Dialog සමාගම, මෙරට නිවාස සහ ව්‍යාපාරික පරිශ්‍රයන් සඳහා සුවිශේෂී තාක්‍ෂණික පිම්මක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G බලගැන්වූ රැහැන් රහිත Dialog Air Fibre තාක්‍ෂණය නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
මෙය මෙරට අන්තර්ජාල සේවා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, සාම්ප්‍රදායික 4G හෝ රවුටර් තාක්‍ෂණයන්ගෙන් ඔබ්බට යමින් පාරිභෝගිකයන්ට අතිශය වේගවත් මෙන්ම විශ්වාසදායක 5G අත්දැකීමක් සිය නිවෙස් තුළදීම විඳගැනීමට මින් අවස්ථාව සැලසේ.
භෞතික රැහැන්වලින් තොර සැබෑ 5G අත්දැකීමක්
සාමාන්‍යයෙන් අධිවේගී Fibre අන්තර්ජාල සබඳතාවක් ලබාගැනීමේදී නිවස දක්වා භෞතිකව රැහැන් ඇදීමට සිදුවන අතර, ඒ සඳහා සැලකිය යුතු කාලයක් මෙන්ම ශ්‍රමයක්ද වැය වේ. එහෙත් නව තාක්‍ෂණය මඟින් මෙම බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. ඩයලොග් සමාගමේ පුළුල් 5G ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම නවීන Wi-Fi තාක්‍ෂණය සඳහා කිසිදු භෞතික රැහැනක් අවශ්‍ය නොවේ.
මෙය සැබවින්ම Plug-and-Play ආකාරයේ පහසු අත්දැකීමක් වන අතර, පාරිභෝගිකයාට උපකරණය ලබාගෙන විනාඩි 5කටත් අඩු කාලයකදී ඉතා සරලව තමන් විසින්ම සක්‍රිය කර භාවිතය ආරම්භ කළ හැකිය.
විදුලි බිඳවැටීම් හමුවේ වුවද නොනැවතෙන සේවාවක්
වත්මන් කාලීන අවශ්‍යතාවලට මනාව ගැළපෙන පරිදි සැලසුම් කර ඇති මෙම එයාර් ෆයිබර් උපකරණය සතු සුවිශේෂීම අංගයක් වන්නේ එහි අන්තර්ගත කර ඇති අභ්‍යන්තර නැවත ආරෝපණය කළ හැකි බැටරියයි. 7.4V/4500mAh ධාරිතාවයකින් යුත් මෙම ලිතියම් බැටරිය හේතුවෙන්, හදිසි විදුලි බිඳවැටීමකදී වුවද අඛණ්ඩව පැය 6ක් දක්වා අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ. විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී පවා නිවසේ සිට රාජකාරි කරන වෘත්තිකයන්ට, අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම සජීවී විනෝදාස්වාදයන් ලබාගන්නා අයටද කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට මෙමඟින් මනා පිටුවහලක් ලැබේ.
වේගවත් බව සහ Low Latency
පවතින සාම්ප්‍රදායික 4G අත්දැකීමට වඩා බෙහෙවින් ඉහළ, සුවිශේෂී සන්නිවේදන වේගයක් (Ultra-Fast 5G Speeds) ලබාදීමට එයාර් ෆයිබර් සමත් වේ. එමෙන්ම, මෙහි පවතින Low Latency හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාවන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වයි.
මේ නිසා නිවසේ එකම අවස්ථාවකදී ස්මාර්ට් ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් රූපවාහිනී ඇතුළු උපකරණ රැසක් වේගයේ කිසිදු අඩුවීමකින් තොරව එකවර සම්බන්ධ කළ හැකිය. විශේෂයෙන්ම, 4K/HD තත්ත්වයේ සජීවී වීඩියෝ නැරඹීම, Video Conferencing, Lag-free Online Gaming මෙන්ම AR/VR අත්දැකීම්ද බාධාවකින් තොරව විඳගත හැකිය.
Specifications
නවීනතම Unisoc V620 Chipset එකකින් බලගැන්වෙන මෙම එයාර් ෆයිබර් උපකරණය, ගුණාත්මක සේවාවක් සැපයීම සඳහාම විශේෂයෙන් නිපදවා ඇත. එහි පිරිවිතරයන් පහත පරිදි වේ.
- Power Adapter: DC 12V/2A
- LED Indicators: උපකරණයේ ක්‍රියාකාරිත්වය, දත්ත භාවිතය, 4G/5G Signal strength සහ Wi-Fi Status පැහැදිලිව පෙන්වයි.
- Buttons: WPS පහසුකම සහ RESET බොත්තමක් අන්තර්ගතය.
- Antena System: උපකරණය තුළම සවිකර ඇති Omnidirectional සහ Directional Antena තාක්‍ෂණය මඟින් ඉහළම සංඥා ග්‍රහණය කරගනී.
මිල ගණන් සහ මාසික පැකේජ
පාරිභෝගිකයන්ගේ විවිධ දත්ත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මාසික පැකේජ රැසක් හඳුන්වා දීමට ඩයලොග් සමාගම කටයුතු කර ඇති අතර, ආරම්භක මාසික පැකේජ ගාස්තුව රුපියල් 2,500/- සිට (බදු ඇතුළත්ව) ඉහළට විහිදේ.
මේ යටතේ ප්‍රධාන වශයෙන් පැකේජ 2ක් දැනට හඳුන්වා දී ඇත.
- 60GB මාසික පැකේජය: බදු ඇතුළත්ව රුපියල් 2,495/- කි.
- 125GB මාසික පැකේජය: බදු ඇතුළත්ව රුපියල් 3,995/- කි.
මීට අමතරව පාරිභෝගිකයා තමන්ගේ ඇණවුම් කළ උපකරණය ලබාගන්නා අවස්ථාවේදී, සිය අවශ්‍යතාව පරිදි තෝරාගත හැකි පුළුල් පරාසයක විහිදුණු වෙනත් පැකේජ ද ලබාගත හැකිය.
Pre-order සහ සුවිශේෂී දීමනා
මෙම සේවාව ලබාගැනීම සඳහා අවශ්‍ය වන ‘ඩයලොග් එයාර් ෆයිබර්’ උපකරණයේ සාමාන්‍ය මිල රුපියල් 12,490/- කි. කෙසේ වුවද, මෙම සේවාව මෙරටට හඳුන්වා දීම නිමිත්තෙන් පාරිභෝගිකයන්ට සුවිශේෂී දීමනාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, www.dialog.lk වෙබ් අඩවිය හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිස Pre-order සිදුකරන පාරිභෝගිකයන්ට, ආරම්භක සම්බන්ධතා ගාස්තුවෙන් රුපියල් 2,500/- ක සුවිශේෂී වට්ටමක් හිමිවේ.
පාරිභෝගිකයන්ට රුපියල් 2,490/- ක අත්තිකාරම් මුදලක් ගෙවා සිය උපකරණය වෙන් කරවා ගත හැකි අතර, සීමිත තොග පවතින බැවින් මෙම පූර්ව ඇණවුම් අවස්ථාව 2026 ජූනි මස 20 වන දින දක්වා විවෘතව පවතී. ඇණවුම් කරන ලද උපකරණ 2026 ජූනි 20 වන දින සිට පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කරනු ඇත.
වැදගත් උපදෙස් සහ සේවා ව්‍යාප්තිය
මෙම එයාර් ෆයිබර් සේවාව උපරිම ගුණාත්මකභාවයකින් යුතුව අත්විඳීම සඳහා, පාරිභෝගිකයන් සිය නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන පවතින කලාපය තුළ 5G Coverage පවතින්නේද යන්න පෙරළා පරික්ෂා කර බැලිය යුතුය. පූර්ව ඇණවුම් කිරීමට පෙර, ඩයලොග් නිල වෙබ් අඩවියේ ඇති Network coverage map හෝ MyDialog App එක හරහා තම ප්‍රදේශයේ සේවා ආවරණය පරීක්ෂා කළ හැකිය. 5G ආවරණ කලාපයෙන් බැහැර ප්‍රදේශවලදීද මෙම උපකරණය භාවිත කළ හැකි මුත්, එහිදී උපරිම 5G වේගය අත්විඳීමට නොහැකි වන අතර සේවාවේ ක්‍රියාකාරිත්වය වෙනස් විය හැකිය. ඩයලොග් සමාගම සිය 5G ජාල ව්‍යාප්ති සැලසුම් යටතේ අදියරෙන් අදියර දිවයින පුරා මෙම එයාර් ෆයිබර් සේවා ආවරණය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටී.









