Loading...
මෙම මාසයේ අගදී Mini-LED display සහිතව නව iPad Pro 2021 මාදිලියේ iPad එලි දැක්වීමට Apple සමාගම සූදානම් වන බව වාර්තා වේ

ගිය වසරේ පල වූ වාර්තාවල සඳහන් වූ ආකාරයට ඇපල් සමාගම විසින් මෙම වසරේ මුල් භාගයේදී නව iPad කිහිපයක් එලිදැක්වීමට සූදානම්ව සිටියා. එම වාර්තා වල සඳහන් වූ ආකාරයටම මෙම මාසයේ අග වන විට ඇපල් සමාගම විසින් iPad Pro 2021 නිකුත් කිරීමට සූදානම් වන බව Bloomberg විසින් වාර්තා කර තිබෙනවා.

Bloomberg වාර්තා කරන ආකාරයට මෙවර එලිදැක්වීමට නියමිත iPad Pro 2021 අඟල් 12.9 මාදිලිය සඳහා ඇපල් සමාගම විසින් LCD panel වෙනුවට Mini-LED screens භාවිතා කිරීමට සූදානම් වනවා. Apple සමාගම මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ Mini-LED display වල සැපයුම අඩාල වීම නොතකා වීමත් විශේෂත්වයක්.

ඊට අමතරව නව iPad Pro එකේ කැමරාව වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර USB-C port එක හරහා Thunderbolt connection එක සඳහාද සහය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එමෙන්ම මේ iPad Pro 2021 සඳහා Apple සමාගම විසින් Apple A14X chipset භාවිතා කරනු ඇති අතර මෙම chipset එක නිපදවීම සඳහා Apple M1 chipහි තාක්ෂණය භාවිතා කර ඇතැයි අනුමාන කෙරෙනවා.

කෙසේ වුවත් මෙවර Mini-LED display එකක් සහිතව එලිදැක්වීමට නියමිත iPad Pro මාදිලිය අනෙකුත් මාදිලි වලට වඩා මිලෙන් වැඩි මාදිලියක් විය හැකි වන බව වාර්තාවන අතර, Mini-LED display වල මේ වන විට ඇති හිඟය නිසා ඒවායේ මිල ගණන් ඉහල යාමද මෙයට හේතු විය හැකි බව මත පලවෙනවා.

නමුත් මේ වෙන තුරුත් ඇපල් සමාගම වෙතින් මෙම එලිදැක්වීම සිදු කරන්නේ කෙසේද යන්නට නම් පැහැදිලි ඉඟියක් ඒ වන තුරුත් පලවී නෑ.

Source: 9to5Mac