Loading...
Apple සමාගම විසින් AirPods Max නමින් තම ප්‍රථම Over-Ear Noise-Canceling headphone එකක් එලි දැක්වීමට කටයුතු කරයි

Apple සමාගම විසින් 2020 වර්ෂයට අදාලව නිකුත් කරන අවසාන Apple නිෂ්පාදනය ලෙස AirPods Max නමින් ඔවුන්ගේ පලමු over-ear headphone එක එලිදැක්වීමට ඊයේ කටයුතු කලා. මෙම headphone එක සමඟ Active noise cancelation (ANC) සහය මෙන්ම Adaptive EQ, Spatial Audio සහ තවත් පහසුකම් රැසක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

AirPods Maxහි විශේෂාංග

නිමැවුම

AirPods Maxහි headband එක stainless steel වලින් නිපදවා තියෙන අතර එහි ඇති විශේෂිත knit mesh canopy එක මඟින් AirPods Max පැලඳ සිටින්නා හට පහසුවක් ලබා දීම අරමුණු කරගෙන ඇත. එමෙන්ම ඒ හරහා AirPods Max පැලඳීමේදී ඇති හිසට ඇති වන තෙරපුම අඩු කිරීම ඔවුන් විසින් බලාපොරොත්තු වී ඇත. මේ හරහා ඕනෑම හැඩයක සහ ප්‍රමාණයක හිසකට කිසිඳු අපහසුවකින් තොරව එය පැළඳීම සිදු කල හැක.

මේ සඳහා උපයෝගී කරගෙන ඇති earcups වලට ඉතාමත් අනර්ඝ ගණයේ premium සහ shiny matte නිමාවක් ලබා දී ඇති අතර ඒ සඳහා යොදා ඇති cushions වලින් කන් වලට ඉතාමත් පහසු බවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Apple සමාගම විසින් එලිදක්වන ප්‍රථම over-ear headphone එක මෙය උනත් ඒ සඳහා ඔවුන් volume control, play or pause audio, skip tracks, answer or end phone calls, සහ activate Siri යන පහසුකම් ඇතුලත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

“It offers precise volume control and the ability to play or pause audio, skip tracks, answer or end phone calls, and activate Siri, - Apple”

Sound Quality

Apple සමාගම විසින් AirPods Max සඳහා Apple සමාගම විසින් design කරන ලද 40mm drive දෙකක් භාවිතා කර ඇති අතර ඒ සඳහා custom acoustic design එකක් භාවිතා කර තිබෙනවා. මෙහි sound quality එක පිළිබඳව Apple සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ, “provides rich, deep bass, accurate mid-range, and crisp, clean high-frequency extension,” යනුවෙනි.

AirPods Max සඳහා Apple සමාගම විසින් design කරන ලද H1 chip එක බැගින් ear cups දෙකටම භාවිතා කර ඇති අතර මෙම 10 cores chip එක හරහා තප්පරයට බිලියන 9ක ගණනය කිරීමක් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම H1 chip එක Adaptive EQ, Transparency mode, spatial audio, සහ audio sharing යන පහසුකම් වලට සහය දක්වයි.

"With AirPods Max, we are bringing that magical AirPods experience to a stunning over-ear design with high-fidelity audio. The custom acoustic design, combined with powerful H1 chips, and advanced software enable AirPods Max to use computational audio to wirelessly deliver the ultimate personal listening experience" - Greg Joswiak, Senior Vice President of Worldwide Marketing

ඊට අමතරව මෙහි එක ear cup එකක් සතුව microphones තුනක් සතු වන අතර Apple සමාගම ප්‍රකාශ කරන ආකාරයට එයින් එකකින් එලියෙන් පැමිණෙන ශබ්දයන් හඳුනාගෙන ඒවා පාලනය කරන අතර අනිත් microphones දෙකෙන් ear cups ඇතුලත ශබ්දය monitor කිරීම සිදු කරනු ලබයි. මේ සියල්ලම ear cups දෙකෙන් වෙන වෙනම සිදු වන අතර, ඉහත කී පරිදි ear cups සඳහා වෙන වෙනම H1 chips භාවිතා කීරීමට එක හේතුවක් ලෙස මෙය සැලකිය හැකිය.

බැටරි ආයු කාලය

Apple සමාගම විසින් පැය 20ක playback time එකක් සහතික වන අතර, Active noise cancellation සහ spatial audio අක්‍රීය කිරීම හරහා එම කාලය තවත් වැඩි කරගත හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මෙහි බැටරිය ආරෝපණය කිරීම සඳහා භාවිතා වන්නේ Lightning cable එකක් වීමද විශේෂත්වයකි.