Loading...
Google Assistant සමඟින් Bard එක් කිරීමට සූදානමක්

Google සමාගම ඔවුන්ගේ Large Language Model එකක් වන Google Bard; Google Assistant පහසුකම වෙත එක් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. මේත් සමඟින් Bardහි පහසුකම් ද Google Assistant වෙත එක් වීමෙන් Google Assistantට කළ හැකි දේවල් දෙගුණ තෙගුණ වීම නිසැක කරුණක්.

මේ Integration එක Release කරන දිනයක් තවමත් දැනුම් දී නොමැති නමුත් Google සමාගමේ Developer කෙනෙක් වන Dylan Roussel විසින් 9To5Google වෙබ් අඩවිය ඔස්සේ මෙහි Interface එක සහ පහසුකම් පිළිබඳ ව තොරතුරු වාර්තා කොට තිබෙනවා.


ඔබ ප්‍රථමයෙන් ම Google Assistant Open කළ විට පහත ආකාරයෙන් Prompt එකක් ලැබී ඒ හරහා google Assistant bard සමඟ Setup කරගත හැකිවනවා.

එලෙස Setup කරගත් පසු පහත ආකාරයට අදාළ Prompt එක Manually Type කර හෝ Voice Typing ආකාරයට ලබාදිය හැකියි.

තවද මෙහි ඇති What's on My Screen පහසුකම හරහා ස්වයංක්‍රීය ව Device එකෙහි Screenshot එකක් ලබාගෙන එය Assistant වෙත Upload වී එයට අදාළ පිළිතුරු ලබා දීමට හැකි වනවා.

තවද Google Bard Web version එකෙහි පවතින ආකාරයටම මෙයටද Google Gmail, Maps, Youtube වැනි සේවාවන් වල Extentions එකතු කල හැඉයි. ඒ තුළින් ඔබගේ Email පිළිබඳ තොරතුරු, YouTube Videos, ඔබ ගමන් කරන ස්ථාන පිළිබඳව මෙයට Access තිබෙන නිසා ඒවා හා අදාළව ඔබට මේ හරහා තොරතුරු ලබා ගත හැකියි.

Assistant with Bard හි අපට Customize කළ හැකි Settings කීහිපයක්.


ඉහත දැක්වෙන්නේ තවමත් නිල වශයෙන් නිකුත් වූ තොරතුරු නොවන අතර මේ සේවාව නිල වශයෙන් නිකුත් වූ සැණින් සවිස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන එන්නම්. ඒ සඳහා දිගටම Android වැඩකාරයෝ සමඟින් රැඳී සිටින්න.

Sources: 9to5google.com Dylan Roussel on X