Loading...
Fitness+ සේවාව එලිදැක්වීමට සමගාමීව Apple සමාගම $120කට Yoga Mat අලෙවිකිරීම ආරම්භ කරයි

මීට දවස් කීපයකට පෙර AirPods Max නිකුත් කිරීමෙන් පසුව Apple සමාගම විසින් නවතම නිෂ්පාදනයක් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව එළඹෙන දෙසැම්බර් 14 වන දින Apple සමාගම විසින් එකිනෙකාට පෞද්ගලීකරණය වුන fitness සේවාවක් හඳුන්වා දීමට සූදානම් වනවා. ඒ අනුව මෙම සේවාවට සමගාමීව Apple සමාගම විසින් fitness උපාංග අලෙවි කිරීමට සූදානම් වනවා. Fitness+ නම් වන මෙම සේවාව Apple සමාගම සැප්තැම්බර් මාසයේ Apple Watch Series 6 සහ SE නිකුත් කිරීමේ event එකේදී හඳුන්වා දුන්නා.

මේ අනුව Apple සමාගම විසින් ඔවුන්ගේ online store එකේ පලවෙනි වතාවට යෝගා සඳහා වන උපකරණ අලෙවි කිරීමට ලැයිස්තුගත කර තිබෙනවා. එහි ඇමරිකානු ඩොලර් 120ක මුදාකට මිල කෙරුණු යෝගා Mat එකක් තිබෙනවා යැයි ඇසුවහොත් ඔබ පුදුමයට පත් වනු නොඅනුමානයි.

නමුත් සත්‍ය වශයෙන්ම Apple සමාගම විසින් ඇමරිකානු ඩොලර් 120කට Yoga Mat එකක් අලෙවි කිරීමට ලැයිස්තුගත කර තිබෙනවා. Apple සමාගම විසින් අලෙවි කිරීමට ලැයිස්තුගත කර ඇති Yoga Mats පහත පරිදි වේ.

Apple වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට, Maduka eKOlite නම් Yoga Mat එක සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වන අතර එහි මතුපිට biodegradable ආකාරයට නිපදවා තිබීම හේතුවෙන් එහි මතුපිට ක්ෂුද්‍ර ජීවීන් ඉක්මනින් විනාශ වීම සිදු වනවා. එමෙන්ම එහි ඇති grippy ගතිය නිසා එය භාවිතා කරන්නාට ලිසීමකින් ඔරව තම යෝගා අභ්‍යාසවල යෙදීමට හැකිය.

Apple සමාගම විසින් දෙසැම්බර් 14 වන දින එලිදැක්වීම්ට නියමිත Fitness+ සේවාව සමඟ පහත workouts සඳහා සහය ලැබීම සිදුවනවා.

  • Yoga
  • Cycling
  • Dance
  • Treadmill Walk / Run
  • Strength
  • Core
  • High-Intensity Interval Training (HIIT)
  • Rowing
  • Mindful cooldown

මෙම නවතම Apple Fitness+ සේවා ඔබගේ iPad, Apple TV හෝ iPhone එක හරහා භාවිතා කල හැකි අතර අදාල මිණුම් සියල්ලම ඒවායේ තිරය මතට ගෙන්වා ගත හැක. මෙම සේවාව මසකට ඇමරිකානු ඩොලර් 9.99කට මිලදී ගැනීම සිදු කල හැකි අතර Apple One subscription එක සමඟ මිලදී ගැනීම සිදු කරන්නේ නම් Apple Music, Apple TV+, Apple Arcade (for gaming), Apple News+, සහ 2TB iCloud storage එකක් සමඟ මසකට ඇමරිකානු ඩොලර් 29.99කට මිලදී ගැනීම සිදු කල හැක.

Source: Apple