Loading...
Android 12 beta 1 සංස්කරණය Google Pixel ඇතුලුව තවත් දුරකතන කිහිපයකට ලබා දේ

පසුගිය මාස කිහිපය තුල නිකුත් කරන ලද Android 12 Developer Previews වලින් අනතුරුව දැන් මේ වෙන විට Google Pixels සහ OnePlus, Xiaomi, Oppo ඇතුළුව දුරකථන නිෂ්පාදකයින් කිහිප දෙනෙකුටම ඔවුන්ගේ Devices සදහා Android 12 Beta ලබා දිම ආරම්භ කර තිබෙනවා.

Android 12 Beta 1 ලබාගත හැකි Pixel ජංගම දුරකතන

  1. Google Pixel 3
  2. Google Pixel 3 XL
  3. Google Pixel 3a
  4. Google Pixel 3a XL
  5. Google Pixel 4
  6. Google Pixel 4 XL
  7. Google Pixel 4a
  8. Google Pixel 4a 5G
  9. Google Pixel 5

Android 12 Beta 1 ලබාගත හැකි Pixel නොවන ජංගම දුරකතන

  1. OnePlus 9
  2. iQoo 7 Legend
  3. OnePlus 9 Pro
  4. Oppo Find X3 Pro
  5. Asus ZenFone 8
  6. TCL 20 Pro 5G
  7. Tecno Camon 17
  8. iQoo 7 Legend
  9. Xiaomi Mi 11
  10. Xiaomi Mi 11 Ultra
  11. Xiaomi Mi 11i
  12. Xiaomi Mi 11X Pro
  13. Realme GT
  14. ZTE Axon 30 Ultra 5G

Android 12 සමඟින් ලැබෙන නවතම පහසුකම්

Android 12 OS Version එක මගින් Android OS එක සදහා මෙතෙක් හදුන්වා දුන් විශාලතම Redesign එක හදුන්වා දි තිබෙනවා. මේ තුලින් සැලකිය යුතු ප්‍රමාණයේ visual upgrades හා ආරක්ෂාව පෙරදැරි කරගත් පහසුකම් රැසක් ලබා දෙන්න Google සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

Visual Design Changes

Android 12 OS එකත් සමග Material You නම් නව Design Concept එකක් හදුන්වා දි තිබෙනවා. මේ Design එක නිසා Software, Hardware හා Material Design Teams අතර ⁣හොද සහයෝගයක් ලබා ගැනිමේ හැකියාව මේ OS එකට ලැබි තිබෙනවා.

Android 12 OS එක මගින් UI Colors, Shapes, Lights, හා Motion වල විශාල වෙනස්කම් ප්‍රමාණයක් ගෙන එනු ලබනවා. ඒ අනුව ඔවුන් විසින් New Adaptive Color Palette එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් Device එකේ Wallpaper එක පදනම් කර ගෙන ඊට අනුරැපව Notifications shade, Volume controls, Lock screen හා Widgets ආදිය වෙනස් වෙන අතර මෙය සමස්ථ OS එක සදහාම ආදාල වෙන ලෙස ක්‍රියාත්මක වෙනවා.

View post on imgur.com

UI Elementsවල ප්‍රමාණයත් මේ නව OS එකේ කැපි පෙනෙන ලෙස වෙනස් කර තිබෙනවා. ඒ අනුව යම් යම් widgets ආදිය යම් යම් අවස්ථාවලදි එම අවස්ථාවට ගැලපෙන ලෙස ප්‍රමාණය වෙනස් කර සකස් විම සිදු වෙනවා. උදාහරණයක් ලෙස Lock Screen Clock Widget එක සැලකු විට Lock Screen එකේ Notification කිසිවක් නොමැති විට ප්‍රමාණයෙන් විශාලවත් Notification පවතින විට ඒවාට අනුරැපව ප්‍රමාණය වෙනස් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා.

හදුන්වා දි ඇති Quick Settings Panel එක සදහා නව Button එකතු කර ඇති අතර ඒවාගේ ප්‍රමාණයත් විශාල කර තිබෙනවා. මේ Button මගින් ඒ සදහා අදාල වු Option එක ක්ෂණිකවම ක්‍රියාත්මක කිරිමේ හැකියාව ලැබෙනවා.

Google Assistant සදහා පෙර තිබු Gestures ඉවත් කර Google Assistant Power Button එක සදහා හදුන්වා දි තිබෙනවා. ඒ අනුව Power Button එක මගින් Google Assistant භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

Faster & More Efficient

Material You Design එක නිසා Android 12 OS එක මගින් වේගවත් සහ smooth Animations සහිත UI Experience එකක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ප්‍රධාන පද්ධති සේවාවන් සඳහා සදහා අවශ්‍ය CPU Time එක 22% කින් පමණ අඩු කර ගැනිමට හැකියාව ලැබි තිබෙන අතර System Service සදහා Big Cores වල දායකත්වයක් 15% කින් පමණ අඩු කිරිමටත් හැකියාව ලැබි ඇති අතර මේ මගින් Power Efficiency එක Improve කර ගැනිමට හැකියාව ලැබි තිබෙනවා.

Security & Privacy Features

Android 12 OS එක මගින් Smartphone එකේ Security හා Privacy පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව නව Privacy Dashboard එකක් හදුන්වා දි තිබෙන අතර මේ තුලින් පැය 24ක කාලයක් තුල Installed Apps මගින් සිදු කරන දත්ත ඉල්ලිම් ආදිය පිළිබඳව තොරතුරු ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ තුලින් සැම App එකක් සදහාම ලබා දි ඇති Permissions ආදියත් වෙනස් කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

View post on imgur.com

මීට අමතරව Camera හා Microphone භාවිත වෙන අවස්ථාවලදි ඒ බව Display එකේ ඉහල දකුණු කෙලවර මගින් දැනුම් දිමට කටයුතු කරනු ලබනවා.

Another important addition is the new camera and microphone indicator on the top right corner. 

මේ සදහා හදුන්වා දි ඇති Approximate Location Permission Setting මගින් Device එකේ Location එක ඉතා නිවරදිව අවශ්‍ය නොවන Weather App වැනි ඒවා සදහා ඔබගේ Location එක දළ වශයෙන් ලබා දිමට කටයුතු කරනු ලබනවා.

View post on imgur.com

මේ සියලු Features ජුනි හා ජූලි මාසවලදී ලබා දිමට නියමිත Beta Version OS Updates සමග නිකුත් වෙනු ඇති අතර අගෝස්තු මාසයේදි අවසන් Beta Update එක ලබා දෙනු ඇත. ඉන් පසුව ක්‍රමයෙන් Android 12 Stable Version එකක් නිකුත් කිරිමට කටයුතු කරනු ඇත.

Source : Google, Gizmochina