවන චිත්‍ර කොපමන ඇතත් Monalisa හට හිමි වන්නෙ ඉතාමත් විශේශ තැනක්.ඉතාලි පුනරුදයේ සදා නොමැකෙන පුරුකක් වූ ලියනාඩෝ ඩාවින්චි විසින් බිහි කළ විශිෂ්ඨතම කළාකෘතිය ලෙස​ මෙය සැලකෙන්නෙ.

මෙම විශිෂ්ඨ කළාකෘතිය බිහි කර මේවන විට සියවස් ගණනාව​ක් ගතවී අවසන් උනත් තවමත් ඇය වෙත ලැබෙන ප්‍රේක්ෂක ආකර්ෂණයනම් අඩුවක් දක්නට නැත. එහි මනරම් බැල්ම, සියුම් සිනහව කියාපාන්නේ මොනාලිසා යනු ලියනාඩෝගේ අසමසම දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ සාක්ෂියක් බවයි. එමෙන්ම මගේ මතයට අනුව Monalisa යනු ලියනාඩෝගේ අසමසම දක්ෂතාවය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ පිලිබිඹු කිරීමට කදිම සාක්ෂියකි.

Monalisa පිටුපස සැඟවී සිටින ඒ මහා කලාකරුවා

පියෙරෝ ඩාවින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් 1452 April 15 වනදා ඉතාලියෙ පිහිටි ෆ්ලෝරන්ස් නගරයේ වින්සි හිදී උපත ලැබීය.

Leonardo Da Vinci : Image source Google

බහුතරයක් දෙනා Davinci යනූ චිත්‍ර ශිල්පියෙක් ලෙස හැඳින්නුවත් සැබැවින්ම ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය.

එවකට විසු Andrea del Verròcchio නම් සුප්‍රක​ට චි​ත්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ මූලික අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි Ludovico il Moro යටතේ සේවයේ යෙදි සිටියදී කළ ඒවා ලෙස සැලකෙ​යි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර ජීවිතයේ අවසාන භාගයේදී පළමුවන francois රජු විසින් ප්‍රන්ශය තුළ ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.

Monalisa නිර්මාණය කිරීම

16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මෙය ඉතාලි භාෂාවෙන් La Gioconda ලෙසද හඳුන්වනු ලබනවා. මීට අමතර ඩාවින්වි විසින් මොනාලිසා චිත්‍රය නිර්මාණය කල කාලය ගෑන කතා කලොත් එය 1503 සිට 1506 දක්වා කාලය තුළ ඩාවින්චි විසින් ෆ්ලෝරන්ස් හි සිටි කාලයේදී පින්තාරු කරන ලෙස සලකන අතර සමහර මූලාශ්‍ර වලට අනුව 1503 සිට 1519 දක්වාවූ කාල පරිච්ඡේදය තුල යම් කිසි කාලයක් ගත කර ඇති බව සඳහන්වේ.

ඇත්තටම Monalisa යනූ කවුරුද?

Monalisa යනූ ඉතාලී පුනරුද සමයේ ඉතාලියෙ Florence හී ජීවත්වූ කාන්තාවකී. ඇයගේ සැමියගෙ ඉල්ලිමක් මත මෙම වටිනා සිතුවම ඩාවින්චි විසින් සිතුවමට නැගූබව තමා මූලාශ්‍ර වල සඳහන් වෙන්නෙ. Monalisaගේ ඇත්ත නම ගැන කතා කලොත් ඇගේ ඇත්ත නම ලෙස ඉතිහාසය මුලාශ්‍ර මත සඳහන් වන්නේ Lisa del Giocondo (ලීසා ඩෙල් ජියොකොන්දෝ) ලෙසිනි. මීට අමතරව Lisa Gherardini , Lisa di Antonio Maria (Antonmaria) Gherardini ලෙසත් බොහො දෙනා දන්නා පරිදි Lisa එහෙමත් නැතිනම් Monalisa ලෙස හඳුන්වනු ලබනවා. හැබැ​යි සමහර ඉතිහාසඥයින් විශ්වාස කරන අකාරයට ඇය ඉතාලියෙ Florence හී වාසය කළ කුඩා පරිමාණයේ වෙලෙන්දෙකුගෙ බිරිඳක් වන අතර ඇගේ නිසි අනන්‍යතාවය තවමත් ලොවට අභිරහසකි.

Monalisa නැමැති නිර්මාණය බිහි කිරීමට ඩාවින්චි දැරූ ප්‍රයත්නය

මේ නිර්මාණය බිහි කිරීම සඳහා ඩාවින්චි විසින් Sfumato නමින් හැඳින් වෙන ක්‍රමවේදයක් භාවිත කලා.මේ Sfumato කියන්නෙ ඉතාලී භශාවේ යෙදෙන Sfumare කියන වචනෙය් සෑදුන වචනයක් වන අතර මෙහිදි ආලෝකය සහ සෙවනැල්ල අතර මෘදුව බාධාවකින් තොරව සංක්‍රමණයන් ඇති කිරීම සඳහා වර්ණ සහ ස්තර සියුම් ලෙස මිශ්‍ර කිරීමක් සිදු කරයි.

සිනහවේ ප්‍රෙහෙලිකාව

Smile of Monalisa: Image source Google

සමහර විට මොනාලිසාගේ වඩාත් ප්‍රසිද්ධ අංගය ඇගේ සිනහවේ ප්‍රහේලිකාව විය හැකිය. ඩාවින්චි විසින් නිර්මාණය කළ ඇගේ සිනහව සියවස් ගණනාවක් තිස්සේ නරඹන්නන් ප්‍රහේලිකාවට ලක් කර ඇති අතර, ගණන් කළ නොහැකි අර්ථකථන සහ න්‍යායන් මතු කර ඇත. මෙම Monalisaගේ සිනහව නරඹන්නාගේ අභ්‍යන්තර සිතුවිලි හෝ චිත්තවේගයන් පිළිබිඹු කරන බව ඇතැමුන් විශ්වාස කරන අතර තවත් අය යෝජනා කරන්නේ එය අභිරහස සහ කුතුහලය පිළිබඳ හැඟීමක් ප්‍රකාශ කිරීම සඳහා ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක් විය හැකි බවයි.

Monalisaගේ බැල්ම

Monalisa's Eyes: Image Source Google

මොනාලිසා හි තවත් කැපී පෙනෙන අංගයක් වන්නේ වාඩි වී සිටින ඇගේ ආකර්ශනීය බැල්මයි. ඇගේ දෑස් නරඹන්නා කොහේ ගියත් ඔවුන් පසුපස හඹා යන බව පෙනේ. එමගින් නරඹන්නාව නොසන්සුන් තාවයට සහ විස්මයට පත් කරනු ලබ​යි. මෙම නිර්මාණය ලියනාඩෝගේ ඉදිරිදර්ශනය සහ සංයුතිය පිළිබඳ විශිෂ්ට භාවිතය මෙන්ම මානව මනෝවිද්‍යාව පිළිබඳ ඔහුගේ තිබුන තියුණු අවබෝධය ගැන කදිම සාක්ෂියකි.

Monalisaගේ උරුමය සහ බලපෑම

එය නිර්මාණය වූ දා සිට, මොනාලිසා ලෝකයේ වඩාත්ම හඳුනාගත හැකි සහ කීර්තිමත්ම කලා කෘතිවලින් එකක් බවට පත්ව ඇත. එය ජනප්‍රිය සංස්කෘතිය සහ සාමූහික පරිකල්පනය මත නොමැකෙන සලකුණක් තබමින් පරම්පරා ගණනාවක් පුරා ඉලක්කමෙන් කිව නොහැකි කලාකරුවන්, ලේඛකයින් සහ චින්තකයින් ප්‍රමානයක් දිරිමත් කර ඇත.

ඉතාලි ජාතිකයෝ සමහරෙකු තවමත් එම චිත්‍ර​ය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය. මීට අමතරව ඉතාලි ජාතිකයෝ තවමත් මොනා ලීසා චිත්‍ර​ය අයිතිය තමන් සතු බව කියති. මෙයට පදනම් වෙන්නේ එම චිත්‍ර​ය සිතුවම් කළ ඩාවින්චි ඉතාලි ජාතිකයකු වීමය. එහෙත් ලියනා​ඩෝ ඩාවින්​චි විසින් ම එම චිත්‍රයම ප්‍රංශයේ​දී මුදලට විකුණා දැමූ චිත්‍රය​ක් වෙන බැවින්, ඉතාලි ජාතිකයන්ගේ උක්ත තර්කය පදනම් විරහිත බව මගේ මතය​යි.

ඩාවින්චි විසින් ජොකොන්දා චිත්‍ර​ය 1516 දී එවකට ප්‍රංශ​යේ රජකම දැරූ චි​ත්‍ර ලෝලියෙකු වූ පළමුවැනි ෆ්‍රැන්සි​ස් රජුට රං කාසි හාරදහසකට විකුණා දමා ඇත. ජොකොන්දා මොනාලිසා වූයේ එතැන් පටන් ය. රජ පවුල සතුව තිබුණු මෙම චිත්‍ර​ය ප්‍රං​ශ විප්ලවයෙන් පසුව ප්‍රං​ශ කෞතුකාගාර භාරයට පත්ව ඇත.

මොනාලිසා චිත්‍ර​ය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැනපත් කර තිබිය දී, 1915 දී ඉතාලි ජාතිකයකු විසින් එය සොරාගෙන ඉතාලියට නැවත රැගෙනවිත් තිබුණි. ප්‍රන්ශ බලදාරින් එ ගැන දැනුවත් වන විට මෙම චිත්‍රය ප්‍රංශයෙ​න් පිටමංව තිබුණි. එහෙත් මාස කිහිපයකට පසුව මෙම චිත්‍ර​ය ඉතාලියේ Florence හී සඟවා තබා තිබිය දී නැවත සොයාගෙන, 1914 දී යළි ප්‍රංශයටම භාර දී ඇත.

ඇණවුමක් මත අඳින ලද චිත්‍රය​ක් වූ මෙම සිතුවම නිමා වූ පසුව ඇණවුම්කරුට එය භාරදිය යුතුව තිබුණ නමුත් චිත්‍ර​ය ඇණවුම්කරුට බාරදී තිබුණේ නැත. ලියනාඩෝ ප්‍රංශය​ට සංක්‍රමණ​ය වෙන විට ජොකොන්දා චිත්‍ර​ය තමන් සමග එහි රැගෙන ගොස් තිබුණේ ඒ නිසාය. මේ පිළිබඳව මත පලකරන ඇතැමෙකු පවසන්නේ.

ලීසාගේ සැමියා වූ ෆ්‍රැන්සිස්​කෝ ජොකොන්දා තම බිරිඳගේ සිතුවම පිළිබඳව සෑහීමකට පත්නොවූ බැවින් එය භාර නොගන්නට ඇති බවය. මීට හේතුව ලෙස ඔවුන් පවසන්නෙ මෙය අඳින කාල වකවානුව තුල ඇගෙ වයස අවුරුදු 24ක පමන තරුණියක් වන්නට ඇති බවය. නමුත් චිත්‍රයෙන් නීරූපනය වන්නෙ ගොඩක් මේරූ කාන්තාවකගේ රූපයකි. ඇණවුම් බාර දුන් තැනැත්තා එය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වන්නට ඇති භව තමා සමහරෙකු මත පල කරන්නෙ

Monalisa ගැන අවසාන නිගමනය

අවසාන වශයෙන්, මොනාලිසා යනූ කලාත්මක ඉතාහාසයේ, විශිෂ්ටත්වයේ සහ මානව නිර්මාණශීලීත්වයේ සංකේතයක් ලෙස හැඳින්දිය හැකියි. එහි සිනහවේ ප්‍රහේලිකා සහ ආකර්ශනීය බැල්ම එය නිර්මාණය වී සියවස් ගණනාවක් ගතවූවටත් පසුව එය නරඹන්නන් නොමඟ යවයි. එවගේම මෙමගින් අපට මිනිස් අත්දැකීම්වල අභිරහස් නැවත නැවත මෙනෙහි කිරීමට ආරාධනා කරයි. මෙම සදාකාලික විශිෂ්ට නිර්මාණයේ රහස් සියවස් ගනනවක් තිස්සෙ ලොවට හෙලි කරා සේම ඉදිරියටත් එය එසේම කරාවී.