Loading...
තම පරිශීලකයන්ගේ දත්ත ලබා ගැනීම සඳහා මසකට $2 බැගින් ගෙවීමට Amazon සමාග​ම එකඟ ​බවට වාර්තා වේ

ලෝකයේ අද වන විට eCommerce යනු කවුරුත් දන්නා හොඳින් හඳුනන මාතෘකාවකි. මන්දයත් පැවති අසීරුතා සහ තාක්ෂණයේ දියුණුව හමුවේ ලොව පුරා මෙන්ම අප රට තුළ වෙසෙන පුද්ගලයින් විශාල ප්‍රමාණයක් eCommerce වෙත විශාල උනන්දුවන් දක්වයි. එලෙසෙ ලොව පවතින ප්‍රමුඛතම eCommerce වෙබ් අඩවිය නැතහොත් සමාගම ලෙස සැලකෙන්නේ Amazon සමාගම වේ.

Amazon සලකන විට එය භාණ්ඩ හා සම්බන්ධව ඩිජිටල් ලොවට පැමිණියත් මේ වන විට ඉන් පරිබාහිර​ව ප්‍රධාන ව්‍යාපෘති රැසකට අත්පොත් තබා ඇත. මෙම ලිපිය තුළින් පාඨක ඔබ වෙත රැගෙන එන්නේ ආසන්න දිනකදී Amazon සමාගම විසින් නිකුත් කළ සිය පරිශීලකයන්ගේ දත්ත ලබාගැනීම සඳහා මසකට $2 ක මුදලක් ගෙවීමට එකඟ බවට සඳහන් කිරීමේ පුවතයි.

Source: www.businessinsider.com

වර්තමානය වන විට ඉතාම ප්‍රභල මෙන්ම වටිනා මූලාශ්‍රයක් ලෙස "දත්ත" නැතහොත් "Data" හැඳින්වේ. ඩිජිටල් අවකාශය තුළ මේ වන විට විවිධ ආයතන හා සමාජ මාධ්‍ය ජාලා යෙදුම් ඔවුන්ගේ පරිශීලකයන් සතුව පවතින දත්ත ලබාගැනීමට විවිධ ආකාරයේ වූ ක්‍රම භාවිතා කරයි. Amazon සමාගම විසින් ද මෙවැනිම ක්‍රමෝපායක් අනුගමනය කිරීම සඳහා ඔවුන් තම පරිශීලකයන් වෙත යම් අභිප්‍රේණයක් ලබා දී ඔවුන්ගේ මාසයක කාලය තුළ Amazon ආශ්‍රිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී එම පරිශීලකයන් සඳහා මසකට $2 ක පමණ මුදලක් ලබාදෙන අතර එහිදී පරිශීලකයන් විසින් Amazon හි Ad Verification ක්‍රියාවලිය හා සම්බන්ධ වීම සිදුකළ යුතුය. මේ සඳහා ඔවුන් මේ වන විට අවස්ථාව ලබා දී ඇත්තේ එක්සත් රාජධානියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින පරිශීලකයන් සඳහා වේ.

Source: www.androidauthority.com

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි Amazon හි FAQ වෙත පිවිසීම මගින් Amazon Shop Panel සාමාජිකයන් සඳහා මෙම Ad verification සක්‍රීය කර ගැනීමට අවස්ථාව ඇති අතර එහිදී එලෙස සක්‍රීය කරගන්නා ලද පරිශීලකයින් සඳහා Amazon තුළින් මෙන්ම ඉන් පරිභාහිරව තෙවන පාර්ශවීය ads පවා නිරීක්ෂණය කළ හැකිවේ. එසේම මෙ ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ මෙලෙස ads නරඹන්නාවූ පරිශීලකයෙක් කුමන ආකාරයේ ads නිරීක්ෂණය කළේද යන්න නිරීක්ෂණය කළ හැකි වීමයි.

Amazon සමාගම මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කර ඇත්තේ ඔවුන් තම පරිශීලකයන්ගේ ක්‍රියාකාරීත්වය සහ ads පිළිබඳව ඇති අත්දැකීම් ඉහළ නැංවීම සඳහා මෙම පියවර අනුගමනය කරනු ලබන බවයි. එසේම යම් පරිශීලකයෙකුට අවශ්‍ය වන්නේ නම් මෙම ක්‍රියාවලියෙන් ඉවත් වීමට, ඔහුට ඕනෑම අවස්ථාවක Ad verification හා සම්බන්ධව පවතින ඕනෑම පෞද්ගලික දත්ත ඉවත්කළ හැකි බවයි.

කෙසේ නමුත් මේ සියලුම ආකාර මගින් සිදුවන්නේ පරිශීලක දත්ත වෙනත් පාර්ශවයක් මගින් නිරීක්ෂණය කිරීමක් වේ. මන්දයත් මීට පෙර Facebook සහ Google සමාගම විසින් මීට පෙර තම පරිශීලකයන් සඳහා මෙවැනිම ආකාරයේ ක්‍රියාවලීන් යටතේ පරිශීලක දත්ත ලබා ගැනීම සිදුකර ඇත. මෙයින් වැඩි හානියක් නොවූවත් ඇතැම් පිරිස් පවසන්නේ එය පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට සිදුකරන බාධාවක් ලෙසයි.

නමුත් අප වටහාගත යුතු දෙය නම් විවෘත ආර්ථික රටාවක් සහ දියුණු තාක්ෂණයක් සහිත මෙම කාලවකවානුව තුළ ඕනෑම අයෙක් තවත් නිරීක්ෂකයෙකු යටතේ සිටීමට ඇති සම්භාවිතාවය ඉහළය.

Sources: businessinsider.com androidauthority.com