Loading...
Android 11 සමඟ ලබා දුන් නව පහසුකම්

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වෙන Android 11 නැත⁣හොත් Android R මේ වන විට Release කර අවසන්. දැනට මේ Android 11 Pixel Devices හා සමහර Third-party Manufactursලා විසින් ඔවුන්ගේ Devices සදහා ලබා දිලා තිබෙනවා.

නිකුත් උන Android 11 සමඟ Google සමාගම පහත පහසුකම් Android මෙහෙයුම් පද්ධතියට එක කරන්න කටයුතු කරල තියෙනවා. මේවායින් සමහරක් දැනටමත් ඇතැම් ජංගම දුරකථන නිෂ්පාදකයන් මේ වන විටත් ඔවුන්ගේ ජංගම දුරකථන වල ඇතුලත් කරන Android මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කර ලබා දෙන්නේ වසර කිහිපයක සිටයි.

Bubbles

‌‌Facebook විසින් 2013 දි ඔවුන්ගේ Messenger App එක සදහා Chat Heads නම් Feature එකක් හදුන්වා දුන්නා. තවමත් Messenger App එක සමග ක්‍රියාත්මක වෙන මේ Feature එකෙන් අප⁣ට අනෙක් වැඩ කටයුතු සිදු කරන අවස්ථාවලදි ඉතා පහසුවෙන් Messenger Chat සදහා පිළිතුරු ලබා දිමට හැකියාව ලැබෙනවා. ඒ Feature එකම අනුකරණය කරමින් මේ නව Bubbles Feature එක ලබා දි තිබෙනවා. එනම් දැන් Messenger App එක සදහා පමණක් නෙවෙයි Apps කිහිපයක Conversation කිහිපයක් Chat Bubble ලෙස පෙන්විමේ පහසුකම හදුන්වා දි තිබෙනවා. ඉදිරියේදි සැම Messaging App එකකටම වගේ මේ Feature එක ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Screen Recording‌‌

දැනටමත් බොහෝ දුරකථන සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදනය සදහා Screen Recording පහසුකම ලබා දි තිබුණත් Android Version එක විසින් මේ පහසුකම මිට පෙර ලබා දි තිබුනේ නැ. බොහෝ විට 3rd Party Apps මගින් Screen Recording Feature එක බොහෝ පුද්ගලයින් පාවිච්චි කරනු ලබනවා. දැන් අලුත් Android 11 Version එකත් සමග Screen Recording පහසුකම හදුන්වා දි තිබෙනවා. මේ නිසා 3rd Party Apps නොමැතිව Screen Recording Feature එක භාවිත කිරිමේ හැකියාව හේ Android 11 Version එකත් සමග ලැබෙනවා.

Media and other device controls‌‌

Android 11 Version එකත් සමග Notification Shade එකේ අපිට අලුත් Design එකක් සමග Media Player එක බලා ගන්න පුළුවන්.  මේ නව persistent media player එක Music & Videos සදහා වගේම Spotify සහ YouTube Music Apps සහය දක්වනවා. ඒ වගේම Notification Shade එක තුලදිම Output Device එක තේරිමේ හැකියාවත් පවතනිවා. ඒ කියන්නේ අපි Headphones, Speakers ,Tv හෝ Phone එකෙන්ම Sound Output එක ගන්නවද කියල මෙතනින්ම Select කරන්න හැකියාව ලබා දි තිබෙනවා.

Conversations‌‌

මේ මගින් අපිට Notification Panel එකේදිම Messageවලට Reply කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා. එනම් Notification Panel එක තුලම වෙනම Chat කිරීමට හැකියාව ලබා දෙනවා. අනෙක් notificationsවලින් බාධාවක් නොවී Message කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.

Better privacy permissions‌‌

මිට පෙර පැවතියේ අපි විසින් Install කරන සැම නව App එකක් සදහාම ඒ අවස්ථාවේදිම අවශය Permissions ඒ කියන්නේ අපේ camera, microphone, සහ location data වැනි දෑ Access කිරිමට අවශ්‍ය නම් Permission ඉල්ලීමක් සිදුවිමයි. මෙහිදි බොහෝ විට ඒ Permissions එක ලබා දිම හෝ නොදිම පමණක් තොරාගැනිමට අපට සිදු වෙනවා. නමුත් මේ නව Android 11 Version එකත් සමග අපිට අවශ්‍ය නම් ඒ Apps සදහා අවශ්‍ය Permissions තාවකාලිකව පමණක් ලබා දිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දිර්ඝ කාලයක් භාවිතා නොකරනු ලැබු Apps සදහා අපි විසින් ලබා දි තිබු Permissions ඉවත් කිරිමටත් කටයුතු සිදු කරනවා. අපි විසින් නැවත් ඒ Apps භාවිත කරන අවස්ථාවන්වලදි නැවත Permissions ලබා දිම කල හැකි වෙනවා.

Much faster access to smart devices‌‌

Power Button එක Long press කිරිම තුලින් නව Quick Action Panel එකක් වෙත යොමු කිරිම තුලින් අපේ කටයුතු පහසු කරන්න අලුත් Feature එකක් ලබා දි තිබෙනවා. ⁣මෙලෙස ලැබෙන Quick Action Panel එකෙන් දුරකථන Turn Off කිරිම, Reboot කිරිම, Google Play වෙත පිවිසිම වගේම අපිට අවශ්‍ය Shortcut කිහිපයක් ඒ කියන්නේ Quick Action Button කිහිපයක් Add කර ගන්න පුළුවන්.

මේ Quick Action Button සදහා නිවසේ මෙන්ම අපි භාවිත කරන Smart Devices Add කිරිමේ හැකියාව පවතිනවා. ඒ මගින් ඒ ඒ Devices සදහා ඇති App Open කිරිමකින් තොරව මේ Quick Action Button මගින් අපිට ඒ ඒ Device Turn On-Off කිරිමේ හැකියාව පවතිනවා.

මිට අමතරව Dark Mode එක Automatically On විමට සැකසිය හැකි වෙන අතර Airplane Mode එක On කල විට Bluetooth Audio Connection Disconnect විම සිදු නොවිමත් හදුන්වා දි තිබෙනවා.

Sources : Engadget,  The Guardian