Loading...
WWDC20 එකේදි එලි දැක්වුනු iOS 14 වල highlights විස්තරාත්මකව

ඉතිං ඔයාලා දන්නවා හැම අවුරුද්දකම Apple ලා එයාලගේ අලුත්ම software versions announce කරනවා. මෙකට එයාලා Event එකක් පවත්වනවා WWDC ( World Wide Developer Conference ) කියලා. ඒත් මේ පාර Apple ලා මුල්ම වතාවට මේ WWDC Event එක vertual event එකක් බවට පත් කරා. ඉතින් 22 ඒ කියන්නේ ඊයේ ලංකාවේ වෙලාවෙන් රෑ 10.30 ට පවත්වපු මේ WWDC 2020 Event එකේ මුලිකව Software Version කීපයක් Announce කරා ඒ තමා iOS, iPadOS, WatchOS, tvOS, macOS. ඉතිං මෙවගෙන් ලංකාවේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්නේ iOS ගැන මොකද ලංකාවේ වැඩියම තියන Apple Product එක iPhones නිසා. කොහොම හරි මේ සැරේ අපිට දැකගන්න පුලුවන් උනේ iOS 14 Update එක. ඉතිං මේ තමා ඔයාලා දැනගත යුතුම iOS 14 Feature Highlights.

01. Home Screen Design

ඉතිං iOS වල ගොඩක් කාලෙක ඉදන් native app launcher එකක් තිබ්බේ නෑ මුලිකවම අපේ App icons තිබ්බේ home screen එකේ. ඒත් අපි වැඩිපුර apps use කරන්න කරන්න මේ apps හොයාගන්න ගොඩක් අමාරු වෙනවා. ඔව් අපට search use කරන්න පුලුවන් ඒත් iOS වල මෙක තවත් ලෙසී එයාලා වෙනම App Library section එකක් introduce කරනවා. මෙකෙදි ඔයාගේ Apps Automatically categorize වෙනවා වගේම app suggestions උත් පෙන්නවා. තව recently downloaded apps වලත් වෙනම ඉඩක් තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ මේ layout එක අපේ day to day life එකේ වෙනස්කම් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ smart app suggestion එනවා. ඒ වෙලාවට අපිට ඔනේ apps ඔක්කම category වල උඩින්ම පෙන්නන නිසා එක tap එකකින් මෙවා launch කරන්නත් පුලුවන්.

ඒ වගේම අපි මේ App Library එක විතරක් use කරනවා නම් අපිට home screen pages hide කරන්න පුලුවන්. ඒ කියන්නේ කොච්චර home screen වල apps පිරිලා තිබ්බත් ඒ ඔක්කම අපිට hide කරන්න පුලුවන් first page එක තියාගෙන.

ඒ වගේම මේ App Library page එකේ උඩම search tab එකක් තියෙනවා මෙකෙන් ඔයාලට කැමති app එකක් A-Z alphabet order එකට scroll කරන්න පුලුවන්

02. Home Screen Widgets

iOS වල ගොඩක් දෙනෙක් දකින්න ආසාවෙන්ම හිටපු feature එකක් තමා widget support එක මෙක අපිට ටිකක් ලැබිලා තිබ්බා widget pane එකෙන් ඒ වගේම iPadOS 13 වලින් iPad වල widget pane එක home screen එකටම pin කරන්නත් පුලුවන් උනා ඒත් මේ පාර iOS 14 වලින් අපිට සම්පුර්ණ widget experience එක හම්බවෙනවා.

ඉතිං මේ widget වලට ලොකු ආභාශයක් එන්නේ apple watch වලින්. apple watch faces වගේ මේ widget ගොඩක් ලස්සනට වගේම data rich විදියට design කරලා තියෙනවා. ඉතිං වෙනදා වගේම today view එකට ගිය ගමන් වෙනදා වගේම ඔයාලට iOS widgets බලාගන්න පුලුවන් ඒත් ඒ විතරක් නෙවේ මේ widgets ඔයාලට home screen එකට drag and drop කරන්න පුලුවන් ලෙසියෙන්ම. ඉතිං දැන් ඔයාලට home screen එකේම widgets තියන්න පුලුවන්.

ඒ වගේම home screen edit mode එකේදී වම උඩ කොනේ තියන Plus icon එක click කරලා ඔයාලට widget select screen එකට යන්න පුලුවන් එකේදි ඔයාලගේ Apps වලට අනුව widget දකින්න පුලුවන් වෙනවා මෙතනින් select කරලත් ඔයාලට home screen එකට Add කරන්න පුලුවන්. ඒ වගේම මේ widget app launch කරන්නත් use කරන්න පුලුවන්. මේ widget gallery එකේ තියන special widget එකක් තමා smart stack කියන්නේ. මෙකෙදි අපිට select කරපු widget කීපයක් stack එකක් වගේ home screen එකට Add කරලා කැමති වෙලාවට මාරු කරලා use කරන්න පුලුවන්. ඒ වගේම smart stack widget එකට මේ widget අතර automatically මාරු වෙන්න පුලුවන් අපේ user habits අනුව. මේ widget වල sizes apps විදියට ගත්තාම 2x2 , 2x1 , 2x4 වගේ range එකකට යන්න පුලුවන් එකම widget එකක් මේ size කීපෙකට transform කරලා ඒ ඒ sizes අනුව වැඩි information ගානක් ලබාගන්නත් පුලුවන්. මේ widget gallery එකේ widget එකක් click කරලා sizes මාරු කරන්න පුලුවන් වෙනවා.

03. Picture in Picture

Picture in picture කියන්නේ floting video player එකක් වගේ මේකෙන් අපිට පුලුවන් වෙනත් apps උඩින් video එකක් play කරන්න පොඩි window එකක. මේ feature එක නම් iOS වලට අලුත් දෙයක් නෙවේ iPad වල ගොඩක් කාලෙක ඉදන් මේ feature එක දකින්න පුලුවන් උනා. ඒ වගේම iPhone වලත් whatsapp වගේ application ඇතුලේ මේ picture in picture දකින්න පුලුවන් උනා. ඒත් iOS 14 වලදි මේ feature එක OS එකටම baked in වෙන නිසා අපිට ඉස්සරහට ඔනෙම video එකක් picture in picture කරන්න පුලුවන්. ඒ වගේම face time calls උත් මෙර් picture in picture mode එකට ගන්න පුලුවන්. ඒ වගේම ඔයා video එකක් බල බල ඉදලා home screen එකට ගියොත් auto ම මේ picture in picture mode එකට අර video එක එනවා. ඒ වගේම video එකක් අපිට picture in picture mode එකේදි side එකට pin කරන්න පුලුවන් එතකොට video එක background එකේ play වෙන ගමන් අපි. වෙන වැඩක් කරන්නත් පුලුවන්. මේ picture in picture window එකේ time line එකක් වගේම play/pause , forward , backward , enlarge , close වගේ buttons දකින්න පුලුවන්.

04. New Siri Interface

Siri කියන්නේ Apple ලගේ vertual assistant ඉතිං මේ siri interface එක ලොකු redesign එකකට ලක් උනේම නැති තරම්. වෙනදා නම් siri ව wake up කරාම මුලු screen එකම වැහිලා යනවා අපි වැඩ කරපු App එකත් එක්කම ඒත් iOS 14 වල ඉදන් Siri ට අලුත් redesign interface එකක් ලැබෙනවා. මෙක පොඩි globe එකක් siri animation එකක් එක්ක මේ globe එක interface එක උඩින් මතු වෙන නිසා කරන දේට භාදාවක් නෑ. ඒ වගේම ඔයා weather වගේ දෙයක් ඇහුවම results card එකක් වගේ screen එක උඩින් pop වෙනවා. ඒ වගේම Siri ට neural engine එකේ power එකෙන් off line commands වලට respond කරන්න වගේම off line dictation කරන්නත් පුලුවන් වෙනවා.

ඒ වගේම මේ Siri ගේ අලුත් voice recognition features යොදාගෙන Apple ලා Translate කියලා අලුත් App එකක් introduce කරනවා මේ App එකට intelligent language detection වගේම off line translation කරන්නත් පුලුවන් වෙනවා. Siri වෙනදටත් වඩා intelligent මේක Siri ට ලොකු update එකක්.

05. Messages

Messages and iMessage කියන්නේ Apple ලගේ ලොකු innovation එකක්. ලංකාවේ වැඩිපුර use උනේ නැති උනාට ලොකේ ගොඩක් දෙනෙක්ට Apple device එකක් ගන්න හේතුවක් වෙන්නේත් මේ iMessages. ඉතිං තාම Android වල native service එකක් නෑ iMessage වගේ. ( ඉදිරියට එන්න නියමිතයි ) ඉතිං මේ iMessage වලට ලොකේ තවත් popular messaging apps වල highly requested features ගොඩක් Apple ලා iOS 14 එක්ක Add කරලා තියෙනවා.

ඉතිං මේ features අතර ඔයලට conversation එකක් pin කරන්න පුලුවන් වෙන එක. Group message වලදි individual message වලට reply කරන්න පුලුවන් එක ඒ වගේම කෙනෙක් mention කරලා messages යවන්න , group වලට Photo logo එකක් Add කරන්න පුලුවන් වෙන එක ප්‍රදාන වෙනවා.

ඒ වගේම කවුරුත් ආසා කරන Animoji හා memoji වලට ගොඩක් customization options add වෙලා තියෙනවා.

06. Pop Up Call Screens

iOS වල තිබ්බ annoying ම දේ මොකද්ද කියලා ඔනෙම iOS User කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ Call Screen එක ඔව් අපි මොනවැඩක් කර කර හිටියත් Call එකක් ආව ගමන් මුලු ඔක්කම Block වෙලා යනවා. වෙලාවකට ඒ Call එක Answer කරන්න පුලුවන්එකකුත් නෙවේ ඒ වගේම cut කරන්නත් බෑ. Cut කරා කියලා එයාලා දැන ගන්න නිසා. මේ දේ iOS 14 ඉදලා නම් සදහටම වෙනස් වෙන්නයන්නේ. ඇතියන්තම් කාලයක් තිස්සේ එනවා එනවා කියලා pop up caller windows , iOS 14 වලට finally ආවා. ඉතිං මේ features එක native calls වලට විතරක් නෙවේ whatsapp , viber වගේ service වල call වලත් හම්බවෙනවා. ඉතිං මේක ඔයාල ආසම කරනfeature එකක් වෙනවා නොඅනුමානයි.

07. Airpod Software Features

Airpods කියන්නේ දැනට තියන ලොකේ ලොකුම true wireless earbud name එකක් ඉතිං මේ Airpods වලත් Apple iOS 14 වලින් ලොකු features ගොඩක් හදුන්වලා දීලා තියෙනවා.

මුලිකම දේ තමා Automatic device switching ඒ කියන්නේ ඔයාට apple device කීපයක් තියෙනවා නම් ඔයා Airpods use කරනවා නම් ඔයා iPhone එකෙන් iPad එකට මාරු වෙනකොටත් ආයේ Mac එකට මාරු වෙනකොටත්  ආයේ connect කර කර ඉන්න ඔනේ නෑ intelligently automatic විදියට Airpods වලට device එකෙන් device එකට මාරු වෙන්න පුලුවන්

ඒ වගේම තවත් ලොකු features එකක් තමා spatial audio ඉතිං ඔයාලා boom app එක use කරලා ඇතිනේ ඒ වගේම youtube වල 8D කියලා තියන sounds අහලා ඇතිනේ අන්න ඒ වගේ spatial aware audio features එකක් තමා මේ. මෙකෙන් ඔයාලට hall එකක නැත්තන් 3D space එකක ඉන්නවා වගේ rich sounds අහන්න පුලුවන් අනිත් දේ තමා device එක hold කරන්න ඉන්න විදිය ඔලුව තියන් ඉන්න විදිය අනුව 3D space එකේ sounds move වෙන්න තරම් Advance විදියට Apple ලා මේ දේ කරලා තියෙනවා ඒ වගේම මේ feature එක dolby atmos වලත් support කරනවා.හැබැයි මෙක නම් එන්නේ Airpods Pro වලට විතරයි.

08. App Clips

Apple ලා App store එක introduce කරලා දැනට අවුරුදු 12 ක් වෙනවා මේ කාලය තුල iOS වලට තියෙන ලොකුම support එක තමා මේ App store එක මොකද අපි අපේ device වල වැඩ කරන්නේ ගොඩක්ම මේ Apps වලින් ඉතිං iOS 14 වලදි Apple ලා තවත් අලුත් features එකක් විදියට App Clips introduce කරනවා. මේ App Clips කියන්නේ 10 mb ට වඩා size එකෙන් අඩු NFC tag එකකින් හරි Apple Code එකකින් හරි Active කරගන්න පුලුවන් main app එකක lite version එකක් වගේ. මෙක ගොඩක් වටිනවා අනවශ්‍ය apps අපේ phone ඇතුලේ ගොඩ නොගහා ඉන්න. හිතන්න restaurant එකක order එකක් දාන්න App එකක් use කරනවා නම් එතනින් පස්සේ මේ App එක වැඩක් නෑනේ ඉතිං මාසෙට නැත්තන් මාස කීපෙකට්ද් සැරයක් use වෙන මේ වගේ Apps වෙනුවට්ව් light weight App Clips යොදාගන්න පුලුවන් අපිට. මේක ගොඩක් හොද tool එකක් වෙයි developers ලට වගේම business වලටත්. ඒ වගේම මේ App Clips, App Store එකෙන් download කරන්නත් App Library view එකේ store කරගන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම website වලින් මේ App Clips ගන්න වගේම Message වලින් App Clips Share කරගන්නත් පුලුවන් වෙනවා.

09. Apple Map Updates

Apple ලා එයාලගේම map එකක් පටන්ගෙන දැන් ගොඩක් කල් ඒත් මේ Apple maps එතරම් google maps තරම් සාර්තක උනේ නෑ ඒත් එන්න එන්නම මේ Apple Maps දියුනු වෙන්න ගත්තා ඇතැම් රට වල මේ වෙනකොට google map වලටත් වඩා details locations තියෙන මට්ටමට වගේම google street view එකට සමාන feature එකකුත් iOS 13 වලදි add උනා. ලංකාවට වගේ ඇතැම් රට වලට මේ Apple maps තාම ඔබින්නේ නැති උනාට එන්න එන්නම google ලට හොද challenge එකක් දෙන්න Apple Maps වලට පුලුවන් උනා.

ඉතිං iOS 14 වලින් මේ features තවත් වැඩි වෙනවා. ඉතිං දැන් Apple Maps වලට tourist guide කෙනෙක් ගේ role එකත් හම්බ වෙනවා guide features එකෙන් . ලොකේ වටේ ඇවිදින ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි

ඒ වගේම apple maps දැන් certain locations වලට cycling option එකක් ලබාදෙනවා. ඉතිං ඔයාට පහසුවෙන් එහේ මෙහේ යන්න මෙකත් උදව්වක් වෙවි.

ඒ වගේම ලොකේ electric වාහන ඉල්ලුම වැඩි වෙනවත් එක්කම EV routing option එකක් දෙන්න apple ලා කටයුතු කරලා තියෙනවා මෙකෙන් ඔයාලට electric වාහන charging stations තියේන route එකක් පහසුවෙන් හොයාගන්න වගේම වාහනේ battery charge එක අනුව charging station එකක් suggest කරන්නත් පුලුවන් වෙනවා.

ඒවගේම traffic අනුව route එක වෙනස් කරන්න air pollution නිසා වාහන restricted area දැනගන්න වගේ ගොඩක් දෙවල් කරන්න පුලුවන් වෙනවා.

තව Apple Car Key වගේ features ගොඩක් එක්ක වගේම තව අපි නොදන්න හා ඉස්සරහත් Add වෙන්න තියෙන features ගොඩක් එක්ක iOS 14 beta එක අද release උනා. ඔයාලටත් අදම මේ software එක test කරලා බලන්න පුලුවන්. මේ iOS 14 update එකට Apple Users ලා වෙන ඔයාලා ගොඩක් කැමති වෙයි කියල හිතනවා.

iOS 14 support device list

  • iPhone 6S, iPhone 6S Plus and
  • iPhone SE (first generation)
  • iPhone 7 and iPhone 7 Plus
  • iPhone 8, iPhone 8 Plus and iPhone X
  • iPhone XS, iPhone XS Max and iPhone XR
  • iPhone 11, iPhone 11 Pro and iPhone 11 Pro Max
  • iPhone SE (second generation)