Loading...
iPhones සඳහා අවම​ය වසර 5ක් දක්වා softwares updates ලබා දෙන බව Apple සමාගම නිවේදනය කර​යි

මේ වන විට බොහෝ සමාගම් විසින් තමන්ගේ Smartphones සඳහා විවිධ වු අයුරෙන් Software සහ Security Updates ලබා දීම සිදු කරන බවත් එම Smartphone වෙළදපොලට නිකුත් කිරීමත් සමඟ නිවේදනය කරනු ලබනවා. කෙසේ වෙතත් Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones සඳහා කොපමණ කාලයක් Software සහ Security Updates ලබා දෙනවාද යන්න පිළිබඳව නිල තොරතුරක් සපයා නොමැති වනවා. කෙසේ වෙතත් ඔවුන් විසින් සාමාන්‍යයෙන් Software Updates 05ක් පමණ තබා දෙන බව ඔබත් සමහර විට අත්දැක ඇත.

මෙලෙස Software Updates සහ Security Updates නිකුත් කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ Product Security and Telecommunications Infrastructure (PSTI) regulation එක ඔස්සේ නියාමනයක් සිදු කිරීම ආරම්භ කර තිබෙන අතර එයට පිළිතුරු ලෙස Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 15 Pro Max Smartphone එක සඳහා Software Updates සහ Security Updates ලබා දෙන කාල සීමාව දක්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Image - androidauthority.com

එහි සඳහන් ආකාරයට එම උපාංගයේ අලෙවිය ආරම්භ වු දින සිට වසර 05 ක් දක්වා Software Updates සහ Security Updates සපයන බවට සඳහන් කර තිබෙනවා.

බොහෝ දෙනා සඳහන් කරන ආකාරයෙන් Android Devicesවලට වඩා හොද Security Update Policy එකක් Apple සමාගම විසින් ලබා දෙන බවට මේ අනුව සඳහන් කළ නොහැකි වනවා. ඒ දැනටමත් Samsung සහ Google සමාගම් විසින් ඔවුන්ගේ Flagship Smartphones සඳහා වසර 07ක් දක්වා Security Updates ලබා දෙන බව නිවේදනය කර ඇති බැවිනි. එනම් Apple සමාගමට වඩා තවත් වසර 02ක් ඔවුන් තම Smartphones සඳහා Security Updates ලබා දීම සිදු කරනවා.

මෙලෙස නිල වශයෙන් වසර 05ක් පමණක් Security Updates ලබා දෙන බව Apple සමාගම විසින් පවසා සිටියද ඔවුන් දැනටමත්, තම පැරණි iPhone සඳහා උපාංගයේ අලෙවිය ආරම්භ වු වසරේ සිට වසර 06කට හෝ 07කට පසුවද Security Updates ලබා දී තිබෙනවා.

Source: www.androidauthority.com www.gov.uk