Loading...
Find my පහසුකම සඳහා සහය දක්වන තෙවන පාර්ශවීය උපකරණ වෙනුවෙන් Apple සමාගම විසින් App එකක් නිකුත් කිරීමට කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC20 Event එකේ දි සදහන් කල ආකාරයටම මේ වෙන විට "Find My" App එක සදහා Third Party Accessories වල Support එක ලබා ගැනිමට ඉඩ ලබා දි තිබෙනවා.

ඒ අනුව මේ වෙන විට Apple සමාගම විසින් මෙලෙස Find My Network එක සමග එකාබද්ධ කරන ලද Accessories වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරිම සදහා Third-party Accessory නිෂ්පාදකයන්ට “Find My Certification Assistant” නමින් නව App එකක් iPhone සදහා හදුන්වා දි තිබෙනවා.

මේ වෙන විටත් App Store එක සදහා Find My Certification Assistant App එක ඇතුළත් කර ඇති අතරම මේ App එක මගින් Third-party Accessory Manufacturersලාට ඔවුන්ගේ නිෂ්පාදන Find My Network එක තුල පරික්ෂා කිරිමට ඉඩකඩ සැලසෙනවා. මේ App එක මගින් Third-party Accessory Manufacturersලාට ඔවුන්ගේ නිෂ්පාදනවල Connectivity, Firmware, NFC, Key management, Power, Sound හා තවත් බොහෝ දේ Find My Network එක තුලින් පරික්ෂා කිරිමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව පළමු අදිරයේදි VanMoof සමාගමේ නවතම S3 හා X3 e-bikes, Belkin සමාගමේ SOUNDFORM Freedom True Wireless Earbuds හා Chipolo ONE Spot සදහා Find My Network Access එක ලබා දි තිබෙනවා. මේ මගින් මේ Products ඇති ස්ථානය දැන ගැනිමට මෙන්ම මේ Products හා සම්බන්ධ තවත් Features රාශියක් භාවිත කිරිමට හැකියාව ලැබෙනවා.

මේ අලුත් Features ලබා දිම නිසා ඉදිරියේ Apple සමාගම විසින් ඔවුන්ගේම Air Tag එක නිකුත් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම මේ තුලින් ඉදිරියේ දි Find My Network එක තුල Third-party Accessories විශාල ප්‍රමාණක් Access කිරිමටත් අපිට හැකියාව ලැබෙන බව බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Apple, Beebom