Loading...
iOS 18 නිකුත් කර​න දිනය Apple සමාගම නිවේදනය කර​යි

ඊයේ (09/09/2024) පැවති iPhone 16 මාදිලි පෙළ නිකුත් කිරීමේ Event එකේදී iOS 18 සංස්කරණය නිල වශයෙන් iPhones සඳහා එළඹෙන සැප්තැම්බර් 16 වන දින සිට ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

මේ නව සංස්කරණයත් සමඟ නව Home Screen Customization Options, Redesigned Control Center Redesign, නව Message App Features, Redesigned Mail App සහ තවත් නව විශේෂාංග රැසක් iPhones සඳහා ලැබීමට නියමිත වනවා. iOS 18 සංස්කරණය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත ගෙන ආ ලිපිය මෙතනින් බලන්න.

Apple සමාගම විසින් iOS 18 සංස්කරණය එලිදක්ව​යි
ඊයේ (2024 ජුනි 10) පැවැත්වුනු WWDC 2024හිදී Apple සමාගම විසින් නවතම iOS සංස්කරණය වන iOS 18 එලිදැක්වීම සිදු කරනු ලැබුවා. පසුගිය iOS සංස්කරණ වලට වඩා විශාල පහසුකම් සහ විශේෂාංග රැසක් ඇතුලත් කරමින් මෙව ර iOS 18 සැප්තැම්බරයේ දී නිකුත් කිරීමට ඔවුන් සූදානම්ව සිටිනවා. iOS 18 ගැන Keynote එකේදී කතා කරපු දේවල් කෙටියෙන් අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. Home screen customization කාලයක් පුරාවට විශාල වෙනස්කමකින් තොරව ඇපල් පාරිභෝගිකයන්ට ලැබුනු Home screen එක මෙවර මුළුමනින්ම වෙනස්ම අත්දැකීමක

ඒ අනුව සැප්තැම්බර් 16 සිට ලොවපුරා සිටින ඕනෑම අයෙකුට මේ නව iOS 18 සංස්කරණය තම iPhone එක සඳහා ලබා ගත හැකි වනවා. කෙසේ වෙතත් මේ සංස්කරණය ලබා ගත හැකි වන්නේ පහත iPhones සඳහා පමණයි.

  • iPhone XR
  • iPhone XS and XS Max
  • iPhone 11
  • iPhone 11 Pro and 11 Pro Max
  • iPhone 12 and 12 mini
  • iPhone 12 Pro and 12 Pro Max
  • iPhone 13 and 13 mini
  • iPhone 13 Pro and 13 Pro Max
  • iPhone 14 and 14 Plus
  • iPhone 14 Pro and 14 Pro Max
  • iPhone 15 and 15 Plus
  • iPhone 15 Pro and 15 Pro Max
  • iPhone 16 and 16 Plus
  • iPhone 16 Pro and 16 Pro Max
  • iPhone SE (2nd gen)
  • iPhone SE (3rd gen)