Scam වල අරමුණ
අපි මේ ඉන්න internet එක ආරක්ෂිත තැනක් නෙවේ. ගොඩක් අය හිතනව scam තියෙන්නෙ සල්ලි පැහැර ගන්න විතරක්ම කියල. එහෙම නෑ, විවිධ අරමුණු වලට scam ක්‍රියාත්මක වෙනවා. මෙවට උදාහරණ විදිහට,
- පුද්ගලික තොරතුරු ලබා ගැනීමට. (පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ අවසාන අරමුණ මුදල් හෝ මිනිස් ජාවාරම් විය හැක.)
- ආයතනික දත්ත ලබා ගැනීමට.(ආයතනික බුද්ධිමය දේපළක් ලබා ගැනීමට සහ ඒවා විකුණා ලාභ ලැබීමට scam ක්‍රියාත්මක වෙනවා.)
- වෙනත් පුද්ගලයන්ගේ අන්තර්ජාල ගිණුම්වලට ප්‍රවේශ ලබා ගන්න.
- අන්තර්ජාලය හරහා අන් අයගේ මුදල් පැහැර ගැනීමට.මේ දක්වල තියෙන්නෙ scam වල ප්‍රධාන අරමුණු කිහිපයක් විතරයි.
වැනි දෑ හදුන්වන්න පුලුවන්.
අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා වර්ග.
මෙතන ඉදන් ඉදිරියට විස්තර කරන්නෙ හතරවෙනි අරමුණ පමණයි. ඒකට හේතුව තමා ශ්‍රී ලංකාවෙ ගොඩක් අය හසු වෙන්නෙ මේ internet එක හරහා වන මුදල් වංචාවවලට වීම.
- Phishing Scams: විශ්වාසදායක ආයතනයක් විදිහට වෙස්වලා ගෙන username, password සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර වගේ සංවේදී තොරතුරු ලබා ගැනීමට ක්‍රියාත්මක වෙන scam.
- Advance Fee Fraud: වින්දිතයින්ට පළමුව සැලකිය යුතු මුදලක් හෝ කුඩා පෙර ගාස්තුවක් ගෙවා ඔවුන්ට විශ්වාසයක් ඇති කරල පසුව ඔවුන්ගෙ මුදල් පැහැර ගන්න ක්‍රියාත්මක වන scam.
- Online Shopping Scams: බොරු නිෂ්පාදන අලෙවි කරන හෝ නොමැති භාණ්ඩ ලබා දෙන ව්‍යාජ අන්තර්ජාල වෙළඳසැල්, බොහෝ විට කිසිදු නිෂ්පාදනයක් ලබා නොදී මුදල් අය කරයි.
- Romance Scams: වංචාකරුවන් හැගීම් මගින් වින්දිතයන්ව අල්ලා ගනී. ඒ හරහා ඔවුන්ගෙ මුදල් පැහැර ගනී. (මියන්මාරයේ ද ශ්‍රී ලාංකිකයින් යොදවා සිදු කලේ මෙවැනිම දෙයකි.)
- Lottery and Sweepstakes Scams: වින්දිතයින්ට තමන් කිසිදා ඇතුළු නොවූ ලොතරැයියක් හෝ දිනුම් ඇදීමක් දිනූ බවට පවසා, ත්‍යාගය ලබා ගැනීමට අවශ්‍ය නම් මූලික ගාස්තු හෝ බදු ගෙවන ලෙස කියයි.
- Investment Scams: රැකියාවක් සදහා තේරී ඇති බවත් රැකියා පුහුණුව සඳහා පෙර ගෙවීමක් අවශ්‍ය බව කියා මුදල් වංචා කරයි. එයද කිසිදා ඉල්ලුම් නොකළ රැකියාවකි. මුදල්වලට අමතරව මේ හරහා රැකියා ඉල්ලුම්පත්‍රයක මුවාවෙන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීමද සිදු විය හැක.
- Email and Messaging Scams: ආයතනයක් හො බැංකුවක් එවන ලෙස එවන ලද e-mail එකක් හරහා මුදල් වංචා කරයි. පුද්ගලික තොරතුරුද රැස් කළ හැක.
අන්තර්ජාලය හරහා සිදු වන මූල්‍ය වංචාවලින් ආරක්ෂා ආකාරය.
අන්තර්ජාලය හරහා අපි භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට පාවිච්චි කරන්නෙ credit card එක හෝ debit card එක. මේ දෙකෙනුත් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට සුදුසුවන්නෙ debit card එකයි. මොකද ඒ අපි ණය වෙන සල්ලියක් නොවන නිසා. අපි දැන් මේ දෙක ආරක්ෂා කරගන්න විදිහ බලමු.
Card එකක් ගත්තම ඒකේ වටිනම දේ තමා digital number එක exexpire date එක වගේම පිටිපස්සෙ තියෙන ඉලක්ක තුන හෝ හතර. මේ තුන තමා සන්තකයේ පමණක් තබා ගත යුතු පුද්ගලික තොරතුරකි.
පිට පුද්ගලයකුට මේ තුන ලැබුනහොත් non security ගෙවීම් මාර්ගයක් ඔස්සේ භාණ්ඩ හෝ සේවාවකට ගෙවීමෙ හැකියාව තියෙනවා.
ඇතැම් අන්තර්ජාල මුදල් ගෙවීම් මාර්ග OTP (ONE TIME PASSWORD) accept කරනවා.නමුත් ඇතැම් මුදල් ගෙවීම් මාර්ගවලට OTP අවශ්‍ය නැත.
- Non security transaction :- OTP එකක් අවශ්‍ය නැත.එවැනි මුදල් ගෙවීමේ මාර්ග non security transaction gateway ලෙස හැදින්වේ.
- Security transaction :- OTP එකක් අවශ්‍ය වේ.එවැනි මුදල් ගෙවීමේ මාර්ග security transaction gateway ලෙස හැදින්වේ.
තමන්ගේ පුද්ගලික අන්තර්ජාල මූල්‍ය ගනුදෙණුවකට public WIFI භාවිත කරන්න එපා. (Ex:- පුස්තකාල WIFI, කාර්යාල WIFI, පාසල් WIFI, උද්‍යාන WIFI)
තමන් ගනුදෙනු කරන්න යන website එකේ ආරක්ෂිතභාවය බලන්න.
https:// :- secure. Data is encrypted and transferred.
http:// :- Not secure. Data transfer without encrypted
මේ කිව්වෙ තමන්ගේ bank card එක අන්තර්ජාලයෙන් ආරක්ෂා කරගන්න හැටි ගැන. දැන් බලමු scam එන්නෙ කොහොමද ඒවලින් ඈත් වෙලා ඉන්න හැටි ගැන.
- E-mail හරහා එවන spam link :- E-Mail එකට ප්‍රසිද්ධ ආයතන එවන මුවාවෙන් e-bill පතක්,රැකියාවක්,දිනුම් ඇදීමක් ඇති බව පෙන්වයි. ඒවා කිසිවිටෙකවත් click නොකරන්න.
- SMS:- sms මාර්ගයෙන් විවිධ ආකාරයේ scam ක්‍රියාත්මක වෙනවා.ඒ හරහා එවන links click නොකරන්න.
- Whatsapp සහ Telegram group:- එක එක කුඩා කුඩා වැඩ කර මුදල් ගත හැකි බව පවසා මුදල් දැමීමට බැංකු ගිණුම් ලබා දෙන ලෙස පවසනව. ඒ හරහා මුදල් පැහැරගන්නවා. මෙවැනි group වලට වෙනත් අයෙකු විසින් බලෙන්ම වගේ තමා add කර ගන්නෙ. එවැනි group channel වලින් ඉවත්වෙන්න.
- websites:- ඇතැම් website වලදී ත්‍යාගයක් දින්නා කියා එය ලබා ගැනීමට නම් සුලු මුදලක් මුලදී ගෙවිය යුතු යැයි පෙන්වනවා. එවැනි දේවල්වලට තමන්ගෙ personal sensitive information නොදීමට වග බලා ගන්න.
- Antivirus software එකක් භාවිතා කරන්න:- Android, iOS වලට නම් Antivirus එකක් ඕන නැති තරම්. නමුත් window based devise වලට Antivirus software එකක් වැදගත්. Best free Antivirus software එකක් විදිහට Avast recommend කරන්න පුළුවන්.
- ගිණුම් වලට 2FA (two factor authentication) යොදන්න.
- තමන්ට සැක link එකක් ඇවිල්ලා තිබුනොත් URL checker එකකින් ඒක check කරල ඉන්න. (විශේෂයෙන්ම short කරපු links.
අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචාවකට හසු වුවහොත්.
- ඉස්සෙල්ලාම bank card එක cancel කරන්න.මොකද ඔයාගෙ bank details ගත්ත කියල ඊලග තප්පරේ දී accounts එක හිස් වෙන්නෑ. Bank එකේ card center එකට කතා කරල card එක cancel කරගන්න පුළුවන්.
- ඒ වගේම හැම දේකම සාක්ෂියක් තියාගන්න. (screen shot or screen record)
- සල්ලි නැති උනාමනම් පොලීසිය, CERT එකට පැමිණිලි කරන්න.සාක්ෂි ලෙස ගත්ත දේවල් පෙන්වන්න.
- කිසිදු ප්‍රගතියක් නොමැති නම්.මේ හරහා ගොස් පැමිනිල්ලක් ගොනු කරන්න පුළුවන්. එහිදී සාක්ෂි විදිහට ගන්න කිව්ව දේවල් දෙන්න.
නැති වූ මුදල් ගැන නැවත බලාපොරොත්තුවක් තියන්න බැරි තරම්. ඒ නිසා ප්‍රතිකර්මයට වඩා හොදම දේ තමා ආරක්ෂා වීමයි.
අවසාන ලෙස, ලෝකේ ප්‍රසිද්ධම scam එක තමා Nigerian Prince කියන්නෙ. ඒක වෙලා තියෙන්නෙ 1990 මුල් භාගයේ. එතන ඉදං වෙනස් වෙවී දිගින් දිගටම scam එනවා. මොකද අන්තර්ජාලයට අලුතින් මුකුත් දන්නැති අය එකතු වෙන නිසා.