Loading...
Apple සමාගම විසින් iOS 18 සංස්කරණය එලිදක්ව​යි

ඊයේ (2024 ජුනි 10) පැවැත්වුනු WWDC 2024හිදී Apple සමාගම විසින් නවතම iOS සංස්කරණය වන iOS 18 එලිදැක්වීම සිදු කරනු ලැබුවා. පසුගිය iOS සංස්කරණ වලට වඩා විශාල පහසුකම් සහ විශේෂාංග රැසක් ඇතුලත් කරමින් මෙව​ර iOS 18 සැප්තැම්බරයේ​දී නිකුත් කිරීමට ඔවුන් සූදානම්ව සිටිනවා.

iOS 18 ගැන Keynote එකේදී කතා කරපු දේවල් කෙටියෙන් අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Home screen customization

කාලයක් පුරාවට විශාල වෙනස්කමකින් තොරව ඇපල් පාරිභෝගිකයන්ට ලැබුනු Home screen එක මෙවර මුළුමනින්ම වෙනස්ම අත්දැකීමක් ලබාදෙන ආකාරයේ විශේෂාංගයක් බවට පත් කිරීමට iOS 18 හරහා ඔවුන් කරයුතු කර තිබෙනවා. මේ හරහා දැන් App icon වල වර්ණයන් වෙනස් කල හැකි අතර තිරයෙ කැමති තැනකින් නිදහසේ ඒවා ස්ථානගත කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Control Center redesign

Control Center එකටද විශාල වෙනස්කම් රාශියක් එකතු කල ඇති අතර එදිනෙදා වැඩකටයුතු රාශියක් පහසුවෙන් සිදු කරගන්න මේ හරහා උපකාර හිමිවනවා. එමෙන්ම customization පහසුකම් රැසක් ​හිමිව ඇති අතර control center එක තුල groups භාවිතා කරමින් ඒ හරහා වඩාත් හොඳ organize කරගැනීමක් සිදු කර ගැනීමේ හැකියාවද ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. Swipe කරමින් groups අතර පහසුවෙන් මාරු වී​ම සිදු කල හැකියි.

වසරින් වසර අළුත් වෙන Messages app එ​ක

මේ වන විට Messages app එක හරහා පණිවුඩ වලට react කිරීමේ හැකියාව ලබා දී කාලයක් ගතවනවා. iOS 18 වන සංස්කරණයත් සමඟ ඕනෑම emoji එකකින් messages සඳහා react කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබෙනවා.

ඒ සමඟම messages schedule කිරීමෙ පහසුකමද ලබා දීමට කටයුතු කරලා තියෙනවා

මීට අමතරව ​bold, italicization, underlining, ස​හ strikethrough යන ආකාරයෙන් text format කිරීමේ හැකියාවද හිමිවී තිබෙන අතර තවත් text animation effect කිහිපයක්ද හදුන්වාදී තිබෙනවා.

චන්ද්රිකා තාක්ෂණය ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගැනීමේ හැකියාව පවති​න නව iPhones සඳහා දැන් එම තාක්ෂණය භාවිතා කරමින් කෙටි පණිවුඩ යැවීමේ හැකියාවද හිමිවනවා.

Mails App එකට කලකට පසු නව පෙනුමක්

iOS සංස්කරණ ගණනාවකදී UI changes විශාල ප්‍රමාණයක් සිදු උනත් ඒ වෙනස්කම් වල අඩංගු නොවී පැත්තකට වෙලා තිබ්බ app එකක් විදිහට Mails app එක හදුන්වන්න පුළුවන්. මෙවර Apple සමාගමට Mails app එක redesign කරන්න මතක් වෙලා අලුත්ම හැඩයක් ඒ සඳහා ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟින් email පණිවුඩ කාණ්ඩගත කිරීමද හදුන්වාදී තිබෙනවා.

මීට අමතරව තවත් නව පහසුකම් රාශියක් iOS 18 වෙත හදුන්වාදී ඇති අතර ඒ පිළිබඳව ඔබට Apple Newsroom හරහා කියවි​ය හැකියි. Apple Intelligence පිළිබඳව සවිස්තරාත්මක ලිපියකින් මුන ගැහෙමු.

Source: www.apple.com