Loading...
Android දුරකතන සඳහා ප්‍රථම  3nm SoC එක Samsung වෙතින්, Exynos 2300

Samsung සමාගම කියන්නෙ මේ වෙනකොට Smart devices සඳහා වන Processors Market එක තුල ඉන්න ප්‍රධානතම තරඟකරුවන්ගෙන් එක්කෙනෙක්.  කොහොම වුනත්, Samsung සමාගම බොහෝ විට Qualcomm සමාගම සමඟ එක්ව කටයුතු කරනවා අප දැක තිබෙනවා. නමුත් මේ වෙනකොට ඔවුන් වගේම MediaTek වගේ සමාගම් අතරත් මේ වෙද්දි හොඳ තරඟයක් ආරම්භ වෙලා තියෙනවා Processor Development සම්බන්ධව.‍

ඉතින් මේ තරඟයෙ ප්‍රතිඵලයක් හැටියට Samsung සමාගම විසින් මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම Processor එක වන Exynos 2300 Develop කරමින් සිටින බව නවතම වාර්තා මඟින් හෙළි වී තිබෙනවා. ඉතින් මේ නවතම Exynos 2300 Chip එකේ Model No. එක S5E9935 වන අතර ඒකෙ Code Name එක "Quadra" ලෙස හැඳින්වෙනවා.  Sammobileහී වාර්තාවකට අනුව, Samsung Exynos 2300 Chip එක නිපදවීම සඳහා Samsung හි 3nm GAA නිෂ්පාදන ක්‍රියාවලිය භාවිත කරයි.

මේ Processor එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා වන ප්‍රථම 3nm Chip එක වනු ඇත. තවද, එහි බලශක්ති කාර්යක්ෂමතා කාර්ය සාධනය (Energy Efficiany එක) Samsung Exynos 2200 Chip එකට වඩා ඉතා හොඳ මට්ටමක පවතින බවටත් වාර්තා වනවා. ඊට අමතරව, Samsung Exynos 2300 Chip එක සඳහා ARM සමාගමෙහි නවතම CPU Architecture එක සහ AMD සමාගමේ නවතම Radeon GPU එක භාවිතා කරයි. මෙය Samsung සමාගම විසින් මෙතෙක් නිෂ්පාදනය කළ බලවත්ම smart phone processor එක වෙන්න පුළුවන්. සුපුරුදු පරිදි මෙම Samsung Exynos 2300 Chip එක Galaxy S23 Series එකත් සමඟ launch කළ හැකි අතර, එය 2023 වසරේ පළමු භාගයේදී එළිදක්වනු ඇති බවටයි වාර්තා වන්නෙ.

Source: Gizchina