Loading...
iOS වලට වඩා Android භාවිතා කිරීම පහසු බව සමීක්ෂණයකින් හෙලි වේ

Android සහ iOS කියන්නේ මේ වන විට ලොව බහුලවම භාවිත වන Smart Phone Operating Systems ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. මින් Android OS එක විවිධ Smart Phone Brands විසින් භාවිත කරනු ලබන අතර iOS භාවිත කරනු ලබන්නේ Apple සමාගම ඔවුන්ගේ iPhones සඳහා පමණක් වනවා.

ඒ වගේම වර්තමානය වන විට ලොව පුරා Android පරිශීලකයන් 67.72% පමණ ද iOS පරිශීලකයන් 31.44% පමණ ද වනවා. මේ OS දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ වන අතරම මේ නිසා යම් යම් පුද්ගලයන් මේ OS දෙක සඳහා විවිධාකාර හේතුන් නිසා යොමු වනු ලබනවා. ඉතින් සෑම දෙනා විසින්ම අවධානයට යොමු කරන කරැණක් ලෙස, කුමක් ද භාවිතයට පහසුම OS එක යන්න දක්වන්න පුලුවන්.  

Source: StatCounter Global Stats - OS Market Share

GreenSmartphones විසින් සිදු කරන ලද නවතම Research එකකට අනුව එදිනෙදා භාවිතයේදි iOS පරිශීලකයන්ට වඩා අඩුවෙන් Android පරිශීලකයන්ට එදිනෙදා භාවිතයේදී ගැටලු ඇති වන බව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව මෙහිදි ඔවුන් විසින් Screen Recording, Screenshot සහ Location Sharing වැනි Basic Operations සඳහා Search Engine භාවිත කිරීම පිළිබඳව Search Engine Data ලබා ගෙන මෙලෙස එම Basic Operations සඳහා Search Engine භාවිත කරන ප්‍රමාණය පිළිබඳව ⁣තොරතුරැ ලබා ගෙන තිබෙනවා.

මේ තොරතුරුවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය තුළ iPhone පරිශීලකයන් විසින් එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන Basic Operations සඳහා මසකට වාර 358,000 ක පමණ Search Engineවල උපකාරීත්වය ලබා ගන්නා බව සොයා ගෙන තිබෙනවා. මේ දත්ත අනුව iOS Operating System එකට වඩා Android Operating System එක භාවිත කිරිම 58% කින් පමණ පහසු බව ඔවුන් දක්වනවා.

වැඩි දුරටත් තොරතුරු දක්වා ඇති ඔවුන්ගේ එම වාර්තාවට අනුව "how to erase all content and settings" යන්න iOS පරිශීලකයන් විසින් Android පරිශීලකයන්ට වඩා 06 ගුණයකින් පමණ Search කර තිබෙනවා. ඒ Android පරිශීලකයන්ට වඩා 626% ක ප්‍රමාණයකිනුයි.

මේ Research එක සඳහා Android සහ iOS Operating Systemsවල එදිනෙදා බහුලව භාවිත වන Common Operations 12 යොදා ගෙන ඇති අතර මින් 10ක් පිළිබඳවම iOS පරිශීලකයන් විසින් Search Engine ඔස්සේ උපදෙස් ලබා ගෙන ඇති අතර මින් දෙකකට පමණක් Android පරිශීලකයන් විසින් Search Engine ඔස්සේ උපදෙස් ලබා ගෙන තිබෙනවා.

Image Source - GreenSmartphones

මෙහි දත්ත අනුව Screenshot එකක් ගැනීම සහ QR Code එකක් Scan කිරීම පිළිබඳව සොයා ගැනිම සඳහා Android පරිශීලකයන් Search Engine ඔස්සේ උපදෙස් ලබා ගෙන ඇති අතර Screen Record කිරිම, Number එකක් Block කිරිම, Factory Reset කිරිම, Call Record කිරිම, Voice Mail යැවිම, Location Share කිරිම, App එකක් Delete කිරිම, PC එකකට Photos Transfer කිරිම, Device එක Update කිරිම සහ Device එක Backup කිරිම පිළිබඳව iOS පරිශීලකයන් විසින් බහුලව Search Engine ඔස්සේ උපදෙස් ලබා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ Research Report එකට අනුව iOS Device එකකට වඩා පහසුවෙන් එදිනෙදා කටයුතු සඳහා Android Device භාවිත කළ හැකි බව දක්වන්න පුලුවන්.

Sources: GreensmartphonesCover Image Source: Appinventiv