Loading...
Apple සමාගම iPhone 5S දක්වා වූ පැරණි iPhone සියල්ලට නව Security Update එකක් ලබා දීමට කටයුතු කරයි

Apple සමාගම කියන්නේ software support අතින් ගත්තම ලෝකේ තියෙන හොඳම සමාගම් වලින් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් 2023 ජනවාරි 23න් වෙනිදා Apple සමාගම විසින් 2013 දී release වූ iPhone 5s දක්වා වූ පැරණි iPhone සියල්ලට ම security update එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

iPhone 5s via cnet.com

ඒ වගේම මේ security update එකට 2013 දී release උන Macs වගේම iPads ද අඩංගු වනවා. ඉතින් මේ software update එක අනිත් සමාගම් වලින් බලාපොරොත්තු නොවිය හැකි අවුරුදු 10 කට ආසන්න software update එකක් ද වනවා.

මේ security update එක පැරණි outdated hardware වල භාවිතා වන iOS, iPadOS හා macOS සඳහා ම විශේෂිත වනවා. මේ සඳහා iOS 12.5.7, iOS 15.7.3, iPadOS 15.7.3, macOS Big Sur 11.7.3, සහ macOS Monterey 12.6.3. යන Versions සහාය දක්වනවා.

සරලවම මේ සඳහා iPhone 5s, 6, 6s, 7, iPhone SE (1st generation) එක මෙන් ම පැරණි iPad මාදිලි විශාල ප්‍රමාණයක් ද අඩංගු වන අතර ඉහත සඳහන් කරන ලද මොන යම් හෝ device එකක් ඔබ සතු වේ නම් එය ඉක්මනින් Update කරගන්නා ලෙස ද Apple සමාගම නිවේදනය කර තිබෙනවා.

Source: makeuseof.com