Loading...
Apple සමාගම විසින් Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමට උනන්දු වන බවට තොරතුරු වාර්තා ​වේ

මේ වන විට අප රට තුළ මෙන්ම ලොව පුරා බහුතරයකගේ ක්‍රීඩාශීලී හැඟීම් අවුස්සමින් රසික සිත් අතර නවාතැන් ගෙන ඇත්තේ පසුගිය 20 වන දින ආරම්භ වූ FIFA 2022 පාපන්දු ලෝක කුසලානයයි. ලොවම ඇද බැඳ තබාගැනීමට සමත් වූ මෙම තරඟාවලිය පිළිබඳව Android වැඩකාරයෝ වන අප විසින් තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට කටයුතු සිදු කළෙමු.

මෙම පුවතත් මෙම දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන මාතෘකාවක් වන ලෝක ප්‍රකට Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීම සඳහා Apple සමාගම මේ දිනවල යම්කිසි උනන්දුවකින් පසුවන බවට දක්වන පුවතයි.

මෙලෙස පුවත් වාර්තා කරනු ලබන මූලාශ්‍ර ඔස්සේ ලැබෙන තොරතුරු අනුව ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන Apple සමාගම විසින් මෙම Manchester United පාපන්දු කණ්ඩායම මිලදී ගැනීම සඳහා "උනන්දුවක්" දක්වන බවයි.

එක්සත් රාජධානිය තුළ පවතින මෙම ක්‍රීඩා සමාජයේ වර්තමාන හිමිකරු වන The Glazer Family විසින් 2005 වසරේ දී මෙම ක්‍රීඩා සමාජය පවුම් මිලියන 7 ක පමණ මුදලකට මිලදී ගත අතර වසර 17ක පමණ පාලනයකින් අනතුරුව මෙම ක්‍රීඩා සමාජය විකිණීම සඳහා තීරණය කොට ඇත. මෙයට ආසන්නතම හේතුව ලෙස සඳහන් කර ඇත්තේ හිමිකරුවන් වෙත රසිකයන් විසින් එල්ල කරනු ලබන විරෝධතා සහ වර්තමානය වන විට ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරීත්වයේ ඇතිවී ඇති පහත වැටීමත් ය.

skysports.com හි පළ කර තිබූ ඡායාරූපයක්. මෙයින් පෙන්නුම් කරන්නේ Manchester United හිමිකාරීත්වය කෙරෙහි රසිකයින්ගේ ඇති අප්‍රසාදයයි.

මෙහි වත්මන් හිමිකරුවන් විසින් මෙම ක්‍රීඩා සමාජය සඳහා පවුම් බිලියන 8.25ක පමන මිලක් නියම කළ ද එය වර්තමාන වෙළඳපොළ තුළ පවතින තත්ත්වය මත සුදුසු නොවන යන වග විවිධ පාර්ශවයන් විසින් සඳහන් කර ඇති අතර එමනිසා මෙහි විකුණුම් වටිනාකම පවුම් බිලියන 5.8 ක් ලෙස සඳහන් කර ඇත.

ලොව ජනප්‍රියතම සහ ප්‍රධානම ක්‍රීඩා සමාජයක් වනManchester United විකිණීම පිළිබඳව නිල වශයෙන් පසුගිය 22 වන දින නිවේදනයක් නිකුත් කිරීම සිදුකර ඇත. Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන Tim Cook විසින් සඳහන් කර ඇත්තේ තම සමාගම මෙම ක්‍රීඩා සමාජය මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන බවත් ඒ සඳහා පත් කර ඇති බැංකු සමග සාකච්ඡා කරමින් පවතින බවයි.

මේ ආකාරයට Apple සමාගම ක්‍රීසා සමාජයක් මිලදී ගැනීමට මෙපමණ මුදලක් වැය කිරීම බොහෝ විචාරකයන්ගේ සහ රසිකයන්ගේ මතභේදයට මෙන්ම දෝශදර්ෂණයට ද ලක් වී ඇත. නමුත් Apple සමාගම විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව සැලකීමේ දී මෙය ද ඔවුන් භාවිතා කරනු ලබන යම් උපාය මාර්ගයක් විය හැකි බවට වෙනත් පාර්ශවයන් සඳහන් කරනු ලබයි.

Sources: 9to5mac.com www.macworld.com www.skysports.com