Loading...
iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part I

Apple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 Series එක පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් අද සිට iPhone 16 Series එක පිළිබඳව අලුත් තොරතුරු සියල්ලම ඔබ වෙත රැගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානම්.

සුපුරුදු පරිදි එළඹෙන 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 16 Series එක සමඟින් iPhone Models 05ක් නිකුත් වේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Image Source - MacRumors

එලෙස වාර්තා වෙන තොරතුරු අනුව මේ Models 05,

  1. iPhone 16
  2. iPhone 16 Plus
  3. iPhone 16 Pro
  4. iPhone 16 Pro Max
  5. iPhone 16 Ultra

ලෙසින් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

iPhone 16 සඳහා අගල් 6.1ක Display එකකුත් iPhone 16 Plus සඳහා අගල් 6.7 Display එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන් අතරම iPhone 16 Pro Device එක සහ iPhone 16 Pro Max Devicesවල Display Size එක ඔවුන්ගේ පෙර iPhone Pro සහ Pro Max Devicesවල Display Sizesවලට වඩා මදක් වැඩි කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. ඒ අනුව iPhone 16 Pro සඳහා අගල් 6.3ක Display එකකුත් iPhone Pro Max සඳහා අගල් 6.9ක Display එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

එළිදැක්විමට නියමිතව තිබෙන iPhone 16 Series එකේ Camera Features පිළිබඳව වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone 16 Pro Model සඳහා 5x optical zoom පහසුකමත්, Main Camera Lenses සඳහා Sony සමාගමේ නවතම 2-layer system එකත්, 48MP Ultra Wide Lens එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Image Source - MacRumors

මේ Series එකේ මිල ගණන් පිළිබඳව පුරෝකතනය කිරීමට තවමත් කල් වැඩි වන අතර පසුගිය වර නිකුත් වු iPhone 15 Series එක, එයට පෙර නිකුත් වු iPhone 14 Series එකට වඩා 16%ක පමණ මිල වැඩි වීමකින් යුතුව නිකුත් වු අතර දැනට වාර්තා වන අයුරට iPhone 15 Series එක සමඟ සැසදීමේදී 15-20% පමණ මිල වැඩි වීමක් අපෙක්ෂා කළ හැකි වනවා.

මීලග ලිපිය තුළින් මේ iPhone 15 Series එකේ Design එක, Display Specifications, Processor Specifications සහ Battery Specifications මෙන්ම තවත් තොරතුරු රැසක් ගැන ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Source: www.macrumors.com bgr.com